ඉර බස්නා කල බරවූ නින්දක් ආබ්‍රම් කෙරෙහි පැමුණුණේය; බලව, භයංකරකමක්ද මහත් අන්ධකාරයක්ද ඔහු කරා පහළවිය.
දානියෙල් 10:9 - Sinhala Revised Old Version එහෙත් ඔහුගේ වචනවල හඬ මට ඇසුණේය. ඔහුගේ වචනවල හඬ මට ඇසුණු කල මුර්ඡාවී මුහුණින් බිම වැටුණෙමි. Sinhala New Revised Version එවිට ඔහුගේ කටහඬ මට ඇසුණේ ය. ඒ කටහඬ මට ඇසුණු විට මම සිහිසන් නැති ව මුණින්තළා වී බිම වැටුණෙමි. |
ඉර බස්නා කල බරවූ නින්දක් ආබ්‍රම් කෙරෙහි පැමුණුණේය; බලව, භයංකරකමක්ද මහත් අන්ධකාරයක්ද ඔහු කරා පහළවිය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට බරවූ නින්දක් පැමිණෙවූසේක, ඔහු නිදාගත්තේය; උන්වහන්සේ ඔහුගේ ඉළ ඇටවලින් එකක් ගෙන ඒ ස්ථානය මාංසයෙන් පිරෙවූසේක.
ස්වප්නයකින් හෝ, රාත්‍රියේ දර්ශනයකින් හෝ මනුෂ්‍යයන්ට බර නින්ද පැමිණෙන විට, යහන පිට නින්දේදී කථාකරනසේක.
මම නිදාගෙන සිටියෙම් නුමුත් මාගේ සිත පිබිද තිබුණේය. අන්න මාගේ ප්‍රේමවන්තයා තට්ටුකරන ශබ්දයය: මාගේ සහෝදරිය, මාගේ සොඳුරිය, මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, මට දොර අරින්න. මක්නිසාද මාගේ හිස පින්නෙනුත් මාගේ කෙස් රොද රෑ පිනිබින්දුවලිනුත් පෙඟී තිබේයයි කීවේය.
එකල මනුෂ්‍ය පුත්‍රයන්ට සමානවූ කෙනෙක් මාගේ තොල් ස්පර්ශකෙළේය. මම වනාහි මාගේ කට ඇර, මා ඉදිරියෙහි සිටි තැනැත්තාට කථාකරමින්: මාගේ ස්වාමිනි, දර්ශනය නිසා මට රුජාවක් අල්ලා, මා තුළ කිසි ශක්තියක් ඉතිරි නොවීය.
ඔහු මා සමඟ කථාකරද්දී මම මුර්ඡාවී මුහුණින් බිම වැටී උන්නෙමි. ඔහු මට තට්ටුකර මා කෙළින් සිටෙව්වේය.
මා ඇසූ විට මාගේ බඩ කැලඹුණේය, ඒ හඬට මාගේ තොල් වෙවුලුවේය; මාගේ ඇටවලට දිරීම පැමිණ, මාගේ දණඉස් වැනුණේය. එහෙත් අපට විරුද්ධව යුද්ධකරන සෙනඟ නැගීඑන විපත්ති දවසේදී මට නිශ්චලය ලැබෙයි.
පේතෘස්ද ඔහු සමඟ සිටියෝද නිදිබරව උන්නෝය. ඔව්හු හොඳටම පිබිද, උන්වහන්සේගේ තේජසද උන්වහන්සේ සමඟ සිටි මනුෂ්‍යයන් දෙදෙනාද දුටුවෝය.
මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්: භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය,