තවද ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබා යන ශබ්දයක් නුඹට ඇසෙනකල කඩිසර වෙන්න. මක්නිසාද ඒ වේලාවට ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස නුඹට පෙරටුව පිටත්ව යනසේකැයි කීසේක.
නික්මයාම 11:4 - Sinhala Revised Old Version මෝසෙස් කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මධ්‍යම රාත්‍රිය පමණේදී මම මිසරය මැදට යන්නෙමි. Sinhala New Revised Version එවිට මෝසෙස් පාරාවෝට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: ‘මධ්‍යම රාත්‍රිය පමණේ දී මම මිසර දේශය මැදින් යන්නෙමි. Sinhala New Revised Version 2018 එවිට මෝසෙස් පාරාවෝට කතා කොට, “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය මේ ය: ‘මධ්‍යම රාත්‍රිය පමණේ දී මම මිසර දේශය මැදින් යන්නෙමි. |
තවද ඇඹිල්ල ගස් මුදුන්වල අඩි තබා යන ශබ්දයක් නුඹට ඇසෙනකල කඩිසර වෙන්න. මක්නිසාද ඒ වේලාවට ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේ සේනාවට පහර දෙන පිණිස නුඹට පෙරටුව පිටත්ව යනසේකැයි කීසේක.
ඇසිල්ලකින්, මධ්‍යම රාත්‍රියෙහි පවා, ඔව්හු නසින්නෝය; සෙනඟ කලඹනු ලැබ පහව යන්නෝය, බලවන්තයෝද අතක් නැතුව පහකරනු ලබන්නෝය.
මා විසින් නොදත් භාෂාවක් ඇසුවාවූ මිසර දේශයෙහි උන්වහන්සේ ගිය කල, මෙය යෝසෙප්ට සාක්ෂියක් කොට නියමකළසේක.
මක්නිසාද ඒ රාත්‍රියේදී මිසර දේශය මැදින් යන්නෙමි, මිසර දේශයෙහි මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද සියලු කුලුඳුලන්ට පහරදෙන්නෙමි; මිසරයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චයයන් ඉෂ්ටකරන්නෙමි. මම ස්වාමීන්වහන්සේය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට පහරදෙන පිණිස දේශය මැදින් යනසේක; උන්වහන්සේ උළුවස්සේ උඩ පඩිකඳේද කණු දෙකේද ලේ දුටු කල්හි දොරකඩ පසුකර යනසේක, නුඹලාට පහරදෙන පිණිස නුඹලාගේ ගෙවලට ඇතුල්වෙන්ට විනාශකයාට ඉඩ නොදෙනසේක.
තවද මධ්‍යම රාත්‍රියේදී ස්වාමීන්වහන්සේ, සිංහාසනය පිට හුන් ඵාරාවෝගේ කුලුඳුලා පටන් හිරගෙයි සිටි වහලාගේ කුලුඳුලා දක්වා මිසරයෙහි සියලු කුලුඳුලන්ටත් සිව්පාවුන්ගේ සියලු කුලුඳුලන්ටත් පහර දුන්සේක.
ස්වාමීන්වහන්සේ බලවන්තයෙකු මෙන් නික්ම එනසේක; උන්වහන්සේ යුද්ධකාරයෙකු මෙන් ජ්වලිතය උපදවනසේක; උන්වහන්සේ කෑගසා, එසේය තදින් මොරගසා, තමන්ගේ සතුරන්ට විරුද්ධව බලවන්තකම් කරනසේක.
මිසරයට ඇරියාක්මෙන් නුඹලා අතරට වසංගතය එවීමි. නුඹලාගේ තරුණයන් කඩුවෙන් මරාදැමීමි, නුඹලාගේ අශ්වයන්ද අල්ලාගෙනගියෙමි; නුඹලාගේ කඳවුරේ සේනාවල දුර්ගන්ධය නුඹලාගේ නාස්වලට වදින්ටත් සැලැස්වීමි. එහෙත් නුඹලා මා වෙතට හැරී නාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
සියලු මිදිවතුවලත් වැලපීම වන්නේය. මක්නිසාද නුඹ මැදින් යන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
කඩාදමන්නා ඔවුන්ට පෙරටුව නැගී ගියේය. ඔව්හු බිඳගෙන දොරටුව පසුකර, එයින් පිටතට ගියෝය. ඔවුන්ගේ රජ ඔවුන්ට ඉස්සරින් ගියේය, ස්වාමීන්වහන්සේ ඔවුන්ට පෙරටුව ගියසේක.