ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 29:12 - Sinhala Revised Old Version

තවද උගේ ලෙයින් ස්වල්පයක් ගෙන නුඹේ ඇඟිල්ලෙන් පූජාසනයේ අංවල ගා ලේ සියල්ල පූජාසනය මුල වත්කරන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පසුව, උගේ ලේ ගෙන, නුඹ ඇඟිල්ලෙන් එය පූජාසනයේ අං මත තවරා, ඉතුරු ලේ සියල්ල පූජාසනයේ පාමුල ළඟ වත් කළ යුතු යි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පසුව, උගේ ලේ ගෙන, නුඹ ඇඟිල්ලෙන් එය පූජාසනයේ අං මත තවරා, ඉතුරු ලේ සියල්ල පූජාසනයේ පාමුල ළඟ වත් කළ යුතු යි.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 29:12
18 හුවමාරු යොමු  

එහි අං එහි කොන් සතර පිට සාදන්න. අංද ඊට සම්බන්ධවී තිබිය යුතුය. ඒක පිත්තලින් වසන්න.


එවිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඒ ගොනා මරන්න.


එහි දිග රියනක්ද එහි පළල රියනක්ද විය යුතුය; ඒක සතරැස් විය යුතුය. එහි උස දෙරියනක් විය යුතුය. එහි අං ඒ එක්කම තිබිය යුතුය.


ඒකේ අං ඒකේ සතර කොනේ සෑදුවේය. ඒකේ අං ඊටම සම්බන්ධවිය. ඔහු ඒක පිත්තලෙන් වැසුවේය.


තවද ඔහු ගොනාගේ ලෙයින් ස්වල්පයක් ගෙන තමාගේ ඇඟිල්ලෙන් කරුණාසනයෙහි නැගෙන ඉර පැත්තේ ඉසින්නේය; ඔහු කරුණාසනය ඉදිරියෙහි තමාගේ ඇඟිල්ලෙන් ඒ ලේ සත් වරක් ඉසිය යුතුය.


තවද ඔහු ලෙයින් මඳක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ තිබෙන පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ඉතිරි ලේ සියල්ල වත්කළ යුතුය.


පූජකයාද තමාගේ ඇඟිල්ලෙන් පාප පූජාවේ ලේ ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ දවන පූජාසනය මුල වත්කෙරේවා.


පූජකයාද උගේ ලෙයින් මඳක් තමාගේ ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා.


පූජකයා පාප පූජාවේ ලෙයින් මඳක් ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා.


තවද පූජකයා ලෙයින් මඳක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමෙහි තිබෙන සුවඳ දුම් පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ගොනාගේ ලේ සියල්ල වත්කළ යුතුය.


පාප පූජාවේ ලෙයින් ස්වල්පයක් පූජාසනයේ පැත්තේ ඉසිය යුතුය; ඉතිරි ලේ පූජාසනය මුල වැගිරෙන්ට හැරීය යුතුය. එය පාප පූජාවක්ය.


ඔහු ඌ මැරීය; මෝසෙස් ලේ රැගෙන පූජාසනයේ අං වටේ තමාගේ ඇඟිල්ලෙන් ගා පූජාසනයේ දෝෂය පහකොට පූජාසනය මුල ලේ වත්කර එය උදෙසා සමගිකමක් කරන පිණිස එය විශුද්ධ කෙළේය.


ආරොන්ගේ පුත්‍රයෝද ලේ ඔහු ළඟට ගෙනාවෝය. ඔහු තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා පූජාසනයේ අංවල ගා පූජාසනය මුල ලේ වත්කෙළේය.


මක්නිසාද ගොනුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින් පව් පහකරන්ට නුපුළුවන.


ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍රකරනු ලැබේයයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ, ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමාකිරීමකුත් නැත.


උන්වහන්සේ පස්වෙනි මුද්‍රාව කැඩූ කල, දෙවියන්වහන්සේගේ වචනය නිසාද තමුන් දැරූ සාක්ෂිය නිසාද මරනු ලැබූවන්ගේ ආත්ම පූජාසනය යට සිටිනවා දුටිමි.