Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 1:68 - Sinhala Revised Old Version

68 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟ බලා, ඔවුන්ට මිදීම සාදා දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

68 “ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන්, සිය සෙනඟ වෙත බලා කරුණාවෙන්, විමුක්තිය සලසා දුන් බැවින්, එතුමන් හට තුති පැසසුම් වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

68 “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන, ස්වාමින්වහන්සේට තුති පැසසුම් වේවා; මන්ද උන්වහන්සේ ස්වකීය ජනයා වෙත පැමිණ, ඔවුන් මිදූ සේක,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

68 “ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන්, සිය සෙනඟ වෙත බලා කරුණාවෙන්, විමුක්තිය සලසා දුන් බැවින්, එතුමන් හට තුති පැසසුම් වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 1:68
24 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්ට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. මුළු සෙනඟ ආමෙන් කියත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


එකල සියල්ලෝම භයපත්ව: උතුම්වූ අනාගතවක්තෘ කෙනෙක් අප අතරෙහි නැගුටුණුසේක, දෙවියන්වහන්සේ තමන්ගේ සෙනඟ දෙස බැලූසේක කියා දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. ආමෙන්, ආමෙන්.


උන්වහන්සේ තමන් සෙනඟට මිදීම එවුසේක; තමන් ගිවිසුම සදාකාලයටම නියමකළසේක. උන්වහන්සේගේ නාමය ශුද්ධය, ගරුකටයුතුය.


සෙනඟද විශ්වාසකළෝය. ඔව්හු ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් දෙස බැලූ බවද තමන්ගේ පීඩාව දුටු බවද ඇසූ කල හිස් නමා නමස්කාරකළෝය.


තවද රජ කථාකොට: මාගේ ඇස්වලින් දකින හැටියට අද මාගේ සිංහාසනයෙහි හිඳගැනීමට කෙනෙකු දුන්නාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවයි කීයේයයි අදොනියාට කීවේය.


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස,


ඈද ඒ පැයෙහිම ඇවිත් දෙවියන්වහන්සේට ස්තුතිකොට, යෙරුසලමේ මිදීම ගැන බලාසිටි සියලුදෙනාට උන්වහන්සේ ගැන කථාකළාය.


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ,


ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.


එවිට දාවිත් මුළු සභාවට කථාකොට: නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කීය. මුළු සභාවද තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරමින්, හිස නමා ස්වාමීන්වහන්සේටත් රජුටත් වැන්දෝය.


දාවිත් මුළු සභාව ඉදිරියෙහි ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකරමින් කථාකොට: අපේ පියවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබට සදාකාලයටම ප්‍රශංසාවේවා;


නුඹේ සතුරන් නුඹේ අතට පාවාදුන් මහෝත්තම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවයි කීය. ආබ්‍රම්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය.


තවද ඔහු: ෂෙම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා; කානාන් ඔහුට දාසයෙක් වේවා.


නුඹ සහ නුඹ තුළ සිටින නුඹේ දරුවන්ද පොළොවේ ගසා, නුඹ තුළේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේයයි කීසේක.


මාගේ ස්වාමිවූ ආබ්‍රහම්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ තමන්ගේ කරුණාවත් සැබෑකමත් මාගේ ස්වාමියා වෙතින් අත්නොහළසේක. මා වනාහි මාර්ගයේ සිටියදී ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ ගෙදරට මා පැමිණෙවුසේකැයි කීය.


දාවිත් අබීගායිල්ට කථාකොට: මා සම්බවෙන්ට අද දවසේ නුඹ එවුවාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පියවූ දාවිත්ට කථාකරමින්–


උන්වහන්සේ ඉශ්‍රායෙල් ඔහුගේ අයුතුකම් සියල්ලෙන් මුදා හරිනසේක.


අප ගළවන්නාවූ අඟක් තමන් දාසවූ දාවිත්ගේ වංශයෙන් අපට නැගුටුවාදුන්සේක.


නුමුත් ඉශ්‍රායෙල් මුදාගන්ට සිටි තැනන්වහන්සේ උන්වහන්සේයයි අපි බලාපොරොත්තුවුණෙමුව. එපමණකුත් නොව මේ දේ සිද්ධවී අදට තුන්වෙනි දවසය.


එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරණකොටගෙන නොව තමන්ගේම ලේ කරණකොටගෙන, අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුල්වූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්