Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 3:11 - Sinhala Revised Old Version

11 මා උපන් සැටියේම නොමැරුණේ මන්ද? කුසින් බිහිවෙද්දී මාගේ පණ තුරන් නොවූයේ මක්නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මවු කුසේ දී ම මා නොමළේ මන් ද? කුසෙන් නික්ම ආ විගස ම මාගේ පණ නොගියේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මවු කුසේ දී ම මා නොමළේ මන් ද? කුසෙන් නික්ම ආ විගස ම මාගේ පණ නොගියේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 3:11
15 හුවමාරු යොමු  

ගර්භයේ සිට මා විසින් උසුලනලද්දාවූ, කුසේ සිට ගෙනයනලද්දාවූ යාකොබ් වංශය සහ ඉශ්‍රායෙල් වංශයේ ඉතිරිවූ සියල්ලෙනි, මාගේ වචන අසන්න:


ස්වාමීන්වහන්ස, ඔවුන්ට [ප්‍රතිඵල] දුන මැනව. ඔබ කුමක් දෙනසේක්ද? ගබ්සාවන ගර්භයක්ද කිරි නැති තනද ඔවුන්ට දුන මැනව.


අහෝ මාගේ මෑණියෙනි, මුළු දේශය සමඟ තරඟද විවාදද කරන මනුෂ්‍යයෙකු වෙන්ට නුඹ මා බිහිකළ නිසා මට දුක්වේ! මම ණය නුදුන්නෙමි, ණය නොගත්තෙමි; එහෙත් සියල්ලෝම මට ශාපකරති.


මවු ගැබෙහි පටන් ඔබ මා ඉසුලූසේක. මවු කුසින් මා පිටතට ගත්තේ ඔබය. මාගේ ප්‍රශංසාව නිතරම ඔබ ගැන වන්නේය.


දියව යන ගොම්බෙල්ලෙකු මෙන්ද, ස්ත්‍රියෙකුගේ හිරු නුදුටු අකාල ගර්භ ඵලය මෙන්ද ඔව්හු පහවෙත්වා.


මක්නිසාද ඒක මා බිහිකළ කුසේ දොරවල් නොවැසුවේය, මාගේ ඇස්වලින් දුකද නොසැගෙවුවේය.


උකුළ මා පිළිගත්තේ මන්ද? මා කිරිබොන පිණිස තන සූදානම්ව තිබුණේ මක්නිසාද?


එබැවින් තවම ජීවත්ව සිටින්නන්ට වඩා මැරී ගියාවූ අයගේ ස්වභාව යෙහෙකැයි කීයෙමි.


එසේය, ඒ දෙපක්ෂයටම වඩා ඉර යට කෙරෙන නපුරු ක්‍රියා නුදුටුවාවූ, තවම නූපන්නාවූ මනුෂ්‍යයා හොඳයයි සිතීමි.


ඒ මනුෂ්‍යයා වනාහි ස්වාමීන්වහන්සේ කරුණා නොකර නාස්තිකළ නුවරවල් මෙන් වේවා. උදයේ කෑගැසීමක්ද ඉර මුදුන් වේලාවේ ඝෝෂාකිරීමක්ද ඔහුට ඇසේවා.


මනුෂ්‍යයෙකුට දාව දරුවන් සියයක් උපන්නත්, ඔහු බොහෝ අවුරුදු ජීවත්වුණත්, ඔහුගේ අවුරුදු ගණන වැඩිවුණත්, ඔහුගේ ප්‍රාණය සැපයෙන් තෘප්තියට පැමිණෙන්නේවත් ඔහුට වැළලීමක් ලැබෙන්නේවත් නැත්නම්, ඔහුට වඩා ගබ්සාවීමක් හොඳයයි කියමි.


තවද ඒක ඉර දුටුවේවත් දැනගත්තේවත් නැත; ඔහුට වඩා එයට නිශ්චලය තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්