Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 12:1 - Sinhala Revised Old Version

1 නැගෙනහිරට යොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වාද මුළු නැගෙනහිර අරබා සමභූමියටද ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහරදී හිමිකරගත්තාවූ ඒ දේශයේ රජවරු මොව්හුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වා ද මුළු නැගෙනහිර අරබා සමභූමියට ද ඉශ්රායෙල් සෙනඟ පහර දී හිමි කරගත්තෝ ය. ඒ දේශයේ රජවරු මොවුහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වා ද මුළු නැගෙනහිර අරබා සමභූමියට ද ඉශ්රායෙල් සෙනඟ පහර දී හිමි කරගත්තෝ ය. ඒ දේශයේ රජවරු මොවුහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 12:1
24 හුවමාරු යොමු  

පසුව ඔව්හු කාන්තාරය මැදින් ගමන්කොට ඒදොම් දේශයත් මෝවබ් දේශයත් වටකරින් ගොස්, මෝවබ් දේශයට නැගෙනහිරින් අවුත්, මෝවබ් සීමාව ඇතුළට නොපැමිණ, අර්ණොන් ඔයෙන් එගොඩ කූඩාරම් පිහිටුවාගත්තෝය, මක්නිසාද අර්ණොන් ඔය වනාහි මෝවබ් සීමාවය.


නුඹලාගෙන් බලසම්පන්න පුරුෂයෝව සිටින සියල්ලෝ සන්නද්ධව නුඹලාගේ සහෝදරයන්ට පෙරටුව ගොස් ඔවුන්ට උපකාරකරන්න. ඉන්පසු ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් යොර්දානෙන් මෙගොඩ නැගෙනහිර දිශාවෙහි නුඹලාට දුන් නුඹලාගේ උරුම කොටසවූ දේශයට හැරී ඇවිත් ඒක භුක්තිවිඳින්නැයි කීවේය.


එවිට ඉශ්‍රායෙල්වරු ඔහුට කඩුමුවහතින් පහරදී අර්ණොන් පටන් යබ්බොක්ට පැමිණෙනතුරු අම්මොන් පුත්‍රයන්ගේ සීමාව දක්වා ඔහුගේ දේශය හිමිකරගත්තෝය. මක්නිසාද අම්මොන් පුත්‍රයන්ගේ සීමාව බලවත්ව තිබුණේය.


එතැනින් ඔව්හු පිටත්ව ගොස් අමෝරිවරුන්ගේ සීමාවෙන් ගලායන්නාවූ, කාන්තාරයෙහි තිබෙන අර්ණොන් ගඟ එගොඩ කූඩාරම් ගසාගත්තෝය. අර්ණොන් වනාහි මෝවබ්වරුන් හා අමෝරිවරුන් අතරේ තිබෙන මෝවබ් රටේ සීමාවය.


මක්නිසාද මෝවබ්හි දූවරු මුළාව යන කුරුල්ලන්මෙන්, අත්හරිනලද පක්ෂි කැදැල්ලක්මෙන්, අර්නොන්හි තොටුපළවල සිටින්නෝය.


සියොන් කඳු පිටට බසින්නාවූ හෙර්මොන්හි පිනි හා සමානය. මක්නිසාද ස්වාමීන්වහන්සේ එහිදී ආශීර්වාදය, එනම් සදාකාල ජීවනය, නියමකළ සේක.


දැන් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ සහෝදරයන්ට කී ප්‍රකාරයට ඔවුන්ට විශ්‍රාම දුන්සේක. නුඹලා ඉතින් හැරී ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් යොර්දානෙන් එගොඩ නුඹලාට දුන් උරුම දේශයෙහි නුඹලාගේ කූඩාරම්වලට යන්න.


