Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 8:9 - Sinhala Revised Old Version

9 මෙකී සියල්ලම මම දැක, ඉර යට කෙරෙන සියලු වැඩවලට මාගේ සිත යොමුකෙළෙමි. මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන කාලයක් තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මෙකී සියල්ල ම දැක මම මිහි මත කෙරෙන සියලු වැඩවලට මාගේ සිත යොමු කෙළෙමි. වෙන අයට වද දීමේ බලය මනුෂ්‍යයෙකුට ලබාගත හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 මෙකී සියල්ල ම දැක මම මිහි මත කෙරෙන සියලු වැඩවලට මාගේ සිත යොමු කෙළෙමි. වෙන අයට වද දීමේ බලය මනුෂ්‍යයෙකුට ලබාගත හැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 8:9
15 හුවමාරු යොමු  

දිළින්දාට පීඩාකිරීමත් විනිශ්චයද යුක්තියද පෙරළීමත් රටේ තිබෙන බව නුඹ දකින විට ඒ කාරණාවට විස්මිත නොවෙන්න. මක්නිසාද උත්තමයන්ට වඩා උතුම් කෙනෙක් බලාගන්නසේක; ඉතා උතුම් කෙනෙක් ඔවුන් කෙරෙහිද සිටිනසේක.


ඉර යට මා දුටු මහත් වරදක් තිබේ, එනම් අයිතිකාරයා විසින් තමාට අන්තරාය වන ලෙස වස්තුව තබාගැනීමය.


මම ප්‍රඥාවද කාරණාවල හේතුවද දැනගන්ටත් සෝදිසිකරන්ටත් සොයාගන්ටත්, දුෂ්ටකම අඥානකම බවද මෝහය උමතුකම බවද දැනගන්ටත් මාගේ සිතින් හැරුණෙමි.


දෙවියන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කරන්ට දී තිබෙන වැඩ මම දුටිමි.


ඉර යට කෙරෙන සියලු කර්මාන්ත දුටිමි; ඒ සියල්ල නිෂ්ඵලකමක්ද හිස්වූ උත්සාහයක්ද වේ.


නුමුත් හෙෂ්බොන්හි රජවූ සීහොන් තමා ළඟින් යන්ට අපට ඉඩ දෙන්ට කැමති නූණේය. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ දවසේ තිබෙන්නාක් මෙන් ඔහු නුඹ අතට පාවාදෙන පිණිස ඔහුගේ ආත්මය දැඩිකොට ඔහුගේ සිත මුරණ්ඩු කළසේක.


ජලය හැරී ඇවිත් රථද අසුරුවන්ද එසේය, ඔවුන් පස්සේ මුහුදට ගියාවූ ඵාරාවෝගේ මුළු සේනාව වසාගත්තාය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවීය.


ඔව්හු ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් හමුවෙහි මරා, ඔහුගේ ඇස් අන්ධකොට, ඔහු විලංගු දමා බබිලෝනියට ගෙන ගියෝය.


තවද ඉර යට විනිශ්චයේ ස්ථානයෙහිම දුෂ්ටකමද යුක්තියේ ස්ථානයෙහිම දුෂ්ටකමද තිබෙන බව දුටිමි.


නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නුමුත් සනසන්නෙක් නොසිටියේය.


සැබවින්ම බලාත්කාරය නිසා ප්‍රඥාවන්තයා මෝඩවන්නේය; අල්ලසක් සිත මුළාකරන්නේය.


මක්නිසාද ස්වප්න හා නිෂ්ඵලකම් රාශියකිනුත් බොහෝ වචනවලිනුත් මෙසේ සිදුවේ. එබැවින් නුඹ දෙවියන්වහන්සේට භයවෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්