ඔහුට පාත රටෙහිත් සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු කාන්තාරයෙහි මුර කොටු ගොඩනගා බොහෝ ජලාසයන්ද සෑදුවේය. ඔහු ගොවි කර්මාන්තයට ප්‍රසන්නව සිටි බැවින් කඳුවලත් සරු කෙත්වලත් ගොවියෝද මිදිවතු වවන්නෝද ඔහුට සිටියෝය.
දේශනාකාරයා 5:8 - Sinhala Revised Old Version දිළින්දාට පීඩාකිරීමත් විනිශ්චයද යුක්තියද පෙරළීමත් රටේ තිබෙන බව නුඹ දකින විට ඒ කාරණාවට විස්මිත නොවෙන්න. මක්නිසාද උත්තමයන්ට වඩා උතුම් කෙනෙක් බලාගන්නසේක; ඉතා උතුම් කෙනෙක් ඔවුන් කෙරෙහිද සිටිනසේක. Sinhala New Revised Version දිළිඳුන්ට පීඩා කිරීම ද යුක්තිය හා සාධාරණකම පෙරළීම ද රටේ ඇති වන බව ඔබ දකින විට ඒ ගැන පුදුම නොවන්න. හැම නිලධාරියාට ම ඉහළින් ඊට වඩා උසස්, වෙන නිලධාරියෙක් ඇත. Sinhala New Revised Version 2018 දිළිඳුන්ට පීඩා කිරීම ද යුක්තිය හා සාධාරණකම පෙරළීම ද රටේ ඇති වන බව ඔබ දකින විට ඒ ගැන පුදුම නොවන්න. හැම නිලධාරියාට ම ඉහළින් ඊට වඩා උසස්, වෙන නිලධාරියෙක් ඇත. |
ඔහුට පාත රටෙහිත් සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු කාන්තාරයෙහි මුර කොටු ගොඩනගා බොහෝ ජලාසයන්ද සෑදුවේය. ඔහු ගොවි කර්මාන්තයට ප්‍රසන්නව සිටි බැවින් කඳුවලත් සරු කෙත්වලත් ගොවියෝද මිදිවතු වවන්නෝද ඔහුට සිටියෝය.
දෙවියන්වහන්සේ ඔවුන්ට සුවසේ සිටින්ට දෙන විට ඔව්හු නිශ්චලව සිටිති; උන්වහන්සේගේ ඇස් ඔවුන්ගේ මාර්ග දෙස තිබෙයි.
දිළිඳුන්ගෙන් කොල්ලකෑම නිසාද දුප්පතුන්ගේ සුසුම්ලීම නිසාද මම දැන් නැගිට, අපහාසකරනු ලැබූ අය සුරක්ෂිත ලෙස පිහිටුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ස්වාමිනි, නාස්තිකළ මැනව, ඔවුන්ගේ කථාව භේදකළ මැනව. මක්නිසාද නුවර බලාත්කාරයත් විවාදයත් දුටිමි.
තමාට ලාභය වැඩිකරගන්න පිණිස දිළින්දාට පීඩාකරන්නාද පොහොසතුන්ට දෙන තැනැත්තාද සැබවින්ම හිඟකමට පැමිණෙයි.
අපි මෙය නොදත්තෙමුයයි නුඹ කියන්නෙහිනම්, සිත් කිරාබලන තැනන්වහන්සේ එය නොබලනසේක්ද? නුඹේ ප්‍රාණය ආරක්ෂාකරන තැනන්වහන්සේ එය නොදන්නාසේක්ද? උන්වහන්සේ ඒ ඒ මනුෂ්‍යයාට තම තමාගේ ක්‍රියාවේ හැටියට විපාක නොදෙනසේක්ද?
තවද ඉර යට විනිශ්චයේ ස්ථානයෙහිම දුෂ්ටකමද යුක්තියේ ස්ථානයෙහිම දුෂ්ටකමද තිබෙන බව දුටිමි.
නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.
මෙකී සියල්ලම මම දැක, ඉර යට කෙරෙන සියලු වැඩවලට මාගේ සිත යොමුකෙළෙමි. මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන කාලයක් තිබේ.
