Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 10:16 - Sinhala Revised Old Version

16 එකල මනුෂ්‍ය පුත්‍රයන්ට සමානවූ කෙනෙක් මාගේ තොල් ස්පර්ශකෙළේය. මම වනාහි මාගේ කට ඇර, මා ඉදිරියෙහි සිටි තැනැත්තාට කථාකරමින්: මාගේ ස්වාමිනි, දර්ශනය නිසා මට රුජාවක් අල්ලා, මා තුළ කිසි ශක්තියක් ඉතිරි නොවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එවිට මිනිස් පෙනීමක් ඇති කෙනෙක් මාගේ තොල් ස්පර්ශ කෙළේ ය. මම ද මාගේ කට ඇර මා ඉදිරියේ සිටි තැනැත්තාට කතා කරමින්, “මාගේ ස්වාමීනි, මේ දර්ශනය දැකීමෙන් මම වේදනාවට පත් ව සිටිමි. ශක්තියක් ද මා තුළ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 10:16
29 හුවමාරු යොමු  

තවද දානියෙල් වන මම දර්ශනය දුටුවිට එහි තේරුම සෙවීමි; එවිට මනුෂ්‍ය පෙනීමක් ඇති කෙනෙක් මා ඉදිරියෙහි සිටියේය.


ඒක මාගේ මුඛයෙහි තවරා කථාකොට: බලව, මේක නුඹේ තොල්වල තැවරුණේය; මෙසේ නුඹේ අපරාධය පහකරනලද්දේය, නුඹේ පාපය කමාකරනලද්දේයයි කීය.


එවිට ස්වාමීන්වහන්සේ ස්වකීය අත දිගුකොට මාගේ මුඛය ස්පර්ශකළසේක. තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෙන්න, මාගේ වචන නුඹේ මුඛයෙහි තැබීමි.


එවිට දානියෙල් වන මම ක්ලාන්තවී, දවස් ගණනක් ලෙඩින් උන්නෙමි; පසුව මම නැගිට රජුගේ මෙහෙවර කෙළෙමි. මම දර්ශනය ගැන විස්මපත්ව සිටියෙමි, නුමුත් කිසිවෙක් ඒක තේරුම් නොගත්තේය.


ඔහු මා සිටි තැනටම ආවේය; ඔහු ආවිට මම භයපත්වී මුහුණින් වැටුණෙමි. නුමුත් ඔහු: මනුෂ්‍ය පුත්‍රය, කල්පනා කරන්න; මක්නිසාද දර්ශනය අදාළවන්නේ අන්තිම කාලයටයයි මට කීවේය.


කාරණාවේ තීන්දුව මෙහිය. දානියෙල් වන මම මාගේ සිතිවිලිවලින් බොහෝසෙයින් කැලඹුණෙමි, මා කෙරෙහි මාගේ මුහුණේ පාටද වෙනස්විය. නුමුත් කාරණය මාගේ සිතේ තබාගන උන්නෙමි.


දානියෙල් වන මා තුළ මාගේ ආත්මය දුක්වුණේය, මාගේ හිසේ දර්ශනවලින් මම කැලඹුණෙමි.


ඒ පහන් රුක් මැද තමන්ගේ පාදය දක්වා වස්ත්‍රයක් පැළඳ රන් පටියකින් ළය බැඳගෙන සිටි මනුෂ්‍ය පුත්‍රයෙක් වැනිවූ කෙනෙක් ද දුටිමි.


තෝමස් උත්තරදෙමින්: මාගේ ස්වාමීනි, මාගේ දෙවියනියි උන්වහන්සේට කීවේය.


මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරු කරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි.


එකෙණෙහිම ඔහුගේ මුඛය ඇරී, දිවද ලිහී, ඔහු දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්, කථාකළේය.


මම ඇසුවෙමි, නුමුත් තේරුම් නොගතිමි. එවිට මම: මාගේ ස්වාමිනි, මේ දේවල තීන්දුව කිමෙක්දැයි ඇසීමි.


එසේය, මා යාච්ඤාවෙන් කථාකරද්දීම පළමු මා දර්ශනයෙන් දුටු මනුෂ්‍යයාවූ ගාබ්‍රියෙල් යුහුව ගමන්කොට, සවස් පූජාවේ වේලාවට පමණ මා ළඟට පැමිණියේය.


