Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විලාප ගී 3:31 - Sinhala Revised Old Version

31 මක්නිසාද ස්වාමීන්වහන්සේ සදාකාලයටම අහකදමන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 මන්ද, සමිඳාණන් සදහට ම සිය සේවකයන් ඉවත දමන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 මන්ද, සමිඳාණන් සදහට ම සිය සේවකයන් ඉවත දමන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විලාප ගී 3:31
15 හුවමාරු යොමු  

මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ ඉවත නොදමනසේක, තමන් උරුමයද අත් නොහරිනසේක.


ස්වාමීන්වහන්සේ සදාකාලේටම පහකරනසේක්ද? තවත් කරුණා නොකරනසේක්ද?


මම ඔවුන් වෙතින් අහකට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් අහක්ව නොයන ලෙස මා කෙරෙහි භයවීම ඔවුන්ගේ සිත්වල තබන්නෙමි.


මම සදාකල්ම විවාද නොකරන්නෙමි, සෑම කල්ම උදහස්ව නොසිටින්නෙමි. එසේ සිටියොත් මා ඉදිරියෙහි ආත්මයද මා විසින් මැවූ ප්‍රාණද ක්ලාන්තවී යන්නෝය.


ස්වාමීන්වහන්සේ නුඹලා ස්වකීය සෙනඟ කරගන්ට ප්‍රසන්නවූ බැවින් තමන්ගේ මහත් නාමය නිසා තමන් සෙනඟ අත්නොහරිනසේක.


අපරාධය කමාකරන්නාවූ, ස්වකීය උරුමයේ ඉතිරි අයින්ගේ වරදට දඬුවම් නොකර අරින්නාවූ ඔබවහන්සේ සමාන දෙවිකෙනෙක් කවුද? උන්වහන්සේ කරුණාවට ප්‍රියවන නිසා ස්වකීය උදහස සෑම කල්හිම තබා නොගන්නසේක.


ස්වාමීන්වහන්සේ තෝරාගත් වංශ දෙක උන්වහන්සේ එපාකළසේක කියා මේ සෙනඟ කී දේ නුඹ කල්පනාකරන්නේ නැද්ද? මෙසේ ඔව්හු මාගේ සෙනඟ සුළුකොට මොව්හු මින්මතු ජාතියක්ව නොසිටින්නෝයයි කියති.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යමෙකුට ඉහළ අහස මනින්ටත් පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්ටත් පුළුවන් නම් මමත් මුළු ඉශ්‍රායෙල් වංශය ඔවුන් කළ සියල්ල නිසා එපාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔවුන් සම්පූර්ණව එපමණ වැඩිව සිටින නුමුත් ඔවුන් එසේ කපාදමනු ලැබ, ඔහුද පහවීයන්නේය. [යූදා,] මම නුඹට පීඩාකළ නුමුත් තවත් නුඹට පීඩා නොකරන්නෙමි.


කුමක්හෙයින්ද බිම වැගුරුණ වතුර එකතුකරගන්ට බැරුවාක්මෙන් අප මැරෙන්ටම ඕනෑය; දෙවියන්වහන්සේ වනාහි ප්‍රාණය හානි නොකොට, පන්නාදමනු ලැබූ අය තමන් වෙතින් තවත් පිටවහලෙකු නොවනලෙස යෝජනාකරගන්නාසේක.


දාවිත්ගේ වංශයට මේ කාරණය නිසා පීඩාකරන්නෙමි, එහෙත් සෑම කාලයටම නොවේය කියා කියනසේකැයි කීවේය.


ඈ අහකට ඇරීමෙන් ඔබ මදක් ඈට දඬුවම්කරනසේක; පෙරදිගින් හුළඟ ගසන දවසේදී උන්වහන්සේ තමන්ගේ තද හුළඟින් ඈ පහකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්