Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 23:9 - Sinhala Revised Old Version

9 තමාට අන්තරාකරන්ට සාවුල් උපා යොදන බව දාවිත් දැනගත් විට: ඒඵොද් සැට්ටය මෙහි ගෙනෙන්නැයි ඔහු පූජකවූ අබියාතර්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 තමාට අනතුරු කරන්නට සාවුල් උපා යොදන බව දාවිත් දැන ගත් විට, “ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ”යි ඔහු පූජක අබියාතර්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 තමාට අනතුරු කරන්නට සාවුල් උපා යොදන බව දාවිත් දැන ගත් විට, “ඒපොද් සැට්ටය මෙහි ගෙනෙන්නැ”යි ඔහු පූජක අබියාතර්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 23:9
15 හුවමාරු යොමු  

ඒඵොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැයි දාවිත් අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් පූජකයාට කීවේය. අබියාතර් ඒඵොද් සැට්ටය දාවිත් ළඟට ගෙනාවේය.


අහිමෙලෙක්ගේ පුත්‍රවූ අබියාතර් කෙයිලාහි දාවිත් ළඟට පලා ආ කල ඔහු තමාගේ අතේ ඒඵොද් සැට්ටයක් ඇතුව ආයේය.


පූජකවූ එලෙයාසර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඌරීම් විනිශ්චයෙන් ඔහු උදෙසා විභාගකරන පිණිස ඔහු එලෙයාසර් ඉදිරියට පැමිණේවා. එලෙයාසර්ගේ අණ පිට ඔහුද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද එනම් මුළු සභාවද පිටතට යෙත්වා, ඔහුගේ අණ පිට ඇතුළටද එත්වයි කීසේක.


ඔව්හු ඒ දැන, ලුකෝනියේ නුවරවල්වූ ලුස්ත්‍රාවටද දර්බයටද අවට පළාතටද පලාගොස්,


නුමුත් ඔවුන්ගේ උපාය සාවුල්ට දැනගන්ට ලැබුණේය. ඔහු මරන පිණිස ඔව්හු රෑදාවල් දොරටුවල රැකසිටියෝය.


මට යාච්ඤාකරන්න, එවිට මම නුඹට උත්තරදී, නුඹ නොදන්න මහත්වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි.


නුමුත් අහිතුබ්ගේ පුත්‍රයා වන අහිමෙලෙක්ගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ අබියාතර් ගැළවී දාවිත් වෙතට පලාගියේය.


සාවුල් අහියාට කථාකොට: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මෙහි ගෙනෙන්නැයි කීවේය. මක්නිසාද එකල්හි දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත තිබුණේය.


සාවුල් දාවිත් සහ ඔහුගේ මිනිසුන් වටලන පිණිස කෙයිලාට යන්ට මුළු සෙනඟ යුද්ධයට අඬගස්වාගත්තේය.


එවිට දාවිත්: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, සාවුල් මා නිසා කෙයිලා නුවර විනාශකරන පිණිස එන්ට සොයන බව ඔබගේ මෙහෙකරුවාවූ මට සැබවින් සැලවී තිබේ.


තවද රජ අබියාතර් පූජකයාට කථාකොට: අනාතොත්හි තිබෙන නුඹේම ඉඩමට යන්න; නුඹ මරණයට සුදුස්සෙක්ය. එහෙත් නුඹ මාගේ පියවූ දාවිත් ඉදිරියෙහි ස්වාමිවූ දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඉසුලූ බැවින්ද මාගේ පියාණන් දැරූ සියලු දුක්වලදී නුඹත් දුක් වින්ද බැවින්ද මේ වතාවේ නුඹ නොමරමියි කීවේය.


මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ බොහෝ දවස් රජෙක්වත් අධිපතියෙක්වත් පූජාවක්වත් රූපස්තම්භයක්වත් පූජක සැට්ටයක්වත් තෙරඵීම් රූපවත් නැතුව සිටින්නෝය.


එබැවින් ඔව්හු: ඒ මනුෂ්‍යයා දැන් මෙහි ඇවිත් සිටීදැයි වැඩිදුරටත් ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: ඔහු බඩු අතරේ සැඟවී ඉන්නවායයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්