Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 9:35 - Sinhala Revised Old Version

35 ඔව්හු ඈ තැන්පත්කරන්ට ගිය විට ඇගේ ඉස්කබලද පාදද දෙඅල්ලද මිස ඇගෙන් වෙන කිසිවක් සම්බනොවී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ඔව්හු ඈ තැන්පත් කරන්නට ගිය විට ඇගේ හිස් කබල ද පාද ද දෑත ද මිස ඇගෙන් වෙන කිසිවක් සම්බ නොවී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 ඔව්හු ඈ තැන්පත් කරන්නට ගිය විට ඇගේ හිස් කබල ද පාද ද දෑත ද මිස ඇගෙන් වෙන කිසිවක් සම්බ නොවී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 9:35
9 හුවමාරු යොමු  

ඔහු ඒ ගෞරවය දෙවියන්වහන්සේට නුදුන් බැවින්, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් එකෙණෙහිම ඔහුට පහරදුන්නේය. ඔහු පණුවන් විසින් කනලදුව මැරුණේය.


එබැවින් ස්වාමීන්වහන්සේ යූදාහි රජවූ යෙහෝයාකීම් ගැන මෙසේ කියනසේක: ඔහුට දාවිත්ගේ සිංහාසනයෙහි හිඳින්ට කෙනෙක් නොසිටින්නේය. ඔහුගේ මළකඳ දවාලේ ග්‍රීෂ්මයටත් රාත්‍රියේ ශීතලයටත් පිටත හෙළාදමනු ලබන්නේය.


කොටළුවෙකු වළලන්නාක්මෙන් ඔහු යෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් හෙළා වළලනු ලබනවා ඇත.


මනුෂ්‍යයෙකුට දාව දරුවන් සියයක් උපන්නත්, ඔහු බොහෝ අවුරුදු ජීවත්වුණත්, ඔහුගේ අවුරුදු ගණන වැඩිවුණත්, ඔහුගේ ප්‍රාණය සැපයෙන් තෘප්තියට පැමිණෙන්නේවත් ඔහුට වැළලීමක් ලැබෙන්නේවත් නැත්නම්, ඔහුට වඩා ගබ්සාවීමක් හොඳයයි කියමි.


අධර්මිෂ්ඨයාට විනාශයත් අයුතුකම්කරන්නන්ට විපත්තියත් නොවේද?


බල්ලෝ යෙස්‍රෙයෙල් බිම් කොටසෙහිදී යෙසෙබෙල් කන්නෝය, ඈ තැන්පත්කරන්ට කිසිවෙක් නොසිටින්නේයයි කීසේකැයි ඔහුට කියා දොර හැර පලාගියේය.


ඔහු ඇතුල්වී පසුව කා බී: ඒ ශාපලත් ස්ත්‍රිය රජෙකුගේ දුවෙක් නිසා බලා ඈ තැන්පත්කරන්නැයි කීවේය.


හැරී ගොස් ඔහුට දැන්නුවෝය. ඔහු කථාකොට: මේ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ තිෂ්බිය එලියා ලවා කියෙවු වචනයය–යෙස්‍රෙයෙල් බිම් කොටසේදී බල්ලෝ යෙසෙබෙල්ගේ මාංස කන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්