යොෂියා යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේට පාස්කු මංගල්‍යයක් පැවැත්තුවේය. ඔව්හු පළමුවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය.
නික්මයාම 12:6 - Sinhala Revised Old Version එම මාසේ දස සතර වෙනි දවස දක්වා තබාගන්න. එවිට ඉශ්‍රායෙල් සමූහයා වන මුළු සභාව සවස ඌ මරා, Sinhala New Revised Version එම මාසයේ ම දහහතර වන දින දක්වා ඌ තබාගෙන, එදින හවස රැස් වන මුළු ඉශ්රායෙල් ජනතාව ඌ මැරිය යුතු ය. Sinhala New Revised Version 2018 එම මාසයේ ම දහහතර වන දින දක්වා ඌ තබාගෙන, එදින හවස රැස් වන මුළු ඉශ්රායෙල් ජනතාව ඌ මැරිය යුතු ය. |
යොෂියා යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේට පාස්කු මංගල්‍යයක් පැවැත්තුවේය. ඔව්හු පළමුවෙනි මාසයේ දහහතරවෙනිදා පාස්කු බැටළුපැටවුන් මැරුවෝය.
මේ දවස නුඹලාට සිහිවීම් උත්සවයක් පිණිස වන්නේය, නුඹලා එය ස්වාමීන්වහන්සේට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. එය නුඹලාගේ සියලු පරම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑමකල්හිම පවත්වන්න.
එසේ නුඹලා මුහුන් නුමුසු රොටි මංගල්‍යය පවත්වන්නහුය; මක්නිසාද ඒ දවසේදීම මම නුඹලාගේ සේනාවන් මිසර දේශයෙන් පිටතට ගෙනාවෙමි. එබැවින් නුඹලා මේ දවස නුඹලාගේ සියලු පරම්පරාවල නියෝගයකින් සෑම කල්හිම පවත්වන්නහුය.
පළමුවෙනි මාසයේ දස සතරවෙනිදා සවස පටන් විසි එක්වෙනිදා සවස දක්වා මුහුන් නුමුසු රොටි කන්නහුය.
පසුව ඔව්හු ඒලිම්හි සිට ගමන් ගත්තෝය, තවද ඔවුන් මිසර දේශයෙන් නික්ම ගියායින් පසු දෙවෙනි මාසයේ පසළොස්වෙනි දිනදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඒලිම් සහ සීනයි අතරෙහිවූ සීන් නම් වනාන්තරයට පැමුණුණහ.
මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කෙඳිරීම් ඇසීමි. නුඹලා සවස මාංස කන්නහුය, උදය රොටිවලින් තෘප්තියට පැමිණෙන්නහුය; මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි ඔවුන්ට කියවයි කීසේක.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසර දේශයෙන් ඇවිත් තුන් මාසයක් වූ එම දවසෙහි සීනයි වනාන්තරයට පැමිණියෝය.
අනික් බැටළු පැටවා සවස ඔප්පුකර ඒ සමඟ උදය ආහාර පූජාවේ හැටියටත් ඒකේ පාන පූජාවේ හැටියටත් මිහිරි සුවඳක් පිණිස එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරනලද පූජාවක් කොට ඔප්පුකරන්න.
අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.
පළමුවෙනි මාසයේදී දහහතරවෙනිදා පටන් පාස්කු මංගල්‍යය සත් දවසක් පවත්වමින්, මුහුන් නැති රොටි කන්න.
දෙවෙනි මස දසසතරවෙනි දින සවස ඔව්හු ඒක පවත්වා මුහුන් නැති රොටි සහ තික්ත පලා සමඟ එය කත්වා.
එහෙත් නායක පූජකයෝද වැඩිමහල්ලෝද බරබ්බස් ඉල්ලන්ටත් යේසුස්වහන්සේ නසන්ටත් සමූහයන් කැමතිකරවාගත්තෝය.
පහන්වූ කෙණෙහිම නායක පූජකයෝ වැඩිමහල්ලන්ද ලියන්නන්ද මුළු මන්ත්‍රණ සභාවද සමඟ මන්ත්‍රණයක් පවත්වා, යේසුස්වහන්සේ බැඳගෙන ගොස් පිලාත්ට භාරදුන්නෝය.
නුමුත් එසේ නොව ඔහු විසින් බරබ්බස් ඔවුන්ට මුදා දෙන පිණිස නායක පූජකයෝ සමූහයා පෙලෙඹවුවෝය.
දෙවියන්වහන්සේගේ නියමවූ මන්ත්‍රණය සහ පෙරදැනගැන්ම ලෙස භාරදෙනලදුව, නුඹලා ව්‍යවස්ථාව නොසලකන අය ලවා කුරුසියෙහි ඇණගස්වා මැරවුවහුය.
මෙසේ නුඹලා ශුද්ධවූ ධර්මිෂ්ඨවූ තැනන්වහන්සේව එපාකොට, මිනීමරුවෙකු නුඹලාට දෙන පිණිස ඉල්ලා,
කුමක්හෙයින්ද ඔබගේ අතින්ද ඔබගේ මන්ත්‍රණයෙන්ද සිද්ධවන්ට නියමකළ කොයි දෙයක් නුමුත් ඉෂ්ටකරන පිණිස,
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගිල්ගාල්හි කඳවුරු බැඳගෙන මාසේ දසසතරවෙනි දා සවස යෙරිකෝවේ සමභූමිවලදී පාස්කුව පැවැත්තුවෝය.