යාකොබ් 1:26 - Sinhala Revised Old Version යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය. Sinhala New Revised Version යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත. සිංහල කාලීන පරිවර්තනය යමෙක් තම දිව පාලනය නො කර, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු තමාම රවටා ගනී. ඔහුගේ භක්තිවන්තකම ද හිස් එකකි. Sinhala New Revised Version 2018 යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත. |
උන්වහන්සේ තමන්ගේ පටිය ලිහා මට පීඩාකළ බැවින්, ඔව්හු මා ඉදිරියෙහි කටකලියාව අහක දැමුවෝය.
තේරුම් නැති අශ්වයෙක් හෝ අශ්වතරයෙක් මෙන් නොවව්. උන් දමනයකරන පිණිස කටකලියාව සහ පටිය දැමිය යුතුය, නැතහොත් උන් ඔබට ළං නොවෙති.
නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය.
ඔහු කන්නේ අළුය. තමාගේ ප්‍රාණය ගළවාගන්ටවත්: මාගේ දකුණතේ බොරුවක් තිබෙනවා නොවේදැයි කියන්ටවත් බැරි ලෙස ඔහුගේ සිත රැවටී, ඔහු මුළාව ගොස් සිටියි.
නුඹලා කථාකොට: දෙවියන්වහන්සේට සේවයකිරීම නිෂ්ඵලය. අපි උන්වහන්සේගේ නියමය පවත්වා, සේනාවල ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශෝකලෙස හැසුරුණායින් ඇති වාසිය මොකද?
මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේයයි අනාගත වචන මනාකොට කීයේයයි කීසේක.
මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, නිරර්ථකයේ මට නමස්කාරකරතියි ලියා තිබෙන ලෙස වංචාකාරවූ නුඹලා ගැන යෙසායා මනාලෙස අනාගතවාක්‍යයෙන් කීයේය.
එබැවින් නුඹලා අසන්නේ කෙසේද කියා බලාගන්න. මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලබන්නේය; යමෙකුට නැත්තේද ඔහුට ඇතැයි සිතන දේත් ඔහුගෙන් පැහැරගනු ලබන්නේයයි කීසේක.
එසේය, මළාහු නැගුටුවනු නොලබත් නම් දෙවියන්වහන්සේ විසින් නොනැගිටෙවුවාවූ ක්‍රිස්තුස්වහන්සේව උන්වහන්සේ නැගිටෙවූසේකැයිද අප උන්වහන්සේ ගැන සාක්ෂි දුන් බැවින්, අපත් දෙවියන්වහන්සේ ගැන බොරු සාක්ෂිකාරයන් බව පෙනේ.
නුඹලා ගැළවීමට පැමිණෙවුවාවූ ශුභාරංචිය නුඹලාට දන්වමි. මා නුඹලාට ප්‍රකාශකළ කාරණා නුඹලා අල්ලාගෙන සිටින්නහු නම්, කුමන වචනවලින් එය නුඹලාට දේශනාකෙළෙම්දැයි දන්වමි. නැත්නම් නුඹලා නිෂ්ඵලලෙස ඇදහුවහුය.
කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.
නුමුත් ප්‍රධානයන්ය කියා සිතනලද තැනැත්තන්ගෙන් මට අමුතු කිසිවක් ලැබුණේ නැත. (ඔවුන් කොහොම අයවල්ව සිටියත් මට කමක් නැත; දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ තරාතිරම නොබලනසේක.) එසේය, ඒ ප්‍රධානයන්ගෙන් මට අමුතු කිසිවක් ලැබුණේ නැත.
එවිට කණු මෙන් සලකනු ලැබුවාවූ යාකොබ්ද කේපස්ද යොහන්ද, මට දෙනලද අනුග්‍රහය දැනගත් කල, මටද බාර්ණබස්ටද පංගුකාරකමේ දකුණත දුන්නෝය. එසේ කළේ අප අන්‍යජාතීන් වෙතටද ඔවුන් චර්මඡේදිතයන් වෙතටද යන පිණිසය.
නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කියන්න.
නුඹලාගේ සිත් රැවටී, නුඹලා අහක්ව ගොස්, අන් දෙවිවරුන්ට සේවයකරමින් නමස්කාර නොකරන හැටියට බලාගන්න.
නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නුඹලා මේක දන්නහුය. නුමුත් එක එක මනුෂ්‍යයා ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.
මක්නිසාද: ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කථාකිරීමෙන්ද වලක්වාගනීවා.