නුඹේ සතුරන් නුඹේ අතට පාවාදුන් මහෝත්තම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවයි කීය. ආබ්‍රම්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය.
නික්මයාම 18:10 - Sinhala Revised Old Version ඔහු කියනුයේ: මිසරවරුන් අතින්ද ඵාරාවෝ අතින්ද නුඹලා මුදා මිසරවරුන් යටතින් සෙනඟ ගළවා ගත්තාවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. Sinhala New Revised Version ජෙත්රෝ කතා කොට, “මිසර වාසීන්ගේ අතින් ද පාරාවෝගේ අතින් ද ඔබ මුදාලූ, මිසර වාසීන්ගේ වහල් මෙහෙවරින් සෙනඟ මුදාලූ සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! Sinhala New Revised Version 2018 ජෙත්රෝ කතා කොට, “මිසර වාසීන්ගේ අතින් ද පාරාවෝගේ අතින් ද ඔබ මුදාලූ, මිසර වාසීන්ගේ වහල් මෙහෙවරින් සෙනඟ මුදාලූ සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! |
නුඹේ සතුරන් නුඹේ අතට පාවාදුන් මහෝත්තම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවයි කීය. ආබ්‍රම්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය.
මාගේ ස්වාමිවූ ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ තමන්ගේ කරුණාවත් සැබෑකමත් මාගේ ස්වාමියා වෙතින් අත්නොහළසේක. මා වනාහි මාර්ගයේ සිටියදී ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ ගෙදරට මා පැමිණෙවුසේකැයි කීය.
අහිමයාශ් මොරගසා: සියල්ල යහපතැයි රජුට කියා මුහුණින් බිමට නැමී රජුට වැඳ කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට විරුද්ධව තමුන්ගේ අත් එසෙවු මනුෂ්‍යයන් පාවාදුන් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවයි කීවේය.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පියවූ දාවිත්ට කථාකරමින්–
තමන්වහන්සේ පොරොන්දුවූ සියල්ලේ හැටියට තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට නිශ්චලතාව දුන් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. උන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස් ලවා ගිවිස්සාවූ සියලු යහපත් වචනවලින් එක වචනයක්වත් හිස්නොවීය.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. ආමෙන්, ආමෙන්.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟ බලා, ඔවුන්ට මිදීම සාදා දුන්සේක.
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස,
මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹලා සඳහා ප්‍රීතිවන සියලු ප්‍රීතිය නිසා නුඹලා ගැන දෙවියන්වහන්සේට මොන ස්තූතියක් දෙන්ට අපට පුළුවන්ද?
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ,
තවද සාවුල් කේනිවරුන්ට කථාකොට: මා විසින් අමලෙක්වරුන් සමඟ නුඹලා විනාශ නොකරන පිණිස ඔවුන් අතරෙන් අහක්ව යන්න. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් එද්දී නුඹලා ඔවුන් සියල්ලන්ට කරුණාකළහුයයි කීවේය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක්ව ගියෝය.
දාවිත් අබීගායිල්ට කථාකොට: මා සම්බවෙන්ට අද දවසේ නුඹ එවුවාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා.