Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 37:8 - Sinhala Revised Old Version

8 අෂූර්හි රජු ලාකීෂ් හැර ගිය බව රබ්-ෂාකේ අසා ආපසු ගිය විට, ඔහු ලිබ්නාට විරුද්ධව යුද්ධකරන බව දැනගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 අසිරියාවේ අධිරාජයා ලාකීෂ් හැර ගොස් ලිබ්නා නුවරට විරුද්ධ ව සටන් කරන බව අසා ඔහු හමුවන පිණිස ප්‍රධාන නිලධාරියා එතැනට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 අසිරියාවේ අධිරාජයා ලාකීෂ් හැර ගොස් ලිබ්නා නුවරට විරුද්ධ ව සටන් කරන බව අසා ඔහු හමුවන පිණිස ප්‍රධාන නිලධාරියා එතැනට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 37:8
10 හුවමාරු යොමු  

මක්කේදාහි සිට යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් සමඟ ලිබ්නාට ගොස් ලිබ්නාට විරුද්ධව යුද්ධකෙළේය.


මෙසේ ඒදොම්වරු අද දක්වා යූදාවරුන් යටතෙන් අහක්වී සිටිති. තවද ලිබ්නාවරුත් එම කාලයේදී කැරළිගසා ඔහු යටතෙන් අහක්වුණෝය. මෙසේ වුණේ ඔහු තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරිය නිසාය.


මෙසේ ඒදොම්වරු අද දක්වා යූදාවරුන්ට විරුද්ධව කැරළිගසන්නෝය. එම කාලයේදී ලිබ්නාවරුද කැරළිගැසුවෝය.


ඔව්හු පූජක ආරොන්ගේ පුත්‍රයන්ට, මිනීමරන අයට ආරක්ෂා නුවරක්වූ හෙබ්‍රොන් සහ එහි පිට-බිම්ද ලිබ්නා සහ එහි පිට-බිම්ද,


ලාකීෂ්ද බෝශ්කත්ද එග්ලොන්ද,


යර්මුත්හි රජ එක්කෙනෙක්ය; ලාකීෂ්හි රජ එක්කෙනෙක්ය;


ශෙදෙකියා විසි එක් අවුරුදු වයසේදී රජකමට පැමිණ එකොළොස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හමූටල්ය, ඈ ලිබ්නාහි යෙරෙමියාගේ දුවෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්