ඔහු ලෙබනොන්හි තිබෙන කිහිරි ගස පටන් භිත්තියෙන් හටගන්න හිසොප් ගහ දක්වා ගස් ගැන කථාකෙළේය. ඔහු මෘගයන්ද පක්ෂීන්ද බඩගා යන සතුන්ද මත්ස්‍යයන්ද ගැනත් කථාකෙළේය.
ප්‍රේම ගී 4:8 - Sinhala Revised Old Version මාගේ මනමාලිය, ලෙබනොන්හි සිට, එසේය, ලෙබනොන්හි සිට මා සමඟ එන්න. අමානායේ මුදුනෙත් සෙනීර් සහ හෙර්මොන් මුදුනෙත් සිංහයන්ගේ ගුහාවලත් අඳුන්දිවියන්ගේ කඳුවලත් සිට බලන්න. Sinhala New Revised Version මාගේ මනාලිය, ලෙබනොන් සිට, එසේ ය, ලෙබනොන් සිට මා සමඟ එන්න සිංහයන්ගේ ගුහා වන, අඳුන් දිවියන්ගේ කඳු වන සෙනීර් සහ හෙර්මොන් කඳු මුදුනෙන් ද අමානා කඳු මුදුනෙන් ද බලන්න. Sinhala New Revised Version 2018 මාගේ මනාලිය, ලෙබනොන් සිට, එසේ ය, ලෙබනොන් සිට මා සමඟ එන්න සිංහයන්ගේ ගුහා වන, අඳුන් දිවියන්ගේ කඳු වන සෙනීර් සහ හෙර්මොන් කඳු මුදුනෙන් ද අමානා කඳු මුදුනෙන් ද බලන්න. |
ඔහු ලෙබනොන්හි තිබෙන කිහිරි ගස පටන් භිත්තියෙන් හටගන්න හිසොප් ගහ දක්වා ගස් ගැන කථාකෙළේය. ඔහු මෘගයන්ද පක්ෂීන්ද බඩගා යන සතුන්ද මත්ස්‍යයන්ද ගැනත් කථාකෙළේය.
දමස්කයෙහි ගංගා වන අබානා සහ පර්පර් ඉශ්‍රායෙල් දේශයේ සියලු ජලවලට වඩා හොඳ නොවේද? ඒවායේ නාලා පවිත්‍රවෙන්ට මට බැරිදැයි කීවේය. මෙසේ ඔහු කෝපයෙන් හැරී ගියේය.
මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ පුත්‍රයෝ දේශයෙහි වාසයකළෝය. ඔව්හු බාෂාන් පටන් බාල්-හෙර්මොන්ද සෙනීර්ද හෙර්මොන් කන්දද දක්වා ගණනින් වැඩිවූවෝය.
දියණියෙනි, අසව, කල්පනාකරව, කන් යොමුකරව; නුඹේම සෙනඟත් නුඹේ පියාණන්ගේ ගෙදරත් සිහිනැතිකරව;
පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශෂ්‍ය වන්නේය; එහි කරල් ලෙබනොන් මෙන් ලෙළ දෙන්නේය. නුවර වැසියෝ පොළොවේ තෘණ මෙන් සඵලවන්නෝය.
දිඹුල් ගසේ අමු ගෙඩි ඉදීගන එයි, මිදිවැල්වල මල් පිපී, සුවඳ හමයි. මාගේ සොඳුර, මාගේ ශෝභන තැනැත්තිය, නැගිට එන්න.
මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමඟ රැස්කරගතිමි, මාගේ මීවදේ සමඟ මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමඟ මාගේ මුද්‍රිකපානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න, එසේය, බොහෝසෙයින් බොන්න.
මක්නිසාද තරුණයෙකු විසින් කන්‍යාවක් පාවගන්නාක්මෙන් නුඹේ පුත්‍රයෝ නුඹ සරණපාවාගන්නෝය. මනමාලයා මනමාලී කෙරෙහි ප්‍රීතිවන්නාක්මෙන් නුඹේ දෙවියන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රීතිවනසේක.
ඔව්හු නුඹේ තට්ටු සියල්ල සෙනීර්හි දේවදාර ලීවලින් සෑදුවෝය. නුඹට කුඹගසක් සාදන්ට ඔව්හු ලෙබනොන්හි කිහිරි ගස් ගත්තෝය.
යමෙක් මට සේවයකෙරේ නම් ඔහු මා අනුව ඒවා; මම යම් තැනක සිටිම්ද එතැන මාගේ සේවකයාද සිටින්නේය. යමෙක් මට සේවයකෙරේ නම් ඔහුට මාගේ පියාණෝ ගෞරවකරනසේක.
එගොඩට ගොස් යොර්දානෙන් එතර තිබෙන ඒ යහපත් දේශයද ඒ ශෝභන කඳු රටද ලෙබනොන්ද දකින පිණිස මට යන්ට ඉඩදුන මැනවයි කීයෙමි.
නැගෙනහිරට යොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වාද මුළු නැගෙනහිර අරබා සමභූමියටද ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහරදී හිමිකරගත්තාවූ ඒ දේශයේ රජවරු මොව්හුය.