Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 4:18 - Sinhala Revised Old Version

18 තවද ඔහු ලෙයින් මඳක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ තිබෙන පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ඉතිරි ලේ සියල්ල වත්කළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔහු සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇති සුවඳ දුම් පූජාසනයේ අං මත ලෙයින් කොටසක් දැමිය යුතු ය. පසුව වස්සාගේ ඉතිරි ලේ සියල්ල ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඇති දවන යාගය පුදන පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔහු සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඇති සුවඳ දුම් පූජාසනයේ අං මත ලෙයින් කොටසක් දැමිය යුතු ය. පසුව වස්සාගේ ඉතිරි ලේ සියල්ල ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඇති දවන යාගය පුදන පූජාසනයේ පාමුල වත් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 4:18
11 හුවමාරු යොමු  

තවද පූජකයා ලෙයින් මඳක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමෙහි තිබෙන සුවඳ දුම් පූජාසනයේ අං පිට ගා සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ තිබෙන දවන පූජාසනය මුල ගොනාගේ ලේ සියල්ල වත්කළ යුතුය.


පූජකයාද තමාගේ ඇඟිල්ලෙන් පාප පූජාවේ ලේ ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ දවන පූජාසනය මුල වත්කෙරේවා.


පූජකයාද උගේ ලෙයින් මඳක් තමාගේ ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා.


පූජකයා පාප පූජාවේ ලෙයින් මඳක් ඇඟිල්ලට ගෙන දවන පූජාසනයේ අං පිට ගා උගේ ලේ සියල්ල පූජාසනය මුල වත්කෙරේවා.


පාප පූජාවේ ලෙයින් ස්වල්පයක් පූජාසනයේ පැත්තේ ඉසිය යුතුය; ඉතිරි ලේ පූජාසනය මුල වැගිරෙන්ට හැරීය යුතුය. එය පාප පූජාවක්ය.


ශුද්ධ ස්ථානයෙහි සමගි කිරීම පිණිස යම් පාප පූජාවක ලේවලින් සම්මුඛවීමේ කූඩාරමට ගෙනෙනු ලැබේද ඒ පූජාව නොකෑ යුතුය. එය ගින්නෙන් දවනු ලබන්නේය.


ගොනුන් මැරූ විට පූජකයෝ ලේ රැගෙන පූජාසනය පිට ඉස්සෝය. බැටළුවන්ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝය. එසේම බැටළු පැටවුන්ද මරා ලේ පූජාසනය පිට ඉස්සෝය.


තවද උගේ ලෙයින් ස්වල්පයක් ගෙන නුඹේ ඇඟිල්ලෙන් පූජාසනයේ අංවල ගා ලේ සියල්ල පූජාසනය මුල වත්කරන්න.


ආරොන් අවුරුද්දට වරක් එහි අං පිට සමඟිකමක් කරන්නේය. ඔහු නුඹලාගේ පරම්පරාවල අවුරුද්දට වරක් සමඟිකමේ පාප පූජාවේ ලෙයින් ඒක උදෙසා සමඟිකමක් කරන්නේය. ඒක ස්වාමීන්වහන්සේට අති ශුද්ධයයි කීසේක.


ඔහු ඌ මැරීය; මෝසෙස් ලේ රැගෙන පූජාසනයේ අං වටේ තමාගේ ඇඟිල්ලෙන් ගා පූජාසනයේ දෝෂය පහකොට පූජාසනය මුල ලේ වත්කර එය උදෙසා සමගිකමක් කරන පිණිස එය විශුද්ධ කෙළේය.


ආරොන්ගේ පුත්‍රයෝද ලේ ඔහු ළඟට ගෙනාවෝය. ඔහු තමාගේ ඇඟිල්ල ලෙයෙහි ගල්වා පූජාසනයේ අංවල ගා පූජාසනය මුල ලේ වත්කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්