කොල්ලකාරයන්ගේ කුඩාරම් සඵල වෙති, දෙවියන්වහන්සේ උදහස්කරවන්නෝද සුරක්ෂිතව සිටිති; දෙවියන්වහන්සේ ඔවුන් අතට බොහෝසෙයින් දෙනසේක.
දානියෙල් 8:12 - Sinhala Revised Old Version දවස්පතා පූජාව ඇතුළුව සේනාව අපරාධය නිසා පාවාදෙනු ලැබීය; එය වනාහි සත්‍යය බිම හෙළුවේය, එසේ කරලාත් සඵලවුණේය. Sinhala New Revised Version අහස් සේනාව වනසාදැමී ය; දවස්පතා පූජාව කෙලෙසනු ලැබී ය; ඒ අඟ සත්‍යය බිම හෙළුවේ ය. එය කළ හැම දෙයක් සඵලවත් විය. |
කොල්ලකාරයන්ගේ කුඩාරම් සඵල වෙති, දෙවියන්වහන්සේ උදහස්කරවන්නෝද සුරක්ෂිතව සිටිති; දෙවියන්වහන්සේ ඔවුන් අතට බොහෝසෙයින් දෙනසේක.
තවද සත්‍ය වචනය මාගේ කටින් සහමුලින්ම ඉවත් නොකළ මැනව; මක්නිසාද ඔබගේ විනිශ්චයන් කෙරෙහි බලාපොරොත්තුවීමි.
ඔවුන් ස්වාමීන්ගේ ක්‍රියා හෝ උන්වහන්සේගේ හස්තකර්ම හෝ නොසලකන බැවින් උන්වහන්සේ ඔවුන් බිඳ දමනසේක, ගොඩ නොනගනසේක.
යුක්තිය පස්සට හරවාදමනු ලැබීය. ධර්මිෂ්ඨකමද දුරින් තිබේ. මක්නිසාද සැබෑකම වීථියේ වැටුණේය, අවංකකමට ඇතුල්වෙන්ට බැරිය.
ස්වාමීන්වහන්ස, මා ඔබ සමඟ කාරණා කියන කල ඔබ ධර්මිෂ්ඨය. එහෙත් ඒ ගැන ඔබ සමඟ තර්කකරන්ට කැමැත්තෙමි. දුෂ්ටයන්ගේ මාර්ගය දියුණුවන්නෙත් තද ද්‍රෝහිකම්කරන සියල්ලන් සුවසේ සිටින්නෙත් මක්නිසාද?
එකල ඔහු බොහෝ සම්පත් ඇතුව තමාගේ දේශයට හැරීයනවා ඇත; ඔහු තමාගේ සිත ශුද්ධ ගිවිසුමට විරුද්ධව තබා, තමාගේ කැමැත්ත ඉෂ්ටකොට, තමාගේ දේශයට හැරීයන්නේය.
ඒ පුරාතන තැනන්වහන්සේ ඇවිත්, මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට යුක්තිය කරන තුරුද ශුද්ධවන්තයන් රාජ්‍යය භුක්තිවිඳින කාලය පැමිණෙන තුරුද,
ඒ බැටළුවා බස්නාහිරද උතුරද දකුණද දෙසට අනිනවා දුටිමි; කිසි මෘගයෙකුට ඌට විරුද්ධව සිටින්ට බැරිවිය, උගේ අතින් ගළවන්ට කිසිවෙක් සිටියෙත් නැත; ඌ තමාගේ කැමැත්ත ලෙස කරමින් බලවත්වුණේය.
තවද ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කරන්ටද ඔවුන්ගෙන් ජයගන්ටද ඌට ඉඩ දෙනලද්දේය. සියලු ගෝත්‍රයන්ද සෙනඟද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙනලද්දේය.
තමාට අන්තරාකරන්ට සාවුල් උපා යොදන බව දාවිත් දැනගත් විට: ඒඵොද් සැට්ටය මෙහි ගෙනෙන්නැයි ඔහු පූජකවූ අබියාතර්ට කීවේය.