ඔබ සීනයි කන්ද පිටට බැස, ස්වර්ගයේ සිට ඔවුන් සමඟ කථාකර, හරිවූ විනිශ්චයන්ද සැබෑ ව්‍යවස්ථාවන්ද යහපත් පනත්ද ආඥාද ඔවුන්ට දුන්සේක.
නික්මයාම 20:1 - Sinhala Revised Old Version දෙවියන්වහන්සේ කථාකොට: මේ සියලු වචන වදාරනසේක්: Sinhala New Revised Version දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක: Sinhala New Revised Version 2018 දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක: |
ඔබ සීනයි කන්ද පිටට බැස, ස්වර්ගයේ සිට ඔවුන් සමඟ කථාකර, හරිවූ විනිශ්චයන්ද සැබෑ ව්‍යවස්ථාවන්ද යහපත් පනත්ද ආඥාද ඔවුන්ට දුන්සේක.
මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
සීනයි කන්දේදී තමාට කථාකළ දේවදූතයා සමඟද අපගේ පියවරුන් සමඟද කාන්තාරයේ සභාවෙහි සිටියෙත්, අපට දෙන පිණිස ජීවන වාක්‍යයන් ලැබුවෙත් මොහුය.
නුඹලා දේවදූතයන් කරණකොටගෙන නියමකරන ලද ආකාරයෙන් ව්‍යවස්ථාව ලැබත්, එය රක්ෂා නොකළහුය යනුයි.
රැස්වීමේ දවසෙහි ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්න මැද සිට නුඹලාට වදාළ දශවාක්‍යය පළමු ලියවිල්ල ලෙස උන්වහන්සේ ඒ ලෑලිවල ලියා ඒවා මට දුන්සේක.
ගින්න මැද සිට කථාකරන දෙවියන්වහන්සේගේ හඬ නුඹ විසින් ඇසුවාක් මෙන් වෙන යම් සෙනඟක් අසා ජීවත් වුණාද?
උන්වහන්සේ නුඹට උගන්වන පිණිස තමන්වහන්සේගේ හඬ අහසෙන් නුඹට ඇසෙන්ට සලස්වා, පොළොව පිට තමන්වහන්සේගේ මහත් ගින්න නුඹට දැක්වූසේක; උන්වහන්සේගේ වචනද ගින්න මැදින් නුඹට ඇසුණේය.
මේ වචන ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්නද වලාකුළද කළුවරද මැද සිට නුඹලාගේ මුළු සභාවට මහත් හඬකින් කීසේක. උන්වහන්සේ තවත් නොකියා ඒවා ගල්ලෑලි දෙකක ලියා මට දුන්සේක.