ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




දානියෙල් 8:11 - Sinhala Revised Old Version

ඒක සේනාවේ අධිපතියාටත් විරුද්ධව උසස්වුණේය; උන්වහන්සේගෙන් දවස්පතා පූජාවද පහකරනු ලැබීය, උන්වහන්සේගේ ශුද්ධස්ථානයද හෙළනු ලැබීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එය සේනාධිපතීන්ටත් විරුද්ධ ව බලය පා, උන් වහන්සේට පුදන දිනපතා පූජා යටපත්කර ඔහුගේ ශුද්ධස්ථානය බිඳදැම්මේ ය.

පරිච්ඡේදය බලන්න



දානියෙල් 8:11
28 හුවමාරු යොමු  

නුඹ නින්දාකළෙත් අපහාසකළෙත් කාටද? නුඹ හඬ නැගුවෙත් උඩඟුවෙන් නුඹේ ඇස් එසෙවුවෙත් කාට විරුද්ධවද? ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධවය. ඔහු ගැන ස්වාමීන්වහන්සේ කී වචනය මේය.


මට විරුද්ධව තිබෙන නුඹේ කැරළිකාරකම නිසාද නුඹේ අහංකාර වචන මාගේ කන්වලට පැමුණුණ නිසාද නුඹේ නාසයේ මාගේ වළල්ලත් නුඹේ කටේ මාගේ කටකලියාවත් දමා, නුඹ ආ මාර්ගයෙන් නුඹ හරවායවන්නෙමි යනුයි.


ඔහු ස්වාමීන්වහන්සේට විරුද්ධව අහංකාරවූ නිසා ඔහු මත්කරන්න. මෝවබ්ද තමාගේ වමනයේ පෙරළී ඉඳ, කවටකමක් වන්නේය.


මෝවබ් ස්වාමීන්වහන්සේට විරුද්ධව අහංකාරකම් කළ නිසා, ජාතියක්ව නොසිටින ලෙස නැතිකරනු ලබන්නේය.


ඌ සමඟ උදයෙන් උදය ආහාර පූජාවක් වන ඒඵාවකින් හයෙන් කොටසක්ද සිහින් පිටි තෙමන්ට තෙල් හිනකින් තුනෙන් කොටසක්ද ස්වාමීන්වහන්සේට ආහාර පූජාවක් කොට පිළියෙළකරන්න; ඒක නිරන්තරවූ සදාකාල නියෝගයක්ය.


ජලගැල්මක් සමාන සේනාවෝ ගිවිසුමක් කරගත් අධිපතියාත් ඇතුව ඔහු ඉදිරියෙන් දියපහරකින් මෙන් බිඳීයන්නෝය.


ඔහු විසින් නැගුටුවන සේනා පැමිණ, බලකොටුව වන ශුද්ධස්ථානය කෙලහා, දවස්පතා පූජාව පහකොට, පාළුකරන පිළිකුල පිහිටුවනවා ඇත.


දවස්පතා පූජාව පහකර පාළුකරන පිළිකුල පිහිටුවන කාලය පටන් එක්දාස් දෙසිය අනූ දවසක් වන්නේය.


ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත.


ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධව කාරණා කියන්නේය, මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට පීඩාකරන්නේය. ඔහු කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස්කරන්ට සිතන්නේය; කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔව්හු ඔහු අතට භාරදෙනු ලබන්නෝය.


දවස්පතා පූජාව ඇතුළුව සේනාව අපරාධය නිසා පාවාදෙනු ලැබීය; එය වනාහි සත්‍යය බිම හෙළුවේය, එසේ කරලාත් සඵලවුණේය.


ඔහුගේ බලය සවිව තිබෙන්නේය, නුමුත් ඔහුගේම බලයෙන් නොවේ; ඔහු අද්භූතලෙස නාස්තිකරන්නේය, සඵලවෙමින් කැමැතිලෙස ක්‍රියාකරන්නේය. ඔහු බලවතුන්ද ශුද්ධ සෙනඟද විනාශකරන්නේය.


ඔහු තමාගේ නුවණින් තමාගේ අතේ උපාය සඵලකරගන්නේය; ඔහු තමාගේ සිතින් උසස්වී, බොහෝදෙනෙක් නොදැනුවත්ව සිටිද්දී ඔවුන් නැතිකරන්නේය. ඔහු අධිපතීන්ගේ අධිපතියාට විරුද්ධවද නැගිටිනවා ඇත; නුමුත් අතක බලය නැතුව ඔහු කඩාදමනු ලබන්නේය.


එබැවින් නුඹ මෙසේ දැනගන තේරුම්ගන්න, එනම් යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියාවූ ආලේපලත් තැනැත්තා දක්වා සති සතක්ද සති සැටදෙකක්ද තිබෙන බවය. කැලඹීම් සහිත කාලවලදී වුවත් වීථියත් අගළත් නැවත ගොඩනගනු ලබනවා ඇත.


නුඹ ඔවුන්ට මෙසේ කියන්න–නුඹලා ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්නාවූ ගිනි පූජාව නම් නිරන්තර දවන පූජාවක් පිණිස දවස්පතාම කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවුන් දෙදෙනෙක්ය.


ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.


ඔහු, දෙවියන්වහන්සේයයි කියනු ලබන්නාවූ නොහොත් නමස්කාරකරනු ලබන්නාවූ සියල්ලන්ට විරුද්ධව සිට, ඒ සියල්ලන්ට වඩා තමාම උසස්කරගෙන, දේවමාළිගාවෙහි වාඩිවී හිඳ, තමා දෙවිව සිටින්නේයයි පෙන්වන්නේය.


කුමක්හෙයින්ද යමෙකු නිසාත් යමෙකු කරණකොටගෙනත් සියල්ල පවත්නේද, ඒ තැනන්වහන්සේ විසින් බොහෝ පුත්‍රයන් තේජසට ගෙනයන කල ඔවුන්ගේ ගැළවීමේ කර්තෲන්වහන්සේ දුක්විඳීම කරණකොටගෙන සම්පූර්ණ කරන්ට යුතුවූයේය.


මොව්හු බැටළුපැටවාණන්ට විරුද්ධව යුද්ධකරන්නෝය, බැටළුපැටවාණෝ ඔවුන් පරාජයකරනසේක, මක්නිසාද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රජවරුන්ගේ රජ්ජුරුවෝය; උන්වහන්සේ සමඟ සිටින්නෝද කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝයයි කීවේය.