Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 8:11 - Sinhala New Revised Version

11 එය සේනාධිපතීන්ටත් විරුද්ධ ව බලය පා, උන් වහන්සේට පුදන දිනපතා පූජා යටපත්කර ඔහුගේ ශුද්ධස්ථානය බිඳදැම්මේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඒක සේනාවේ අධිපතියාටත් විරුද්ධව උසස්වුණේය; උන්වහන්සේගෙන් දවස්පතා පූජාවද පහකරනු ලැබීය, උන්වහන්සේගේ ශුද්ධස්ථානයද හෙළනු ලැබීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 8:11
28 හුවමාරු යොමු  

“දෛනික පූජා නතර කරනු ලැබ, බිහිසුණු දූෂිතය පිහිටුවනු ලබන කාලය පටන් එක්දාස් දෙසියඅනූ දවසක් ගත වන්නේ ය.


ඔහු විසින් යවනු ලබන සේනාවන් පැමිණ බලකොටුව ද ශුද්ධස්ථානය ද කෙලෙසා දමා දෛනික පූජා නතර කොට බිහිසුණු දූෂිතය පිහිටුවන්නේ ය.


ඔහු කපටි නුවණින් තමාගේ උපායයන් සාර්ථක කරගන්නේ ය. ඔහු තම උපායයන් හිතා මතා බොහෝ දෙනෙකු ඔවුන් නොදැනුවත් ව සිටිය දී විනාශ කරන්නේ ය. ඔහු අධිපතීන්ගේ අධිපතියාට විරුද්ධ ව ද නැඟිටිනු ඇත. එහෙත්, ඔහු කිසි පිහිටක් නැති ව බිඳ හෙළනු ලබයි.


ඌ සමඟ සෑම උදයක් පාසා ම ආහාර පූජාවක් වන පිටි කිලෝග්‍රෑම් දෙකක් ද සිහින් ධාන්‍ය තෙමන්න තෙල් ලීටරයක් ද සමිඳාණන් වහන්සේට ආහාර පූජාවක් කොට පිළියෙළ කරන්න. ඒක නිරන්තර දවන යාග පූජාවට නියෝගයක් වන්නේ ය.


මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”


නුඹ නින්දා කෙළේත්, අපහාස කෙළේත් කවරෙකුට ද කියා නුඹ සිතන්නෙහි ද? නුඹ නින්දා අපහාස කෙළේ වෙන කිසිවෙකුට නොව, ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවිඳුන් වන මට ය.


මන්ද, බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල, ඔවුන්ගේ විමුක්තිදායකයාණන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට, සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතු ව තිබිණි.


ඔව්හු කඩු මුවහතින් වැටෙන්නෝ ය; සියලු විජාතීන්ගේ රටවලට වහලුන් මෙ‍න් ගෙනයනු ලබන්නෝ ය; විදේශීන්ගේ පාලන අවදිය නිම වනතෙක් ජෙරුසලම විජාතීන් විසින් මඬිනු ලබන්නී ය.”


අහස් සේනාව වනසාදැමී ය; දවස්පතා පූජාව කෙලෙසනු ලැබී ය; ඒ අඟ සත්‍යය බිම හෙළුවේ ය. එය කළ හැම දෙයක් සඵලවත් විය.


ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ය; මහෝත්තමයාණන්ගේ සැදැහැවතුන්ට පීඩා කරන්නේ ය. ඔහු කාලයන් ද ව්‍යවස්ථාව ද වෙනස් කරන්නට සිතන්නේ ය; සැදැහැවත්හු අවුරුදු තුනහමාරකට ඔහුගේ අතට භාරදෙනු ලබන්නෝ ය.


තවද, කිසි පෙනීමක් වත්, ඇසීමක් වත්, දැනුමක් වත් නැති, රන් රිදී, ලෝකඩ, යකඩ, ලී සහ ගලින් සාදන ලද දෙවිවරුන්ට ඔබ ප්‍රශංසා කෙළෙහි ය. එහෙත්, ඔබේ ප්‍රාණයටත්, ඉරණමටත් කර්තෘ වන දෙවියන් වහන්සේට ඔබ ගෞරව කෙළේ නැත.


මෝවබ් තමන් උසස් ලෙස සැලකූ බැවින්, මින්පසු ජාතියක් ව නොසිටින ලෙස විනාශ කරනු ලබන්නේ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “ස්වාමීන් වන මට විරුද්ධ ව මෝවබ් තමන් උසස් ලෙස සිතූ නිසා, ඔහු වෙරිමත් වූ මිනිසෙකු මෙන් වේ වා! ඔහු සිය වමනයෙහි පෙරළෙමින් සරදමට ලක් වේ වා!


මට විරුද්ධ ව තිබෙන නුඹේ කැරලිකාරකම නිසා ද නුඹේ අහංකාර වචන මාගේ කන්වල වැකුණ නිසා ද නුඹේ නාසයේ කොක්කක් අමුණා, කටේ කටකලියාවක් දමා නුඹ පැමිණි මාර්ගයේ ම නුඹ ගෙන යන්නෙමි.”


“නුඹ ඔවුන්ට මෙය කිව යුතු ය: ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර නම්, අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකි. මෙය දිනපතා ම දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය.


ඔහු මිනිසුන් දෙවියන් කොට සලකන සියල්ලන්ට ද, මිනිසුන් නමස්කාර කරන සියල්ලන්ට ද විරුද්ධ ව සිට, ඒ හැමට වඩා තමා උසස් කරගනිමින්, දේව මාලිගාවෙහි වැඩහිඳ තමා දෙවියන් වහන්සේ යයි ප්‍රකාශ කරන්නේ ය.


ඔහු බලසම්පන්න වන්නේ ය. ඔහු භයානක ලෙස නැති නාස්ති කරන්නේ ය. ඔහු කරන හැම දෙයකින් ම ඔහු ජය ගන්නේ ය. ඔහු බලවතුන් ද සැදැහැවතුන් ද වර්ණනා කරන්නේ ය.


එබැවින් මෙය දැනගෙන තේරුම්ගන්න. ජෙරුසලම නැවත පිහිටුවා ගොඩනඟන්නට කියා ආඥාව නිකුත් වූ තැන් පටන්, අභිෂේක ලත් අධිපතියාගේ පැමිණීම දක්වා සති හතක් ගත වන්නේ ය. ඉන්පසු කරදර සහිත සති හැටදෙකක කාලය තුළ වුව ද එහි වීථි ද ප්‍රාකාර ද නැවත ගොඩනඟනු ලැබේ.


ඔහු ඉදිරියෙන් සේනාවක් සහමුලින් ම පන්නාදමනු ලබයි; ගිවිසුමක් කරගත් අධිපතියා ද බිඳ හෙළනු ලබයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්