මෙසේ ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් තමන්ගේ මුළු වැඩය තීන්දුකළ පසු, මම අෂූර්හි රජුගේ සිතේ අහංකාරකමේ ඵලය ගැනත් ඔහුගේ උඩඟු ඇස්වල එඩිතරකම ගැනත් දඬුවම්කරන්නෙමි.
නුඹලා මාගේ සෙනඟ පාගා දමන්නෙත් අසරණයන්ගේ මුහුණු පොඩිකරන්නෙත් මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක.
ඒ රාත්‍රියේදී ස්වාමීන්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණු විට, බලව, ඒ සියල්ලෝ මළකඳන් වූය.
මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේගේ මිදිවත්ත නම් ඉශ්‍රායෙල් වංශයය, උන්වහන්සේගේ ප්‍රිය පැළෑටිය නම් යූදා මනුෂ්‍යයෝය. උන්වහන්සේ යුක්තිය දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ අයුක්තියය; ධර්මිෂ්ඨකම දකින්ට බලාසිටිනසේක, නුමුත් තිබුණේ විලාපයය.
මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනන්වහන්සේ මෙසේ කියනසේක. මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.
ඔහුගේ පියා වනාහි ක්‍රෑරලෙස පීඩාකොට, තමාගේ සහෝදරයාගෙන් කොල්ලකා, තමාගේ සෙනඟ අතරේ හොඳ නැති දේ කළ නිසා, බලව, ඔහු තමාගේ අයුතුකමෙහි නසින්නේය.
මක්නිසාද නුඹලාගේ වරදවල් කොපමණ වැඩිව, නුඹලාගේ පාපවල් කොපමණ තදබලව තිබෙනවාද කියාදනිමි; නුඹලා ධර්මිෂ්ඨයාට පීඩාකරන්නහුය, අල්ලසක් ගෙන, යුක්තිය නොකොට දිළිඳුන් දොරටුවෙහි අහක්කරන්නහුය.
නොවටිනා දෙයක් ගැන සන්තෝෂවෙන්නාවූ, අපේම බලයෙන් අපි අං ලබා නොගතිමුදැයි කියන්නාවූ තැනැත්තෙනි,
නුඹලා මාගේ සෙනඟගේ ස්ත්‍රීන් තමුන්ගේ ප්‍රිය ගෙවල්වලින් පන්නා දමන්නහුය; ඔවුන්ගේ බාල දරුවන්ගෙන්ද මාගේ මහිමය සදාකාලේටම පහකරන්නහුය.
සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ සෙනඟගෙන් ඉතිරි අයට ඒ දවස්වලදී ඒක පුදුමයක්ව පෙනුණත් මටත් පුදුමයක්ව පෙනේදැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
උන්වහන්සේ උතුම්ව මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක. උන්වහන්සේගේ පියවූ දාවිත්ගේ සිංහාසනය දෙවිවූ ස්වාමීන්වහන්සේ උන්වහන්සේට දෙනසේක.
දේවදූතයා ඈට උත්තරදෙමින්: ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක, මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක.
එසේය, දරුව, නුඹ මහෝත්තමයාණන්ගේ අනාගතවක්තෘයයි කියනු ලබන්නෙහිය. මක්නිසාද නුඹ ස්වාමීන්වහන්සේගේ මාර්ග පිළියෙළකරන්ට,
ඔහු ඒ ගෞරවය දෙවියන්වහන්සේට නුදුන් බැවින්, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් එකෙණෙහිම ඔහුට පහරදුන්නේය. ඔහු පණුවන් විසින් කනලදුව මැරුණේය.
අහෝ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාවෙත් දැනගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන්වහන්සේගේ විනිශ්චයන් සොයා දැනගැන්මත් උන්වහන්සේගේ මාර්ගයන් තේරුම්ගැනීමත් කොපමණ අමාරුද!
මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.
ප්‍රේමවන්තයෙනි, නුඹලා සෝදිසි කිරීම පිණිස පැමිණෙන නුඹලා අතරේ තිබෙන ගිනිමය පීඩාව ගැන අපූර්ව කාරණාවක් නුඹලාට සිද්ධවෙන්නාක් මෙන් පුදුම නොවෙන්න.