Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 28:3 - Sinhala Revised Old Version

3 නුඹ ඔවුන්ට මෙසේ කියන්න–නුඹලා ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්නාවූ ගිනි පූජාව නම් නිරන්තර දවන පූජාවක් පිණිස දවස්පතාම කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවුන් දෙදෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 “නුඹ ඔවුන්ට මෙය කිව යුතු ය: ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර නම්, අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකි. මෙය දිනපතා ම දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 “නුඹ ඔවුන්ට මෙය කිව යුතු ය: ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර නම්, අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකි. මෙය දිනපතා ම දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 28:3
25 හුවමාරු යොමු  

ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට අණකරමින් මෙසේ කියන්න: දවන පූජාව පිළිබඳ ව්‍යවස්ථාව මේය–දවන පූජාව මුළු රාත්‍රියෙහි උදය දක්වා පූජාසනයේ මැස්ස පිට තිබිය යුතුය; පූජාසනයේ ගින්නද එහි දැල්වෙමින් තිබිය යුතුය.


ලෝකය පටන්ගැන්මේ සිට මරනලද බැටළුපැටවාණන්ගේ ජීවනපොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.


පසුවදා ඔහු තමා ළඟට යේසුස්වහන්සේ එනවා දැක කථාකොට: අන්න, ලෝකයේ පාපය දුරුකරන දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝ!


දවස්පතා පූජාව පහකර පාළුකරන පිළිකුල පිහිටුවන කාලය පටන් එක්දාස් දෙසිය අනූ දවසක් වන්නේය.


ඔහු විසින් නැගුටුවන සේනා පැමිණ, බලකොටුව වන ශුද්ධස්ථානය කෙලහා, දවස්පතා පූජාව පහකොට, පාළුකරන පිළිකුල පිහිටුවනවා ඇත.


එවිට ශුද්ධවන්තයෙක් කථාකරනවා ඇසීමි; තවත් ශුද්ධවන්තයෙක් කථාකළ තැනැත්තාට කියනුයේ: දවස්පතා පූජාවත් නාස්තිකරන අපරාධයත් ගැන පෙනුණු දර්ශනයේ හැටියට ශුද්ධස්ථානය සහ සේනාවත් පාගාදැමීමට කොපමණ කල් යනවා ඇද්දැයි ඇසුවේය.


ඉඳින් මේ දේවල් මෙසේ සූදානම්කොට තිබෙද්දී, පූජකයෝ මෙහෙයන් ඉෂ්ටකරමින් නිතරම පළමුවෙනි මණ්ඩපයට ඇතුල් වෙති.


ආරොන්ගේ පුත්‍රයෝ පූජාසනයෙහි ගින්නේ දර පිට තිබෙන දවන පූජාව මත්තෙහි එය දවත්වා. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳ පූජාවක්ය.


එක බැටළුපැටවෙකු උදය පූජාකරන්න; අනික් බැටළුපැටවා සවස පූජාකරන්න;


මෙය වනාහි නිරන්තර දවන පූජාව සහ ඒකේ පාන පූජාවද ඇර එක එක සබත් දවසේදී ඔප්පුකරන දවන පූජාවය.


නිරන්තර දවන පූජාව ඇර ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස එළුවෙක්ද උගේ පාන පූජාවද ඔප්පුකරනු ලබන්නේය.


නිරන්තර දවන පූජාවක් වන උදයේ දවන පූජාව ඇර මේවාත් ඔප්පුකරන්න.


එලෙස සත් දවසක් එක එක දවසට ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවේ ආහාරය ඔප්පුකරන්න. නිරන්තර දවන පූජාව ඇර ඒකත් ඒකේ පාන පූජාවත් ඔප්පුකරනු ලබන්නේය.


නිරන්තර දවන පූජාව සහ ඒකේ පාන පූජාවද ඇර උන්ද උන්ගේ පාන පූජාවල්ද ඔප්පුකරන්න. උන් කැලල් නැති සත්තු විය යුතුය.


නුඹලා උදෙසා සමඟිකමක් කරන පිණිස පාප පූජාවක් කොට එක එළුවෙක්ද ඔප්පුකරන්න.


බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.


බැටළුපැටවුන් දසසතර දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ඔප්පුකරන්න.


පූජකවූ ශාදොක්ද පූජකයන්වූ ඔහුගේ සහෝදරයන්ද, ගිබියොන්හි උස්තැන තිබෙන ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි සිටින්ට නියමකෙළේය.


සබත් දවස්වලදීද අමාවක්වලදීද නියම මංගල්‍යවලදීද අවුරුද්දට තුන්වතාවක් පවත්වන මුහුන් නැති රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද මෝසෙස්ගේ ආඥාවේ හැටියට එක එක දවසට සුදුසු ලෙස ඔහු පූජා ඔප්පුකෙළේය.


ඉන්පසු ඔව්හු නිරන්තර දවන පූජාද අමාවක්වලත් ස්වාමීන්වහන්සේගේ සියලු නියම ශුද්ධ මංගල්‍යවලත් පූජාද ස්වාමීන්වහන්සේට කැමැත්තෙන්ම ඔප්පුකරන සියල්ලන්ගෙත් ස්වේච්ඡා පූජාද ඔප්පුකළෝය.


බෙතෙල්ට ඇවිත් වරදකරන්න; ගිල්ගාල්හි බොහෝසෙයින් වරදකොට, හැම උදයම නුඹලාගේ පූජාද තුන් දවසකට වරක් නුඹලාගේ ඔතුද ගෙනෙන්න;


ඒක සේනාවේ අධිපතියාටත් විරුද්ධව උසස්වුණේය; උන්වහන්සේගෙන් දවස්පතා පූජාවද පහකරනු ලැබීය, උන්වහන්සේගේ ශුද්ධස්ථානයද හෙළනු ලැබීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්