Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 7:21 - Sinhala Revised Old Version

21 ඒ පුරාතන තැනන්වහන්සේ ඇවිත්, මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට යුක්තිය කරන තුරුද ශුද්ධවන්තයන් රාජ්‍යය භුක්තිවිඳින කාලය පැමිණෙන තුරුද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 මා බලා සිටිය දී මේ අඟ සැදැහැවතුන්ට විරුද්ධ ව යුද්ධ කර ජයගත් බව මම දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 7:21
12 හුවමාරු යොමු  

එවිට හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයා තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා, සදාකාලයටම ජීවත්වන තැනන්වහන්සේ ගැන දිවුරා: කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් එය පවතිනවා ඇත; ශුද්ධවන්ත සෙනඟගේ බලය විසිරවීම තීන්දුකළාම මේ සියල්ල තීන්දුවන්නේයයි කියනවා ඇසීමි.


මොව්හු බැටළුපැටවාණන්ට විරුද්ධව යුද්ධකරන්නෝය, බැටළුපැටවාණෝ ඔවුන් පරාජයකරනසේක, මක්නිසාද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රජවරුන්ගේ රජ්ජුරුවෝය; උන්වහන්සේ සමඟ සිටින්නෝද කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝයයි කීවේය.


ඔහුගේ බලය සවිව තිබෙන්නේය, නුමුත් ඔහුගේම බලයෙන් නොවේ; ඔහු අද්භූතලෙස නාස්තිකරන්නේය, සඵලවෙමින් කැමැතිලෙස ක්‍රියාකරන්නේය. ඔහු බලවතුන්ද ශුද්ධ සෙනඟද විනාශකරන්නේය.


ඒ ස්ත්‍රී ශුද්ධවන්තයන්ගේද යේසුස්වහන්සේගේ වේදසාක්ෂිකයන්ගේද ලෙයින් මත්වී සිටිනවා දුටිමි. මම ඈ දුටු විට මහත් පුදුමයකින් පුදුමවුණෙමි.


අශ්වයා පිට වැඩහුන් තැනන්වහන්සේටත් උන්වහන්සේගේ සේනාවටත් විරුද්ධව යුද්ධකිරීමට මෘගයාද පොළොවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාවන්ද රැස්ව සිටිනවා දුටිමි.


දවස්පතා පූජාව ඇතුළුව සේනාව අපරාධය නිසා පාවාදෙනු ලැබීය; එය වනාහි සත්‍යය බිම හෙළුවේය, එසේ කරලාත් සඵලවුණේය.


ඔහු විසින් නැගුටුවන සේනා පැමිණ, බලකොටුව වන ශුද්ධස්ථානය කෙලහා, දවස්පතා පූජාව පහකොට, පාළුකරන පිළිකුල පිහිටුවනවා ඇත.


උගේ හිසේ තිබුණු අං දසය ගැනද, යම් අඟක් හටගෙන අං තුනක් හෙළාදැමුවේද ඒ අඟ ගැනද, එනම් ඇස් සහ උඩඟුලෙස කථාකරන මුඛයක් ඇත්තාවූ, අනික් ඒවාට වඩා මහත්ව පෙනුණාවූ අඟ ගැනද අර්ථය දැනගන්ට කැමැතිව සිටියෙමි.


එයින් එකකින් කුඩා අඟක් නික්මී, දකුණත් නැගෙනහිරත් අලංකාර දේශයත් දෙසට ඉතා මහත්විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්