Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 81:5 - Sinhala Revised Old Version

5 මා විසින් නොදත් භාෂාවක් ඇසුවාවූ මිසර දේශයෙහි උන්වහන්සේ ගිය කල, මෙය යෝසෙප්ට සාක්ෂියක් කොට නියමකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ජෝසෙප් මිසර දේශයෙන් පිටත් ව යන ගමනේ දී එතුමාණෝ එය ඔහුට නියෝගයක් ලෙස භාර දුන් සේක. නුපුරුදු හඬක් මෙසේ කියනු මම ඇසුවෙමි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ජෝසෙප් මිසර දේශයෙන් පිටත් ව යන ගමනේ දී එතුමාණෝ එය ඔහුට නියෝගයක් ලෙස භාර දුන් සේක. නුපුරුදු හඬක් මෙසේ කියනු මම ඇසුවෙමි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 81:5
17 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් මිසරයෙන්ද යාකොබ්ගේ වංශය අන්‍ය භාෂාවක් ඇති මනුෂ්‍ය ජාතියකින්ද නික්ම ගිය කල


මෙන්න, ඉශ්‍රායෙල් වංශය, මම නුඹලාට විරුද්ධව දුර සිට ජාතියක් ගෙන්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔව්හු බලවත් ජාතියක්ය, පුරාණ ජාතියක්ය, ඔවුන් නුඹ නොදන්න භාෂාවක් කථාකරන ජාතියක්ය, ඔවුන් කියන දේ නුඹට තේරෙන්නේ නැත.


මහල්ලාට ගෞරව නොකරන්නාවූ, බාලයාට අනුකම්පා නොකරන්නාවූ, රෞද්‍ර මුහුණු ඇත්තාවූ,


ඔබ යාකොබ්ගේද යෝසෙප්ගේද පුත්‍රයන් වන ඔබගේ සෙනඟ ඔබගේ බාහුවෙන් මුදාගත්සේක.


එසේය, උන්වහන්සේ වියවුල් තොල්වලින්ද වෙන භාෂාවකින්ද මේ සෙනඟට කථාකරනවා ඇත.


ඒක නම් ස්වාමීන්වහන්සේගේ පාස්කුවය, උන්වහන්සේ මිසරවරුන්ට පහර දුන් කල මිසරයෙහි වූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෙවල් පසුකර ගොස් අපේ ගෙවල් ගලවාගත්සේකැයි කියයුතුයයි කීයේය. එවිට සෙනඟ හිස් නමා වැන්දෝය.


මක්නිසාද ඒ රාත්‍රියේදී මිසර දේශය මැදින් යන්නෙමි, මිසර දේශයෙහි මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද සියලු කුලුඳුලන්ට පහරදෙන්නෙමි; මිසරයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චයයන් ඉෂ්ටකරන්නෙමි. මම ස්වාමීන්වහන්සේය.


මෝසෙස් කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මධ්‍යම රාත්‍රිය පමණේදී මම මිසරය මැදට යන්නෙමි.


මුද්‍රිකපාන පාත්‍රාවලින් බොන්නාවූ, ඉතා හොඳ තෙල් ආලේපකරගන්නාවූ, යෝසෙප්ගේ පීඩාව ගැන ශෝක නොවී සිටින්නාවූ අයට දුක්වේ.


මාගේ සබත් ශුද්ධ ලෙස පවත්වන්න; එවිට මා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස ඒවා මා සහ නුඹලා අතරේ සලකුණක් වන්නේයයි කීමි.


මෙසේ කළේ එන්නාවූ පරම්පරාව, එනම් උපදින්ට සිටින දරුවන්, ඒවා දැනගෙන, නැගිට ස්වකීය දරුවන්ට කියාදෙන පිණිසත්,


ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් ආ කල මෝසෙස් යොර්දානෙන් එගොඩදී හෙෂ්බොන්හි වාසයකළාවූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ දේශයෙහි බෙත්-පෙයෝර් ඉදිරිපිට තිබෙන මිටියාවතේදී ඔවුන්ට කියාදුන් ශික්ෂාද පනත්ද විනිශ්චයවල්ද මේවාය.


තවද මධ්‍යම රාත්‍රියේදී ස්වාමීන්වහන්සේ, සිංහාසනය පිට හුන් ඵාරාවෝගේ කුලුඳුලා පටන් හිරගෙයි සිටි වහලාගේ කුලුඳුලා දක්වා මිසරයෙහි සියලු කුලුඳුලන්ටත් සිව්පාවුන්ගේ සියලු කුලුඳුලන්ටත් පහර දුන්සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්