Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 12:17 - Sinhala Revised Old Version

17 එසේ නුඹලා මුහුන් නුමුසු රොටි මංගල්‍යය පවත්වන්නහුය; මක්නිසාද ඒ දවසේදීම මම නුඹලාගේ සේනාවන් මිසර දේශයෙන් පිටතට ගෙනාවෙමි. එබැවින් නුඹලා මේ දවස නුඹලාගේ සියලු පරම්පරාවල නියෝගයකින් සෑම කල්හිම පවත්වන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 තවද නුඹලා මේ නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුත්තේ මා නුඹලාගේ කණ්ඩායම් මිසර දේශයෙන් පිටතට ගෙනාවේ මෙවැනි දිනයක බැවිනි. එබැවින් නුඹලාගේ හැම පරම්පරාවක් තුළ ම මේ දිනය මංගල්‍යයක් මෙන් පැවැත්වීමට සදහට ම නියෝගයක් පැනවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 තවද නුඹලා මේ නුමුහුන් පූප මංගල්‍යය පැවැත්විය යුත්තේ මා නුඹලාගේ කණ්ඩායම් මිසර දේශයෙන් පිටතට ගෙනාවේ මෙවැනි දිනයක බැවිනි. එබැවින් නුඹලාගේ හැම පරම්පරාවක් තුළ ම මේ දිනය මංගල්‍යයක් මෙන් පැවැත්වීමට සදහට ම නියෝගයක් පැනවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 12:17
12 හුවමාරු යොමු  

මෙසේ කරන්නේ මා මිසරයෙන් ඊමේදී ස්වාමීන්වහන්සේ මට කළ දේ නිසාය කියා ඒ දවසේ නුඹේ පුත්‍රයාට දන්වන්න.


මෝසෙස් සෙනඟට කථාකොට: නුඹලා මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවාවූ මේ දින සිහිකරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්ත බලයෙන් එතැනින් නුඹලා ගෙනාසේක. එහෙයින් මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය.


තවද හාරසිය තිස් අවුරුද්ද කෙළවරවූ දවසේදීම ස්වාමීන්වහන්සේගේ සියලු සේනාවෝ මිසර දේශයෙන් පිටත්ව ගියෝය.


මම මිසරය පිටට මාගේ අත දිගුකොට ඉශ්‍රායෙල් පුත්‍රයන් ඔවුන් අතරෙන් පිටතට ගෙනෙන කල්හි මා ස්වාමීන්වහන්සේ බව මිසරවරු දැනගන්නෝයයි කීසේක.


අපි ස්වාමීන්වහන්සේට මොරගැසුවෙමුව, එවිට උන්වහන්සේ අපේ හඬ අසා දූතයෙකු එවා අප මිසරයෙන් පිටතට ගෙනාසේක. ඉතින් අපි නුඹේ සීමාන්තයෙහි නුවරක් වූ කාදෙෂ්හි සිටිමුව.


ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන්ගේ සේනාවල හැටියට මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නැයි ස්වාමීන්වහන්සේ කීවේ මේ ආරොන්ට සහ මෝසෙස්ටත්ය.


එම මාසේ දස සතර වෙනි දවස දක්වා තබාගන්න. එවිට ඉශ්‍රායෙල් සමූහයා වන මුළු සභාව සවස ඌ මරා,


මේ දවස නුඹලාට සිහිවීම් උත්සවයක් පිණිස වන්නේය, නුඹලා එය ස්වාමීන්වහන්සේට මංගල්‍ය දවසක් කොට පවත්වන්න. එය නුඹලාගේ සියලු පරම්පරාවල නියෝගයකින් මංගල්‍යයක් කොට සෑමකල්හිම පවත්වන්න.


මේ දෙය නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් සදාකාලේටම නියෝගයක් කොට පවත්වන්න.


එබැවින් අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලයෙහි මේ නියෝගය පවත්වන්න.


මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන්න. මා නුඹට අණදුන් ලෙස ආබීබ් මාසයේ නියම කාලයෙහි සත් දවසක් මුහුන් නොදැමූ රොටි කන්න. මක්නිසාද ආබීබ් මාසයේදී නුඹ මිසරයෙන් පිටතට ආවෙහිය.


නුඹ මිසර දේශයෙන් පිටතට ආ දවස නුඹේ ජීවිතයේ සියලු දවස්හි සිහිකරන පිණිස, ඒ සමඟ මුහුන් දැමූ රොටි නොකා, දුක් රොටි වන මුහුන් නොදැමූ ඒවා සත් දවසක් ඒ සමඟ කන්න; මක්නිසාද නුඹ ඉක්මනින් මිසර දේශයෙන් ආවෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්