Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 15:6 - Sinhala Revised Old Version

6 තවද සාවුල් කේනිවරුන්ට කථාකොට: මා විසින් අමලෙක්වරුන් සමඟ නුඹලා විනාශ නොකරන පිණිස ඔවුන් අතරෙන් අහක්ව යන්න. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් එද්දී නුඹලා ඔවුන් සියල්ලන්ට කරුණාකළහුයයි කීවේය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක්ව ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 තවද, සාවුල් කේනිවරුන්ට කතා කොට, “මා විසින් අමලෙක්වරුන් සමඟ ඔබ විනාශ නොකරනු ලබන පිණිස ඔවුන් කෙරෙන් අහක් ව යන්න. මන්ද, ඉශ්රායෙල්වරුන් මිසරයෙන් එද්දී ඔබ ඔවුන් සියල්ලන්ට කරුණා කළ නිසා ය”යි ඔවුන්ට කීවේ ය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක් ව ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 තවද, සාවුල් කේනිවරුන්ට කතා කොට, “මා විසින් අමලෙක්වරුන් සමඟ ඔබ විනාශ නොකරනු ලබන පිණිස ඔවුන් කෙරෙන් අහක් ව යන්න. මන්ද, ඉශ්රායෙල්වරුන් මිසරයෙන් එද්දී ඔබ ඔවුන් සියල්ලන්ට කරුණා කළ නිසා ය”යි ඔවුන්ට කීවේ ය. එබැවින් කේනිවරු අමලෙක්වරුන් අතරෙන් අහක් ව ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 15:6
21 හුවමාරු යොමු  

තවද මෝසෙස්ගේ මාමණ්ඩිය වන කේනියයාගේ පුත්‍රයෝ යූදා පුත්‍රයන් සමඟ ඉඳිගස් නුවර සිට ඇවිත්, අරාද්ට දකුණෙන් තිබෙන යූදා කාන්තාරයට ගොස්, සෙනඟ සමඟ වාසයකළෝය.


එකල කේනීයවූ හෙබෙර් මෝසෙස්ගේ මාමා වන හොබාබ්ගේ පුත්‍රයන්වූ කේනිවරුන්ගෙන් වෙන්වී, කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි අලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගන සිටියේය.


ඉතින් මාගේ හඬට ඇහුම්කන් දෙන්න, මම නුඹට දැනමුතුකම්දෙමි, දෙවියන්වහන්සේ නුඹ සමඟ සිටිනසේක්වා. නුඹ සෙනඟ උදෙසා දෙවියන්වහන්සේ ඉදිරියේ සිට උන්වහන්සේ ඉදිරියට කාරණා පමුණුවන්න.


අද නුඹලා කොයි පළාතට විරුද්ධව ගියහුදැයි ආකීෂ් ඇසුවේය. දාවිත්ද: යූදාහි දකුණු දිශාවටද යෙරාමෙයෙල්වරුන්ගේ දකුණු දිශාවටද කේනිවරුන්ගේ දකුණු දිශාවටද විරුද්ධව ගියෙමුයයි කීවේය.


කේනිය හෙබෙර්ගේ භාර්යාව වන යායෙල් තොමෝ වෙන ස්ත්‍රීන්ට වඩා ආශීර්වාද ලත්තියක් වන්නීය. කූඩාරම්හි ස්ත්‍රීන්ට වඩා ඈ ආශීර්වාද ලත්තියක් වන්නීය.


නුඹේ ආත්මය ආශාකළ ඵල නුඹ කෙරෙන් පහව ගියේය, ශෝභනවූ ඉසුරුමත්වූ සියල්ල නුඹ කෙරෙන් විනාශවිය, මනුෂ්‍යයන්ට ඒවා තවත් සම්බ නොවේ.


ඔනේසිපොරස්ගේ පවුලට ස්වාමීන්වහන්සේ කරුණාකරනසේක්වා. මක්නිසාද ඔහු නොයෙක් වර මා ප්‍රාණවත්කළේය, මාගේ යදම් ගැනත් ඔහු ලජ්ජා නූණේය;


එබැවින්– නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන,


වෙනත් බොහෝ වචනවලින් සාක්ෂිදී: මේ වංක පරම්පරාවෙන් ගැළවෙන්නය කියමින් අවවාදකෙළේය.


මෝඩකම් අත්හැර ජීවත්වෙන්න; ප්‍රඥා මාර්ගයෙහි යන්න.


යාබේශ්හි විසූ ලියන්නන්ගේ පවුල් නම්: තිරාතිවරු, ෂිමියාතිවරු සහ සුකාතිවරුය. මොව්හු රෙකාබ්ගේ වංශයේ පියවූ හම්මත්ගෙන් පැවත ආ කේනිවරුය.


ඔවුන් අවට සිටි සියලු ඉශ්‍රායෙල්වරු ඔවුන්ගේ හැඬීම අසා: මෙහි සිටියොත් පොළොව අපත් ගිලගන්නවා ඇතැයි කියමින් පලාගියෝය.


එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.


සාවුල් අමලෙක්වරුන්ගේ නුවර ළඟට පැමිණ මිටියාවතේ සැඟවී රුක සිටියේය.


රාකාල්හිද යෙරමෙයෙල්වරුන්ගේ නුවරවලද කේනිවරුන්ගේ නුවරවලද;


කේනිවරුන්ද කෙනිස්සිවරුන්ද, කද්මොනිවරුන්ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්