එවිට රජ මන්ත්‍රණයකොට රන් වස්සන් දෙන්නෙක් සාදවා: යෙරුසලමට නැගීයාම නුඹලාට අමාරු වැඩිය; ඉශ්‍රායෙල්වරුනි, නුඹලා මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹලාගේ දෙවිවරු මේයයි ඔවුන්ට කීවේය.
දානියෙල් 3:1 - Sinhala Revised Old Version නෙබුකද්නෙශර් රජ රියන් හැටක් උසද රියන් හයක් පළලද ඇති රන් රූපයක් සාදා, බබිලෝනි පළාතේ දූරා සමභූමියෙහි පිහිටෙවුවේය. Sinhala New Revised Version නෙබුකද්නෙශර් රජ මීටර් විසිහතක් උස මීටර් තුනක් පළල රන් රූපයක් සාදවා, බබිලෝනි පළාතේ දූරා නම් සමභූමියේ එය පිහිටෙව්වේ ය. |
එවිට රජ මන්ත්‍රණයකොට රන් වස්සන් දෙන්නෙක් සාදවා: යෙරුසලමට නැගීයාම නුඹලාට අමාරු වැඩිය; ඉශ්‍රායෙල්වරුනි, නුඹලා මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹලාගේ දෙවිවරු මේයයි ඔවුන්ට කීවේය.
තවද ඉන්දියාව පටන් කූෂ් දක්වා රටවල් එකසිය විසිහතක් කෙරෙහි රජකම්කළ අහෂ්වේරොෂ්ගේ දවස්වලදී මෙසේ සිද්ධවිය.
මා ඇර අන් දෙවිවරුන් සාදානොගනිව්; රිදීයෙන් දෙවිවරුන්වත් රනින් දෙවිවරුන්වත් සාදානොගනිව්.
මෝසෙස් ස්වාමීන්වහන්සේ වෙතට හැරී ගොස්: අහෝ, මේ සෙනඟ මහත් පාපයක් කර තමුන්ට රනින් දෙවිවරුන් සාදාගත්තෝය.
පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන්, පර්වතවල ගුහාවලටත් කඳුවල විවරවලටත් ඇතුල්වන පිණිස,
නුඹේ කැපූ රූපවල රිදී වැස්මත් නුඹේ වාත්තු රූපවල රන් වැස්මත් නුඹලා අපවිත්‍රකරන්නහුය. නුඹ ඒවා කිලුටුකමක් කොට විසුරුවා දමා: අහක්වෙවයි ඊට කියන්නෙහිය.
වස්තුකාරයෝ මල්ලෙන් ගන්න රන්ද රිදීද තරාදියෙන් කිරා, රන්කරුවෙකු කුලියට ගෙන, ඒවායින් දෙවිකෙනෙකු සාදවාගෙන, ඊට වැඳවැටී නමස්කාරකෙරෙති.
තර්ෂිෂෙන් තහඩුකළ රිදීද උපාශෙන් රන්ද ගෙනෙනු ලැබේ; ඒවා කම්කරුවාගේද රන්කරුවාගේද අත්වල වැඩක්ය; නිල් සහ රත්නිල් රෙදි ඒවායේ වස්ත්‍රය; ඒ සියල්ල දක්ෂ කම්කරුවන්ගේ වැඩක්ය.
එකල රජ දානියෙල් උතුම්කොට, මහත්වූ බොහෝ තෑගි ඔහුට දී, ඔහු මුළු බබිලෝනි පළාත කෙරෙහි ආණ්ඩුකාරයාද බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් කෙරෙහි ප්‍රධාන අධිපතියාද කෙළේය.
දානියෙල්ගේ ඉල්ලීම පිට රජ බබිලෝනි පළාතේ කාරණා කෙරෙහි ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද පත්කෙළේය. දානියෙල් වනාහි රජවාසලෙහි සිටියේය.
නෙබුකද්නෙශර් ඔවුන්ට කථාකොට: එම්බා ෂද්‍රක්, මේෂක්, අබේද්-නෙගෝ, නුඹලා මාගේ දෙවිවරුන්ට සේවයනොකොට, මා විසින් පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර නොකර සිටින්නේ අදහසක් පිටද?
ස්වර්ගයේ ස්වාමීන්වහන්සේට විරුද්ධව උසස්වී, උන්වහන්සේගේ ගෘහයේ භාජන ඔබ ඉදිරියට ගෙන්වාගන, ඔබද ඔබගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද එයින් මුද්‍රිකපානය බීවෝය; තවද කිසි පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් නැත්තාවූ, රන් රිදී පිත්තල යකඩ ලී සහ ගල්ද වූ දෙවිවරුන්ට ඔබ ප්‍රශංසාකෙළෙහිය. නුමුත් ඔබගේ හුස්ම තමන් හස්තයෙහි ඇත්තාවූ, ඔබගේ සියලු මාර්ග අයිතිවූ දෙවියන්වහන්සේට ඔබ ගෞරවකළේ නැත.
නුමුත් ධාන්‍යද මිදියුසද තෙල්ද ඈට දුන්නෙත් ඔවුන් විසින් බාල් රුප සෑදීමට ගත් රිදීද රන්ද ඈට වැඩිකළෙත් මා බව ඈ නොදැන සිටියාය.
ඔව්හු මාගේ කැමැත්ත නැතුව රජවරුන්ද මා විසින් පිළිනොගත් අධිපතීන්ද පත්කරගත්තෝය. ඔව්හු සිඳදමනු ලබන ලෙස තමුන්ගේ රන් රිදීවලින් දේවරූප සාදාගත්තෝය.
ලීයට: පිබිදියන්න කියාත් ගොළු ගලට: නැගිටින්න කියාත් කියන්නාට දුක්වේ! ඒක උගන්වනවා ඇද්ද? අන්න, ඒක රනිනුත් රිදීයෙනුත් වසා තිබේ. කිසි හුස්මක් ඒක තුළ ඇත්තේම නැත.
එහෙයින් දෙවියන්වහන්සේගේ දරුවන්වූ අප විසින් දේවත්වය වනාහි මනුෂ්‍ය ශිල්පයෙන් හා සමර්ථකමින් කැපූ රනටවත් රිදීයටවත් ගලටවත් සමානයයි නොසිතිය යුතුය.
මේ පාවුල් වනාහි අත්වලින් කරනලද දෙවිවරු දෙවිවරු නොවෙතියි කියමින් එපීසයෙහි පමණක් නොව මුළු ආසියාවේ සෑම තැනම වාගේ බොහෝ සෙනඟ උගන්වා හරවාගත් බව නුඹලාට දකින්ටද අසන්ටද ලැබී තිබේ.
ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප ගින්නෙන් දවාදමන්න. ඒවායේ තිබෙන රන් රිදීවලට ආශාවී ඒවා නොගන්න, එසේ කළොත් නුඹ මලපතකට අසුවන්නේය. මක්නිසාද ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
මේ පීඩාවලින් මරනු නොලැබ ඉතිරිවූ මනුෂ්‍යයෝද යක්ෂයන්ටත් දකින්ට අසන්ට හෝ ඇවිදින්ට නුපුළුවන් රන් රිදී පිත්තල ගල් ලී යන රූපවලටත් නමස්කාර නොකරන ලෙස තමුන්ගේ අත්වල වැඩ ගැන පශ්චාත්තාපවුණේ නැත.