Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 4:33 - Sinhala Revised Old Version

33 ගින්න මැද සිට කථාකරන දෙවියන්වහන්සේගේ හඬ නුඹ විසින් ඇසුවාක් මෙන් වෙන යම් සෙනඟක් අසා ජීවත් වුණාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 ගින්න මැද සිට කතා කළ දෙවියන් වහන්සේට ඔබ සවන් දුන්නාක් මෙන් කිසියම් සෙනඟක් උන් වහන්සේගේ හඬට සවන් දී ජීවත් ව සිටිත් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ගින්න මැද සිට කතා කළ දෙවියන් වහන්සේට ඔබ සවන් දුන්නාක් මෙන් කිසියම් සෙනඟක් උන් වහන්සේගේ හඬට සවන් දී ජීවත් ව සිටිත් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 4:33
13 හුවමාරු යොමු  

ඒ ස්වාමීන්වහන්සේගේ දූතයා බව ගිඩියොන් දැක: අහෝ, ස්වාමිවූ දෙවියන්වහන්ස! මක්නිසාද මම ස්වාමීන්වහන්සේගේ දූතයා මුහුණට මුහුණලා දුටිමියි කීය.


බලව, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ තේජසද මහන්තත්ත්වයද දැක්වූසේක, උන්වහන්සේගේ හඬද ගින්න මැදින් අපට ඇසුණේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා සමඟ කථාකරලාත් ඔහු ජීවත්ව සිටින බව අද දවසේ අපි දුටිමුව.


තවද උන්වහන්සේ: මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන. මක්නිසාද මනුෂ්‍යයා මා දැක ජීවත්නොවන්නේයයි කීසේක.


මක්නිසාද මාංසමයවූ සියල්ලන්ගෙන්, අප ඇසුවාක් මෙන් ගින්න මැද සිට කථාකරන ජීවමාන දෙවියන්වහන්සේගේ හඬ අසා ජීවත්ව සිටියේ වෙන කවරෙක්ද?


උන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ උත්තමයන් පිට අත නොහෙළූසේක, ඔව්හු දෙවියන්වහන්සේ දැකලාත් කා බී සිටියෝය.


දෙවියන්වහන්සේගේ ඇඟිල්ලෙන් ලියනලද ගල්ලෑලි දෙක ස්වාමීන්වහන්සේ මට භාරදුන්නාවූද ප්‍රස්තාවේදීය; රැස්වීමේ දවසේ ස්වාමීන්වහන්සේ කන්දෙහිදී ගිනි මැද සිට නුඹලාට කථාකළ සියලු වචනවල ප්‍රකාරයට ඒවායේ ලියා තිබුණේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න: අහසේ සිට මා නුඹලා සමඟ කථාකළ බව නුඹලාම දුටුවහුය.


උන්වහන්සේ නුඹට උගන්වන පිණිස තමන්වහන්සේගේ හඬ අහසෙන් නුඹට ඇසෙන්ට සලස්වා, පොළොව පිට තමන්වහන්සේගේ මහත් ගින්න නුඹට දැක්වූසේක; උන්වහන්සේගේ වචනද ගින්න මැදින් නුඹට ඇසුණේය.


ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්න මැද සිට නුඹලා සමඟ මුහුණට මුහුණ ලා කථාකළසේක.


මේ වචන ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්නද වලාකුළද කළුවරද මැද සිට නුඹලාගේ මුළු සභාවට මහත් හඬකින් කීසේක. උන්වහන්සේ තවත් නොකියා ඒවා ගල්ලෑලි දෙකක ලියා මට දුන්සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්