ගැළවුණු තැනැත්තා එන්ට ඉස්සරින්දා සවස ස්වාමීන්වහන්සේගේ අත මා පිටට පැමිණ තිබුණේය. තවද ඒ අය පසුවදා උදේ මා වෙතට එන තුරු උන්වහන්සේ මාගේ මුඛය ඇර තිබුණේය; මාගේ මුඛය ඇරී, මම තවත් ගොළුව නොසිටියෙමි.


එහෙත් මා නුඹ සමඟ කථාකරන කල නුඹේ මුඛය අරින්නෙමි, නුඹද: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. අසන තැනැත්තේ අසාවා; නාසන තැනැත්තේ නාසා සිටීවා. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්යයි කීසේක.


ඔවුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයට ඉහළින් නීලමාණික්‍යයක පෙනීම ඇති සිංහාසනයක ස්වරූපයක් තිබුණේය. සිංහාසනයේ ස්වරූපය උඩ මනුෂ්‍ය පෙනීමක් ඇති ස්වරූපයක් තිබුණේය.


මක්නිසාද බොහෝ ප්‍රඥාවෙන් බොහෝ දුක් පැමිණෙන්නේය. දැනගැන්ම වැඩිකර ගන්නා ශෝකය වැඩිකරගන්නේය.


එවිට මානෝවා ස්වාමීන්වහන්සේට කන්නලව්කරමින්: අහෝ ස්වාමීන්වහන්ස, ඔබ විසින් එවනලද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා නැවත අප ළඟට ඇවිත්, උපදින්නාවූ දරුවාට අප විසින් කළයුතු දේ අපට උගන්වාවයි කීවේය.


ඔහු උන්වහන්සේට කථාකොට: අහෝ, ස්වාමිනි, කුමකින් මම ඉශ්‍රායෙල් ගළවාගනිම්ද? බැලුව මැනව, මාගේ පවුල මනස්සේහි ඉතා දිළිඳු පවුලය, මමද මාගේ පියාගේ ගෙයි ඉතාම කුඩා තැනැත්තා වෙමියි කීවේය.


ගිඩියොන් ඔහුට කථාකොට: අහෝ මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක් නම් මේ සියල්ල අපට සිද්ධවී තිබෙන්නේ මක්නිසාද? ස්වාමීන්වහන්සේ අප මිසරයෙන් ගෙනාවා නොවේද කියා අපේ පියවරුන් අපට කියාදුන් උන්වහන්සේගේ සියලු පුදුම ක්‍රියා කොයිද? දැන් නම් ස්වාමීන්වහන්සේ අප අත්හැරදමා මිදියන්වරුන් අතට අප පාවාදුන්සේකැයි කීවේය.


ඒ තෙමේද: එසේ නොවෙයි; මම දැන් ස්වාමීන්වහන්සේගේ සේනාවේ අධිපතියාව ආවෙමියි කීවේය. එවිට යෝෂුවා මුහුණින් බිම වැටී නමස්කාරකොට: මාගේ ස්වාමීන්වහන්සේ ඔබගේ මෙහෙකරුවාට කුමක් කියනසේක්දැයි ඇසීය.


ඔහු: අහෝ ස්වාමීනි, ඔබවහන්සේ යවන්ට කැමැත්තෙකු අත යැවුව මැනවයි කීය.


මෝසෙස්: අහෝ, ස්වාමීනි, මීට ප්‍රථමවත් ඔබ තමන් මෙහෙකරුවාට කථාකළාට පසුවවත් මම ව්‍යක්තයෙක් නොවෙමි. මක්නිසාද කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මියි ස්වාමීන්වහන්සේට කීයේය.


එකල බේල්ටෙෂශර් නම්වූ දානියෙල් මොහොතක් පමණ විස්මපත්ව හිඳ, තමාගේ සිතිවිලි නිසා කැලඹුණේය. රජ කථාකොට: බේල්ටෙෂශර්, නුඹ ස්වප්නය ගැනවත් එහි අර්ථය ගැනවත් නොකැලඹෙන්නැයි කීවේය. බේල්ටෙෂශර් උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, ඒ ස්වප්නය ඔබට වෛරවෙන්නන්ටත් එහි අර්ථය ඔබගේ සතුරන්ටත් වේවා.


ඔහු මා සමඟ කථාකරද්දී මම මුර්ඡාවී මුහුණින් බිම වැටී උන්නෙමි. ඔහු මට තට්ටුකර මා කෙළින් සිටෙව්වේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්