කඳු රටද මුළු දකුණු දිශාවද මුළු ගෝෂෙන් රටද පාත රටද අරබා සමභූමියද ඉශ්‍රායෙල් කඳු රටද එහි පාත රටද යන මුළු දේශය යෝෂුවා අත්කරගන, එහි සියලු රජුන්ද අල්වා, ඔවුන්ට පහරදී ඔවුන් මැරුවේය.


නැගෙනහිරෙන් සහ බස්නාහිර දිගෙනුත් සිටිය කානානිවරුන්ටද අමෝරිවරුන්ටද හිත්තීවරුන්ටද පෙරිස්සිවරුන්ටද කඳු රටේ සිටි යෙබූසිවරුන්ටද මිශ්පා දේශයෙහි හෙර්මොන්ට පහළින් සිටිය හෙවීවරුන්ටද කියා යැවීය.


නැගෙනහිරට තිබෙන අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා වන සීහොන්ගේ දේශයද බාෂාන්හි රජවූ ඕග්ගේ දේශයද,


නුඹලා නැගිට ගමන් ගෙන අර්ණොන් ඔයෙන් එතරට යන්න. බලව, මම හෙෂ්බොන්හි රජවූ අමෝරියවූ සීහොන්ද ඔහුගේ දේශයද නුඹ අතට දුනිමි. ඒක හිමිකර ගන්ට පටන්ගෙන ඔහුට විරුද්ධව යුද්ධ කරන්න.


මක්නිසාද යොර්දානෙන් මෙගොඩ නැගෙනහිර පැත්තෙහි අපේ උරුමය අපට ලැබී තිබෙද්දී අපි ඔවුන් සමඟ යොර්දානෙන් එගොඩත් එයින් එහාත් උරුමය නොගන්නෙමුයයි කීවෝය.


මෝසෙස් ඔවුන්ට එනම් ගාද් පුත්‍රයන්ටත් රූබෙන් පුත්‍රයන්ටත් යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ රාජ්‍යයද බාෂාන්හි රජවූ ඕග්ගේ රාජ්‍යයද යන දේශය සහ එහි සීමාවල නුවරවල් වන දේශයෙහි වටකර තිබුණු නුවරවල්ද දුන්නේය.


අනික් අර්ධ ගෝත්‍රයටත් රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් දුන්නාවූ ඔවුන්ගේ උරුමය නැගෙනහිරට යොර්දානෙන් එගොඩ ඔවුන්ට ලැබී තිබුණේය.


උතුරත් දකුණත් මැවුවේ ඔබය. තාබොර් සහ හෙර්මොන් ඔබගේ නාමය කෙරෙහි ප්‍රීතිවෙති.


ඔවුන්ගේ දේශය උරුමයක් කොට දුන් උන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


ඉශ්‍රායෙල්වරු අමෝරිවරුන්ගේ රජවූ සීහොන් වෙතට පණිවිඩකාරයන් යවමින්:


අපි සන්නද්ධව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කානාන් දේශයට එතරව යන්නෙමුව, අපේ උරුම කොටස යොර්දානෙන් මෙගොඩ අපට වේවයි කීවෝය.


එවිට සීහොන්ද ඔහුගේ මුළු සෙනඟද අපට විරුද්ධව සටන්කරන පිණිස යහශ්ට ආවෝය.


එකල අපි හැරී බාෂාන්ට යන මාර්ගයෙන් නැගී ගියෙමුව. බාෂාන්හි රජවූ ඕග් සහ ඔහුගේ මුළු සෙනඟද සටන්කරන්ට අපට විරුද්ධව එද්රෙයිට ආවෝය.


මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි තැබූ ව්‍යවස්ථාව මේය.


මෝසෙස් සහ ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ආ කල සීහොන් රජුට පහරදී,


අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේද බාෂාන්හි රජවූ ඕග්ගේද දේශයවූ ගිලියද් දේශයෙහි සිටිය උරීගේ පුත්‍රවූ ගෙබෙර්ය; ඒ දේශයෙහි සිටියේ එක මුලාදෑනියෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්