Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 19:2 - Sinhala Revised Old Version

2 හාර්සිත් නම් දොරටුව ළඟ තිබෙන හින්නොම් පුත්‍රයාගේ මිටියාවතට පැමිණ මා විසින් නුඹට කියන වචන එහිදී ප්‍රකාශකරමින් මෙසේ කියන්න:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 කුඹල් දොරටුව ළඟ තිබෙන බෙන්-හින්නොම් මිටියාවතට පැමිණ, මා නුඹට කියන වචන එහි දී ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 කුඹල් දොරටුව ළඟ තිබෙන බෙන්-හින්නොම් මිටියාවතට පැමිණ, මා නුඹට කියන වචන එහි දී ප්‍රකාශ කරන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 19:2
19 හුවමාරු යොමු  

එතනින් සීමාව යෙබූසිවරුන් වාසය කළ යෙරුසලමට දකුණු පැත්තෙන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවත මැදින් නැගී ගොස්, හින්නොම්ගේ මිටියාවත ඉදිරිපිට බස්නාහිරෙන්ද රෙඵාවරුන්ගේ මිටියාවතේ කෙළවරට උතුරෙන්ද තිබෙන කන්ද මුදුනට ගියේය.


කිසිවෙක් තමාගේ පුත්‍රයෙක්වත් දුවෙක්වත් මොලෙක්ට ගින්නෙන් කැප නොකරන පිණිස ඔහු හින්නොම් පුත්‍රයනගේ මිටියාවතෙහි තිබෙන තොපෙත් දූෂ්‍යකෙළේය.


ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද මොලෙක්ට දවා කැපකරන්ට හින්නොම් පුත්‍රයාගේ මිටියාවතෙහි තිබෙන බාල්ගේ උස් තැන් ගොඩනැගුවෝය. එසේ යූදාවරුන් විසින් පව්කරන හැටියට ඒ පිළිකුල කිරීමට මා ඔවුන්ට අණකළේවත් එය මාගේ සිතට පැමුණුණේවත් නැත.


ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේදී ගින්නෙන් කැපකෙළේය. ඔහු නිමිති බැලීම්ද ශාස්ත්‍රකීම්ද මායම්ද ව්‍යවහාරකොට, ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද ආශ්‍රයකෙළේය. ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ ඔහු බොහෝසෙයින්ම කෙළේය.


ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පුකොට, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේය.


මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි.


නුඹලා ගොස් දේවමාළිගාවේ සිට මේ ජීවනය සම්බන්ධ සියලු වචන සෙනඟට කථාකරන්නැයි කීවේය.


මා විසින් නුඹලාට අඳුරේදී කියන දේ නුඹලා එළියේදී කියන්න. නුඹලාගේ කනට රහසේ ඇසෙන දේ ගෙවල් උඩදී ප්‍රකාශකරන්න.


නුඹ නැගිට නිනිවය නම් මහත් නුවරට ගොස්, මා විසින් නුඹට කියන කාරණා එහි ප්‍රකාශකරන්නැයි කීසේක.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මළුවේ සිට, ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි නමස්කාරකරන්ට එන්නාවූ යූදාහි සියලු නුවරුන්ට කියන්ට මා විසින් නුඹට අණකළ සියලුම වචන ඔවුන්ට කියන්න; වචනයක්වත් අඩු නොකරන්න.


ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ යූදා නුවරවලත් යෙරුසලමේ වීථිවලත් මේ සියලු වචන ප්‍රකාශකොට මෙසේ කියන්න: නුඹලා මේ ගිවිසුමේ වචන අසා ඒවා පවත්වන්න.


නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දොරටුවේ සිට එහිදී මේ වචනය ප්‍රකාශකරන්න. එනම්: ස්වාමීන්වහන්සේට නමස්කාරකරන්ට මේ දොරටුවලින් ඇතුල්වන යූදාහි සියල්ලෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


නුඹ ගොස් උතුරු දෙසට මේ වචන ප්‍රකාශකරන්න: අහක්ව ගියාවූ ඉශ්‍රායෙල්, හැරී එන්නැයි ස්වාමීන්වහන්සේ කියන සේක; මම නුඹලා දෙස කෝපයෙන් නොබලන්නෙමි; මක්නිසාද මම කරුණාවන්තයෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, මම සදාකාලේටම උදහස තබා නොගන්නෙමි.


නුමුත් ස්වාමීන්වහන්සේ මට කථාකොට: මම බාලයෙක්මියි නොකියා, මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස්, මා නුඹට අණකරන සියල්ල කියන්න.


ඔවුන් ගාව ඉම්මේර්ගේ පුත්‍රවූ ශාදොක් තමාගේ ගෙය ඉදිරිපිට අලුත්වැඩියාකෙළේය. ඔහු ගාව නැගෙනහිර දොරටුවේ රැකවලාවූ ෂෙකනියාගේ පුත්‍රවූ ෂෙමායා අලුත්වැඩියාකෙළේය.


නුඹ නැගිට කුම්භකාරයාගේ ගෙට යන්න, එහිදී මාගේ වචනය නුඹට ප්‍රකාශකරන්නෙමියි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්