Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 33:5 - Sinhala Revised Old Version

5 ඒසව් ඇස් ඔසවා ස්ත්‍රීන් හා දරුවන් දැක: නුඹ සමඟ සිටින මොව්හු කවුරුදැයි ඇසුවේය. දෙවියන්වහන්සේ කරුණාවෙන් ඔබගේ මෙහෙකරුවාට දුන් දරුවෝයයි ඔහු කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඒසව් නෙත් ඔසවා බැලූ විට, ස්ත්‍රීන් හා දරුවන් දැක, “ඔබ සමඟ සිටින මේ අය කාගේ දැ”යි ඇසූ විට, ජාකොබ් පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ දාසයා හට කරුණාව පා දුන් දරුවෝ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඒසව් නෙත් ඔසවා බැලූ විට, ස්ත්‍රීන් හා දරුවන් දැක, “ඔබ සමඟ සිටින මේ අය කාගේ දැ”යි ඇසූ විට, ජාකොබ් පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ දාසයා හට කරුණාව පා දුන් දරුවෝ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 33:5
9 හුවමාරු යොමු  

බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය.


බලව, මමද ස්වාමීන්වහන්සේ මට දුන් දරුවෝද සියොන් කන්දෙහි වසන සේනාවල ස්වාමීන්වහන්සේ කෙරෙන් ඉශ්‍රායෙල්ට ලකුණුද පුදුමද පිණිස සිටිමුව.


යෝසෙප්: මොව්හු දෙවියන්වහන්සේ මට මෙහිදී දුන් මාගේ පුත්‍රයෝයයි තමාගේ පියාට කීවේය. ඔවුන් මා ළඟට ගෙනෙන්න, මම ඔවුන්ට ආශීර්වාදකරන්නෙමියි ඔහු කීය.


නැවතද: මම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නෙමියි කියාද, ආයෙත්: මෙන්න, මමත් දෙවියන්වහන්සේ මට දුන් දරුවොත්ය කියාද කීසේක.


ස්වාමීන්වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන්සේක; නුමුත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ස්වාමීන්වහන්සේගේ රජකම්කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරෙන් මාගේ පුත්‍රවූ සාලමොන් තෝරාගත්සේක.


මේ දරුවා ලබාගන්ට යාච්ඤාකෙළෙමි; ස්වාමීන්වහන්සේද මා උන්වහන්සේගෙන් ඉල්ලූ මාගේ ඉල්ලීම මට දුන්සේක.


මෙසේ බෝවස් රූත් පාවාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වූවාය. ඔහු ඈ වෙතට පැමිණි කල ස්වාමීන්වහන්සේ ඈට ගර්භෝත්පත්තිය දුන්සේක, ඈ පුත්‍රයෙකු බිහිකළාය.


එවිට යාකොබ් රාඛෙල් කෙරෙහි තරහවිය. ඔහු කථාකොට: ගර්භයේ ඵල නුඹෙන් වැලැක්වූ දෙවියන්වහන්සේ වෙනුවට මම සිටිම්දැයි කීය.


එකල දාසීහුද ඔවුන්ගේ දරුවෝද ළංවී වැන්දෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්