Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:39 - Sinhala Revised Old Version

39 එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා වනාහි ගොස් එකිනෙකා තම තමාගේ දේවරූපවලට සේවයකරන්න, නුඹලා මට ඇහුම්කන්දෙන්නේ නැත්නම් පසුත් එසේ කරන්න. නුමුත් නුඹලා මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින්ද නුඹලාගේ දේවරූපවලින්ද තවත් කෙලසන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 එම්බා ඉශ්රායෙල් වංශය! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලා මට සවන් දෙන්නේ නැත්නම්, ගොස් එකිනෙකා තම තමන්ගේ දේව රූපවලට දැනුත් මතුත් සේවය කරන්න. එහෙත්, මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින් ද නුඹලාගේ දේව රූපවලින් ද තවත් නොකෙලෙසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 එම්බා ඉශ්රායෙල් වංශය! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලා මට සවන් දෙන්නේ නැත්නම්, ගොස් එකිනෙකා තම තමන්ගේ දේව රූපවලට දැනුත් මතුත් සේවය කරන්න. එහෙත්, මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින් ද නුඹලාගේ දේව රූපවලින් ද තවත් නොකෙලෙසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:39
21 හුවමාරු යොමු  

එප්‍රායිම් දේවරූපවලට බැඳි සිටියි; ඔහු නිකම් සිටියාවේ.


උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය,මෙය මාගේ සිංහාසනයේ ස්ථානය සහ මාගේ පාද පතුල්වල ස්ථානයත්ය, මම මෙහි ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සදාකාලේටම වාසයකරන්නෙමි. ඉශ්‍රායෙල් වංශයවත් ඔවුන්ගේ රජවරුන්වත් තමුන්ගේ වේශ්‍යාකම්වලින්ද තමුන්ගේ රජවරුන්ගේ මළකඳන් වැනි ඔවුන්ගේ උසස්ථානවලින්ද මාගේ ශුද්ධවූ නාමය තවත් අපවිත්‍ර නොකරන්නෝය;


නුඹලා විසින් තෝරාගත් දෙවිවරුන් කරා ගොස් ඔවුන්ට මොරගසන්න; ඔව්හු නුඹලාගේ විපත්ති කාලයේදී නුඹලා ගළවත්වයි කීසේක.


මේ නිසා සැබෑව විශ්වාස නොකොට අධර්මිෂ්ඨකමට ප්‍රසන්නවූ සියල්ලන්ම විනිශ්චය කරනු ලබන පිණිස,


ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන.


ගොනෙකු මරන අය මනුෂ්‍යයෙකු මරන්නෙකු මෙන් වේ; බැටළු වස්සෙකු පූජාකරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ; ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නෙකු මෙන් වේ; කට්ටකුමංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරාගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රියවේ.


දුෂ්ටයාගේ පූජාව පිළිකුලක්ය; ඔහු එය ප්‍රයෝග සිතින් ගෙනෙන විට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?


එහෙයින් ඔවුන් තමුන්ගේ මන්ත්‍රණවල හැසිරෙන ලෙස ඔවුන්ගේ සිත් දැඩිකමෙහි ඔවුන් අත්හැරියෙමි.


එලිෂා ඉශ්‍රායෙල් රජුට කථාකොට: මාගෙන් නුඹට කම මොකද? නුඹේ පියාගේ ප්‍රොපේතවරුන් ළඟටත් නුඹේ මවුගේ ප්‍රොපේතවරුන් ළඟටත් ගිය මැනවැයි කීවේය. ඉශ්‍රායෙල් රජද: එසේ නොවේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෝවබ්වරුන් අතට පාවාදෙන පිණිස මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි ඔහුට කීවේය.


එවිට දෙවියන්වහන්සේ ඔවුන් වෙතින් හැරී, අහස් සේනාවට මෙහෙකරන්ට ඔවුන් අත්හැර දැමූසේක; අනාගත වක්තෘවරුන්ගේ පොතේ ඒ ගැන මෙසේ ලියා තිබේ, කෙසේද: එම්බා ඉශ්‍රායෙල් වංශය, මැරුවාවූ මෘගයන් හා යාග නුඹලා වනයෙහිදී සතළිස් අවුරුද්දක් මට පූජාකළහුද?


යමෙකුගේ ඇට ගෙයින් පිටතට ගෙනයන්ට ඔහුගේ මාමාද ඔහු පුලුස්සන්නාද ඔහු උස්සන විට, ගෙය ඇතුළේ ඉන්න අයට කථාකරමින්: නුඹ සමඟ තවත් යමෙක් ඇද්දැයි අසන්නේය; ඔහු: නැතැයි කියනවා ඇත. එවිට ඔහු: නිශ්ශබ්දව ඉඳින්න; ස්වාමීන්වහන්සේගේ නාමය අප විසින් සඳහන්කරන්ට හොඳ නැතැයි කියනවා ඇත.


ස්වාමීන්වහන්සේට සේවයකිරීම නුඹලාට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය නුඹලාගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ නුඹලා වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ නුඹලා සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්–මමද මාගේ පවුලද–ස්වාමීන්වහන්සේට සේවයකරමුයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්