ඔහුද: නුඹ අද ඔහු ළඟට යන්නේ මොකටද? අමාවකවත් සබත් දිනයවත් නොවේයයි කීවේය. ඈ ඒකට කමක් නැත කියා,
යෙසායා 1:13 - Sinhala Revised Old Version නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය. Sinhala New Revised Version ඔය නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජා මට ඉවසිය නොහැකි ය. අමාවක් උත්සව ද සබත් දවස් ද ආගමික රැස්වීම් ද මට රිසි නැත. නුඹලාගේ පාපවලින් ඒවා දූෂණය වී ඇත. Sinhala New Revised Version 2018 ඔය නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජා මට ඉවසිය නොහැකි ය. අමාවක් උත්සව ද සබත් දවස් ද ආගමික රැස්වීම් ද මට රිසි නැත. නුඹලාගේ පාපවලින් ඒවා දූෂණය වී ඇත. |
ඔහුද: නුඹ අද ඔහු ළඟට යන්නේ මොකටද? අමාවකවත් සබත් දිනයවත් නොවේයයි කීවේය. ඈ ඒකට කමක් නැත කියා,
සබත් දවස්වලදීද අමාවක දවස්වලදීද මංගල්‍යවලදීද ගණනින් නියම ප්‍රකාරයට නිතරම ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සියලු දවන පූජා ඔප්පුකිරීමත්,
කී වරක් ඔව්හු වනයෙහිදී උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝද, කාන්තාරයේදී උන්වහන්සේට දුක් දුන්නෝද!
පළමුවෙනි දවසේ නුඹලාට ශුද්ධවූ රැස්වීමක්ද සත්වෙනි දවසෙහිත් ශුද්ධවූ රැස්වීමක්ද වන්නේය; ඒ දවස්වල කිසි වැඩක් නොකළ යුතුය, එකිනෙකාගේ කෑම පිණිස උවමනා වැඩක් පමණක්ම කළ යුතුය.
දුෂ්ටයාගේ පූජාව පිළිකුලක්ය; ඔහු එය ප්‍රයෝග සිතින් ගෙනෙන විට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?
තවද අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද මා ඉදිරියෙහි නමස්කාරකරන්ට සියලු මනුෂ්‍යයෝ එන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ගොනෙකු මරන අය මනුෂ්‍යයෙකු මරන්නෙකු මෙන් වේ; බැටළු වස්සෙකු පූජාකරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ; ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නෙකු මෙන් වේ; කට්ටකුමංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරාගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රියවේ.
උන්වහන්සේ තමන් මණ්ඩපය වත්තක් මෙන් පාළුකරදැමූසේක; ස්වකීය රැස්වීමේ ස්ථානය විනාශකළසේක. ස්වාමීන්වහන්සේ සියොන්හි මංගල්‍යය සහ සබත් දවස මතකනැති කෙරෙවුසේක, තමන් උදහසේ කෝපයෙන් රජු සහ පූජකයා එපාකළසේක.
එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා වනාහි ගොස් එකිනෙකා තම තමාගේ දේවරූපවලට සේවයකරන්න, නුඹලා මට ඇහුම්කන්දෙන්නේ නැත්නම් පසුත් එසේ කරන්න. නුමුත් නුඹලා මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින්ද නුඹලාගේ දේවරූපවලින්ද තවත් කෙලසන්නේ නැත.
ඇගේ සියලු ප්‍රීතියද ඇගේ මංගල්‍යයන්ද ඇගේ අමාවක්ද ඇගේ සබත් දවස්ද ඇගේ සියලු නියම රැස්වීම්ද පහකරන්නෙමි.
ශුද්ධවූ උපවාසයක්ද රැස්වීමක්ද ප්‍රසිද්ධකර, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට වැඩිමහල්ලන්ද දේශයේ සියලුම වැසියන්ද රැස්කර, ස්වාමීන්වහන්සේට මොරගසන්න.
මම නුඹලාගේ නුවරවල් පාළුවක් කොට නුඹලාගේ ශුද්ධස්ථාන නටබුන් බවට පමුණුවන්නෙමි, නුඹලාගේ මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.
අනේ නුඹලා මාගේ පූජාසනය පිට නිෂ්ඵලලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසාතබන කෙනෙක් නුඹලා අතරේ ඇත්නම් හොඳය! නුඹලා කෙරේ මට ප්‍රසන්නයක් නැත, නුඹලාගේ අත්වලින් පූජාවක් මා විසින් පිළිගන්නෙත් නැතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
සභාව කැඳවීමටත් සේනාව පිටත්කර වීමටත් පිඹින පිණිස රිදී හොරණෑ දෙකක් සාදාගන්න; ඒවා තළාපු කර්මාන්තයෙන් සාදන්න.
මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේයයි අනාගත වචන මනාකොට කීයේයයි කීසේක.
ඵරිසිවරුනි, නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳ තළාවලින්ද දුරුවලින්ද සියලු පලා වර්ගවලින්ද දශයෙන් එකක් දෙන නුමුත් යුක්තියද දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රේමයද අත්හරින්නහුය. එහෙත් නුඹලා විසින් ඒ දේත් නෑර මේ දේත් කටයුතුව තිබුණේය.
නුමුත් මම නුඹලාට මේ ආඥාව දීමේදී යහපත නොව අයහපත සිද්ධවෙන හැටියට නුඹලා රැස්වන නිසා නුඹලාට ප්‍රශංසා නොකරමි.
දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට දුක් නොදෙන්න; මක්නිසාද උන්වහන්සේ තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.