Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 12:7 - Sinhala Revised Old Version

7 ලෙයින් රැගෙන ඌ කන්නට යෙදෙන ගෙවල්වල උළුවහු කණු දෙකේද උඩ පඩිකඳේද ගාන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 “ඉන්පසු උගේ ලෙයින් ටිකක් රැගෙන බැටළු පැටවා අනුභව කරන අයගේ ගෙදර දොරේ උළුවහු කණු දෙකේ ද උළුවස්සේ උඩ ලීයේ ද තැවරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 “ඉන්පසු උගේ ලෙයින් ටිකක් රැගෙන බැටළු පැටවා අනුභව කරන අයගේ ගෙදර දොරේ උළුවහු කණු දෙකේ ද උළුවස්සේ උඩ ලීයේ ද තැවරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 12:7
12 හුවමාරු යොමු  

කුලුඳුලන් විනාශකළ තැනැත්තා ඔවුන්ට අත නොගසන පිණිස පාස්කුවද ලේ ඉසීමද ඇදහිල්ලෙන් ඔහු පැවැත්තුවේය.


ව්‍යවස්ථාවේ ප්‍රකාරයට සියලු දේවල්ම ලෙයින් පවිත්‍රකරනු ලැබේයයි කියන්ට පුළුවන්වා වාගේ පෙනේ, ලේ වැගිරීමක්ද නැතුව ක්ෂමාකිරීමකුත් නැත.


ඒ ප්‍රේමවන්තයාණන්වහන්සේ තුළ, උන්වහන්සේගේ කරුණාවේ සම්පතේ ප්‍රකාරයට, උන්වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරදවලට කමාව අපට ඇත්තේය.


ආත්මයාණන්වහන්සේගේ පිරිසිදුකිරීමෙන් කීකරුවීමටත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ ඉසිනු ලැබීමටත්, පියවූ දෙවියන්වහන්සේගේ පෙර දැනගැන්මේ ප්‍රකාරයට තෝරාගනු ලැබූවන්ට ලියා එවන වග නම්: අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩිවේවා.


මක්නිසාද උන්වහන්සේ පිරිසිදුකරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණකළසේක.


නුඹලා සිතන්නේ මොකද? දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් පාගාදමා, තමා පිරිසිදුකළ ගිවිසුමේ ලේ අශුද්ධ දෙයක් කොට සිතා, අනුග්‍රහයේ ආත්මයාණන්වහන්සේට අපහාසකළ තැනැත්තා ඊට වඩා කොපමණ මහත් දඬුවමකට සුදුස්සෙක් කොට ගණන්ගනු නොලබන්නේද?


නුඹ ගෙදර ඉන්න විටත් මාර්ගයෙහි යන විටත් නුඹ නිදාගන්න විටත් නැගිටින විටත් ඒවා ගැන කථාකරමින්, ඒවා නුඹලාගේ දරුවන්ට උගන්වන්න.


දිව්‍ය-වාක්‍යස්ථානයේ දොරකඩට වල් ඔලීව ලීවලින් දොරවල් සෑදුවේය. උඩ පඩිකඳ ද උළුවහු කණුද භිත්තියෙන් පහෙන් කොටසක් විය.


ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නුවර මුළුල්ලෙහි, එනම් යෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගාන මනුෂ්‍යයන්ගේ නළල්වල ලකුණක් කරන්නැයි කීසේක.


ඒ ලේ නුඹලා සිටින ගෙවල්වල නුඹලා උදෙසා ලකුණක් පිණිස වන්නේය. මම ඒ ලේ දැක නුඹලා පසුකර යන්නෙමි, මා විසින් මිසර දේශයට පහරදෙන කල නුඹලා විනාශකිරීමට පීඩාවක් නුඹලා පිට නොවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්