Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 18:28 - Sinhala Revised Old Version

28 අහිමයාශ් මොරගසා: සියල්ල යහපතැයි රජුට කියා මුහුණින් බිමට නැමී රජුට වැඳ කථාකොට: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට විරුද්ධව තමුන්ගේ අත් එසෙවු මනුෂ්‍යයන් පාවාදුන් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 අහීමයාශ් මොරගසා, “සියල්ල යහපතැ”යි රජුට කියා මුණින්තළා වී වැඳ කතා කොට, “මාගේ රජ්ජුරුවන්ට විරුද්ධ ව තමන්ගේ අත් එසෙවූ මිනිසුන් පාවා දුන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 අහීමයාශ් මොරගසා, “සියල්ල යහපතැ”යි රජුට කියා මුණින්තළා වී වැඳ කතා කොට, “මාගේ රජ්ජුරුවන්ට විරුද්ධ ව තමන්ගේ අත් එසෙවූ මිනිසුන් පාවා දුන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 18:28
16 හුවමාරු යොමු  

තෙකෝවාහි ස්ත්‍රී රජු ළඟට ගොස් මුහුණින් බිම වැටී වැඳ: අනේ රජ්ජුරුවෙනි, පිහිටවුවමැනවැයි කීවාය.


නුඹේ සතුරන් නුඹේ අතට පාවාදුන් මහෝත්තම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවයි කීය. ආබ්‍රම්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය.


ඔවුන්ගේ දත්වලට අප ගොදුරු කොට නුදුන් ස්වාමීන්ට ප්‍රශංසාවේවා.


ස්වාමිනි, අපට නොව, අපට නොව, ඔබගේ කරුණාව නිසාත් සැබෑකම නිසාත් ඔබගේ නාමයට ගෞරවය දුන මැනව.


ඔබ සතුරාගේ අතේ මා හිරකොට නොතැබූසේක; විශාල භූමියක මාගේ පාද පිහිටෙවුසේක.


සතරවෙනිදා ඔව්හු බෙරාකා මිටියාවතේ රැස්වුණෝය; ඔවුන් එහිදී ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ බැවින් අද දක්වා තිබෙන පරිදි ඒ ස්ථානයට බෙරාකා මිටියාවතයයි කියනලද්දේය.


පිරිසිදු අය සමඟ ඔබ පිරිසිදු බව දක්වනසේක; හිතුවක්කාර අය සමඟ විරුද්ධව බව දක්වනසේක.


තුන්වෙනිදා මනුෂ්‍යයෙක් තමාගේ ඇඳුම් ඉරාගන හිසේ පස් දමාගෙන සාවුල් වෙතින් කඳවුරෙන් නික්ම ආයේය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේය.


එවිට අබිෂයි දාවිත්ට කථාකොට: දෙවියන්වහන්සේ අද ඔබගේ සතුරා ඔබ අතට පාවාදුන්සේක. එබැවින් දැන් එක පහරකින් හෙල්ලයෙන් ඔහු බිමටම ඇනදමන්ට මට අවසර දුනමැනවි, ඔහුට පහර දෙකක් නොගසන්නෙමියි දාවිත්ට කීය.


ස්වාමීන්වහන්සේ නුඹ අතට මා පාවාදුන් විට නුඹ මා නොමැරූ බැවින් නුඹ මට යහපත කළ බව අද පෙන්වා දුන්නෙහිය.


මාගේ ස්වාමිවූ ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ තමන්ගේ කරුණාවත් සැබෑකමත් මාගේ ස්වාමියා වෙතින් අත්නොහළසේක. මා වනාහි මාර්ගයේ සිටියදී ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ ගෙදරට මා පැමිණෙවුසේකැයි කීය.


ඔහු කියනුයේ: මිසරවරුන් අතින්ද ඵාරාවෝ අතින්ද නුඹලා මුදා මිසරවරුන් යටතින් සෙනඟ ගළවා ගත්තාවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා.


අද දවසේ ස්වාමීන්වහන්සේ තා මා අතට පාවාදෙනසේක; මම තට ගසා, තාගේ හිස කපාදමා, පිලිස්තිවරුන්ගේ සේනාවේ මළකඳන් අද දවසේ ආකාශයේ පක්ෂීන්ටද පොළොවේ වන මෘගයන්ටද දෙන්නෙමි; මෙසේ ඉශ්‍රායෙල් කෙරෙහි දෙවිකෙනෙක් ඉන්න බව පොළොවේ සියල්ලන්ම දැනගන්නවා ඇත.


අබීගායිල් දාවිත් දැක, ඉක්මනින් කොටළුවා පිටින් බැස, දාවිත් ඉදිරියෙහි මුහුණින් බිමට වැටී වැඳ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්