Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 28:16 - Sinhala Revised Old Version

16 පළමුවෙනි මස දසසතරවෙනි දින ස්වාමීන්වහන්සේගේ පාස්කුවය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 “පළමු වන මාසයේ දහහතර වන දින සමිඳාණන් වහන්සේගේ පාස්කුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 “පළමු වන මාසයේ දහහතර වන දින සමිඳාණන් වහන්සේගේ පාස්කුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 28:16
15 හුවමාරු යොමු  

පළමුවෙනි මාසයේ දස සතරවෙනිදා සවස පටන් විසි එක්වෙනිදා සවස දක්වා මුහුන් නුමුසු රොටි කන්නහුය.


මුහුන් නොදැමූ රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙළකරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය.


තව දෙදවසකට පසු පාස්කුව පැමිණෙන බව නුඹලා දන්නහුය, මනුෂ්‍ය පුත්‍රයා කුරුසියෙහි ඇණගැසීමට පාවාදෙනු ලැබේයයි කීසේක.


ස්වාමීන්වහන්සේ මිසර දේශයේදී මෝසෙස් සහ ආරොන්ට කථාකොට:


මුහුන් නුමුසු රොටි මංගල්‍යය පවත්වන්න. නුඹලා ආබීබ් මාසයේදී මිසරයෙන් පිටතට ආ බැවින් මා විසින් අණකළ ලෙස ඒ මාසයේ නියම කාලයේදී සත් දවසක් මුහුන් නුමුසු රොටි කන්න; කිසිවෙක් හිස් අතින් මා ඉදිරියට නොපැමිණේවා.


මුහුන් නොදැමූ රොටි මංගල්‍යය පවත්වන්න. මා නුඹට අණදුන් ලෙස ආබීබ් මාසයේ නියම කාලයෙහි සත් දවසක් මුහුන් නොදැමූ රොටි කන්න. මක්නිසාද ආබීබ් මාසයේදී නුඹ මිසරයෙන් පිටතට ආවෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්