ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය.
නෙහෙමියා 11:30 - Sinhala Revised Old Version සානොවාහිද අදුල්ලාම්හි සහ ඒවායේ ගම්වලද, ලාකීෂ්හි සහ ඒකේ කෙත්වලද, අසේකාහි සහ ඒකේ ගම්වලද විසුවෝය. මෙසේ ඔව්හු බෙයෙර්-ෂෙබා සිට හින්නොම්ගේ මිටියාවත දක්වා කූඩාරම් ගසාගත්තෝය. Sinhala New Revised Version ශානොවාහි ද අදුල්ලාම්හි සහ ඒවායේ ගම්වල ද ලාකීෂ්හි සහ එහි කෙත්වල ද අශේකාහි සහ එහි ගම්වල ද විසූ හ. මෙසේ ඔව්හු බෙයර්-ෂෙබා සිට හින්නොම්ගේ මිටියාවත දක්වා කූඩාරම් ගසාගත්තෝ ය. Sinhala New Revised Version 2018 ශානොවාහි ද අදුල්ලාම්හි සහ ඒවායේ ගම්වල ද ලාකීෂ්හි සහ එහි කෙත්වල ද අශේකාහි සහ එහි ගම්වල ද විසූ හ. මෙසේ ඔව්හු බෙයර්-ෂෙබා සිට හින්නොම්ගේ මිටියාවත දක්වා කූඩාරම් ගසාගත්තෝ ය. |
ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය.
මොව්හු ඉෂ්මායෙල්ගේ ප්‍රත්‍රයෝය, මොවුන්ගේ ගම් සහ කඳවුරු ප්‍රකාරයට මොවුන්ගේ නම් මේය; මොව්හු ස්වකීය ජාති ප්‍රකාරයට අධිපතියෝ දොළොස් දෙනෙක් වූහ.
කිසිවෙක් තමාගේ පුත්‍රයෙක්වත් දුවෙක්වත් මොලෙක්ට ගින්නෙන් කැප නොකරන පිණිස ඔහු හින්නොම් පුත්‍රයනගේ මිටියාවතෙහි තිබෙන තොපෙත් දූෂ්‍යකෙළේය.
මිටියාවතේ දොරටුව හානූන්ද සානොවේ වැසියෝද අලුත්වැඩියාකළෝය; ඔව්හු ඒක ගොඩනගා, ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තබා, කසළ දොරටුව දක්වා පවුරෙන් රියන් දාහක්ද අලුත්වැඩියාකළෝය.
අෂූර්හි රජු ලාකීෂ් හැර ගිය බව රබ්-ෂාකේ අසා ආපසු ගිය විට, ඔහු ලිබ්නාට විරුද්ධව යුද්ධකරන බව දැනගත්තේය.
හාර්සිත් නම් දොරටුව ළඟ තිබෙන හින්නොම් පුත්‍රයාගේ මිටියාවතට පැමිණ මා විසින් නුඹට කියන වචන එහිදී ප්‍රකාශකරමින් මෙසේ කියන්න:
එබැවින් මේ ස්ථානයට තෝපෙත්ය කියාවත් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතය කියාවත් තවත් නොකියා, මැරීමේ මිටියාවතය කියන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද මොලෙක්ට දවා කැපකරන්ට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි තිබෙන බාල්ගේ උස් තැන් ගොඩනැගුවෝය. එසේ යූදාවරුන් විසින් පව්කරන හැටියට ඒ පිළිකුල කිරීමට මා ඔවුන්ට අණකළේවත් එය මාගේ සිතට පැමුණුණේවත් නැත.
එම්බා මරේෂාහි වාසය කරන්නිය, නුඹ හිමිකරගන්නා නැවත නුඹ ළඟට පමුණුවන්නෙමි. ඉශ්‍රායෙල්ගේ තේජස අදුල්ලාම්ට පවා පැමිණෙන්නේය.
එබැවින් යෙරුසලමේ රජවූ අදෝනි-ශෙදෙක්: ගිබියොන්වරුන් යෝෂුවාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද සමඟ සමාදානවූ නිසා අප ඊට පහරදෙන පිණිස මා වෙතට අවුත් මට උපකාර කරන්නැයි
එතනින් සීමාව යෙබූසිවරුන් වාසය කළ යෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත මැදින් නැගී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන්ද රෙඵාවරුන්ගේ මිටියාවතේ කෙළවරට උතුරෙන්ද තිබෙන කන්ද මුදුනට ගියේය.
එතනින් සීමාව හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත ඉදිරිපිට රෙඵාවරුන්ගේ මිටියාවතෙහි උතුරට තිබෙන කන්දේ කෙළවරට බැස, එතනින් යෙබූසිවරුන්ට දකුණු පැත්තෙන් තිබෙන හින්නොම්ගේ මිටියාවතට බැස, එතනින් ඒන්-රොගෙල්ට බැස්සේය.