Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 29:11 - Sinhala Revised Old Version

11 එවිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඒ ගොනා මරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නුඹ ඌ මැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නුඹ ඌ මැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 29:11
10 හුවමාරු යොමු  

තවද ඔහු දවන පූජාවේ සතා මැරුවේය; ආරොන්ගේ පුත්‍රයෝද ඔහුට ලේ අරන් දුන්නෝය, ඔහු ඒවා පූජාසනය පිට වටේට ඉස්සේය.


එවිට ආරොන් පූජාසනයට ළඟාවී තමා උදෙසා වූ පාප පූජාවේ එළවස්සා මැරුවේය.


ඔහු ඌ මැරීය; මෝසෙස් ලේ රැගෙන පූජාසනයේ අං වටේ තමාගේ ඇඟිල්ලෙන් ගා පූජාසනයේ දෝෂය පහකොට පූජාසනය මුල ලේ වත්කර එය උදෙසා සමගිකමක් කරන පිණිස එය විශුද්ධ කෙළේය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට කැඳවාගෙන ඔවුන් වතුරෙන් නාවන්න.


සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිටට ගොනා ගෙනෙන්න. ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝද ගොනාගේ හිස පිට තමන්ගේ අත් තබත්වා.


තවද උගේ ලෙයින් ස්වල්පයක් ගෙන නුඹේ ඇඟිල්ලෙන් පූජාසනයේ අංවල ගා ලේ සියල්ල පූජාසනය මුල වත්කරන්න.


ඔහු තමාගේ අත තමාගේ පූජා සතාගේ ඉස පිට තබා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඌ මරාවා. ආරොන්ගේ පුත්‍රයන්වූ පූජකයෝ පූජාසනය පිට හාත්පසින් ඒ ලේ ඉසිත්වා.


ශුද්ධ ස්ථානයෙහි පාප පූජාවේද දවන පූජාවේද සතුන් මරන ස්ථානයෙහි ඔහු බැටළු පැටවා මැරිය යුතුය. මක්නිසාද පාප පූජාව පූජකයාට අයිතිවාක් මෙන් අපරාධ පූජාවත් අයිතිය. ඒක අතිශුද්ධය.


ඔහු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ස්වාමීන්වහන්සේ ඉදිරියට ගොනා ගෙනවුත් තමාගේ අත ගොනාගේ හිස පිට තබා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගොනා මරන්ට ඕනෑය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්