ඒසව් ඇස් ඔසවා ස්ත්‍රීන් හා දරුවන් දැක: නුඹ සමඟ සිටින මොව්හු කවුරුදැයි ඇසුවේය. දෙවියන්වහන්සේ කරුණාවෙන් ඔබගේ මෙහෙකරුවාට දුන් දරුවෝයයි ඔහු කීවේය.
දේශනාකාරයා 6:3 - Sinhala Revised Old Version මනුෂ්‍යයෙකුට දාව දරුවන් සියයක් උපන්නත්, ඔහු බොහෝ අවුරුදු ජීවත්වුණත්, ඔහුගේ අවුරුදු ගණන වැඩිවුණත්, ඔහුගේ ප්‍රාණය සැපයෙන් තෘප්තියට පැමිණෙන්නේවත් ඔහුට වැළලීමක් ලැබෙන්නේවත් නැත්නම්, ඔහුට වඩා ගබ්සාවීමක් හොඳයයි කියමි. Sinhala New Revised Version මනුෂ්‍යයෙකුට දාව දූදරුවන් සියයක් උපන්නත්, ඔහු දිගායු වැළඳුවත්, ඔහු සැපසම්පතින් තෘප්තියට පැමිණෙන්නේ වත්, ඔහුට සුදුසු භූමදානයක් ලැබෙන්නේ වත් නැත්නම්, උපන් ගෙයි දී මළ දරුවෙක් ඔහුට වඩා හොඳ යයි කීමි. Sinhala New Revised Version 2018 මනුෂ්‍යයෙකුට දාව දූදරුවන් සියයක් උපන්නත්, ඔහු දිගායු වැළඳුවත්, ඔහු සැපසම්පතින් තෘප්තියට පැමිණෙන්නේ වත්, ඔහුට සුදුසු භූමදානයක් ලැබෙන්නේ වත් නැත්නම්, උපන් ගෙයි දී මළ දරුවෙක් ඔහුට වඩා හොඳ යයි කීමි. |
ඒසව් ඇස් ඔසවා ස්ත්‍රීන් හා දරුවන් දැක: නුඹ සමඟ සිටින මොව්හු කවුරුදැයි ඇසුවේය. දෙවියන්වහන්සේ කරුණාවෙන් ඔබගේ මෙහෙකරුවාට දුන් දරුවෝයයි ඔහු කීවේය.
යාකොබ්ද: මාගේ ප්‍රවාස කාලයේ අවුරුදු ගණන එකසිය තිහක්ය. මාගේ ජීවිතයේ අවුරුදු ගණන ස්වල්පව දුක්ඛිතව තිබුණේය, ඒවා මාගේ පියවරුන්ගේ ජීවිතවල ඔවුන්ගේ ප්‍රවාස කාලයේ අවුරුදු ගණනට නොපැමුණුණේයයි ඵාරාවෝට කීයේය.
ආහබ්ගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් සමාරියේ සිටියෝය. යේහු ලියුම් ලියා සමාරියේ සිටි යෙස්‍රෙයෙල්හි අධිපතීන්වූ වැඩිමහල්ලන්ටද ආහබ්ගේ දරුවන් ඇතිදැඩිකළ තැනැත්තන්ටද ඇරියේය.
ඔව්හු ඈ තැන්පත්කරන්ට ගිය විට ඇගේ ඉස්කබලද පාදද දෙඅල්ලද මිස ඇගෙන් වෙන කිසිවක් සම්බනොවී,
ස්වාමීන්වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන්සේක; නුමුත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ස්වාමීන්වහන්සේගේ රජකම්කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරෙන් මාගේ පුත්‍රවූ සාලමොන් තෝරාගත්සේක.
රෙහොබොවම් තමාගේ සියලු භාර්යාවන්ටත් උප භාර්යාවන්ටත් වඩා අබ්සලොම්ගේ දූවූ මයකාට ආදරේවිය. ඔහු භාර්යාවන් දහඅටදෙනෙකුත් උප භාර්යාවන් හැටදෙනෙකුත් පාවාගත්තේය, පුත්‍රයන් විසිඅටදෙනෙක්ද දූවරුන් හැටදෙනෙක්ද ඔහුට උපන්නෝය.
තමාගේ වස්තුවේ ඓශ්චර්යයද තමාගේ දරුවන් රාශියද රජ විසින් තමා උසස්කළ හැටිද රජුගේ අනික් අධිපතීන්ටත් සේවකයන්ටත් වඩා තමා ප්‍රධානකළ හැටිද යනාදිවූ සියල්ල පැවසුවේය.
එසේ හාමාන් විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේම හාමාන් එල්ලා දැමුවෝය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳුණේය.
දියව යන ගොම්බෙල්ලෙකු මෙන්ද, ස්ත්‍රියෙකුගේ හිරු නුදුටු අකාල ගර්භ ඵලය මෙන්ද ඔව්හු පහවෙත්වා.
එසේය, ඒ දෙපක්ෂයටම වඩා ඉර යට කෙරෙන නපුරු ක්‍රියා නුදුටුවාවූ, තවම නූපන්නාවූ මනුෂ්‍යයා හොඳයයි සිතීමි.
කොටළුවෙකු වළලන්නාක්මෙන් ඔහු යෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් හෙළා වළලනු ලබනවා ඇත.
එබැවින් ස්වාමීන්වහන්සේ යූදාහි රජවූ යෙහෝයාකීම් ගැන මෙසේ කියනසේක: ඔහුට දාවිත්ගේ සිංහාසනයෙහි හිඳින්ට කෙනෙක් නොසිටින්නේය. ඔහුගේ මළකඳ දවාලේ ග්‍රීෂ්මයටත් රාත්‍රියේ ශීතලයටත් පිටත හෙළාදමනු ලබන්නේය.
ඔවුන් ප්‍රේමකළාවූ, සේවයකළාවූ, අනුව ගියාවූ, පේන අසාගත්තාවූ, නමස්කාරකළාවූ ඉරත් සඳත් මුළු අහස් සේනාවත් ඉදිරියෙහි ඒවා අතුරා තබන්නෝය. ඒවා එකතුකරන්ටවත් වළලන්ටවත් නොයෙදී, භූමිය මතුපිට කසළ වන්නේය.
මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන හැටියට ඔහු යන්නේය. නුමුත් මනුෂ්‍ය පුත්‍රයා පාවාදෙන ඒ මනුෂ්‍යයාට දුක්වේ! ඒ මනුෂ්‍යයා නූපන්නා නම් ඔහුට යහපතැයි කීසේක.