Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 8:18 - Sinhala Revised Old Version

18 ඔහු මා සමඟ කථාකරද්දී මම මුර්ඡාවී මුහුණින් බිම වැටී උන්නෙමි. ඔහු මට තට්ටුකර මා කෙළින් සිටෙව්වේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔහු මා සමඟ කතා කරද්දී මම සිහිසන් නැති ව මුණින් වැටී සිටියෙමි. එහෙත්, ඔහු මාගේ ඇඟට තට්ටු කර මා කෙළින් සිටුවා මෙසේ කීවේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 8:18
13 හුවමාරු යොමු  

එවිට නැවත මනුෂ්‍ය පෙනීම ඇති කෙනෙක් මට තට්ටුකර මා සවිකෙළේය.


පේතෘස්ද ඔහු සමඟ සිටියෝද නිදිබරව උන්නෝය. ඔව්හු හොඳටම පිබිද, උන්වහන්සේගේ තේජසද උන්වහන්සේ සමඟ සිටි මනුෂ්‍යයන් දෙදෙනාද දුටුවෝය.


එකල මනුෂ්‍ය පුත්‍රයන්ට සමානවූ කෙනෙක් මාගේ තොල් ස්පර්ශකෙළේය. මම වනාහි මාගේ කට ඇර, මා ඉදිරියෙහි සිටි තැනැත්තාට කථාකරමින්: මාගේ ස්වාමිනි, දර්ශනය නිසා මට රුජාවක් අල්ලා, මා තුළ කිසි ශක්තියක් ඉතිරි නොවීය.


උන්වහන්සේ මට කථාකළ විට ආත්මය මා තුළට ඇතුල්වී, මා නැගුටුවා සිටෙවුවේය; මට කථාකළ තැනන් වහන්සේගේ වචනද මට ඇසුණේය.


දෙවියන්වහන්සේ විසින් අපේ පියවරුන්ට දෙනලද පොරොන්දුව බලා සිටීම ගැන මම දැන් විනිශ්චයකරනු ල බන්ට සිටිමි.


උන්වහන්සේ යාච්ඤාවෙන් නැගිට, ගෝලයන් ළඟට ඇවිත්, ඔවුන් ශෝකයෙන් නිදාඉන්නවා දැක:


මා සමග කථාකළ දූතයා නැවත ඇවිත් නින්දෙන් පුබුදුවනු ලබන්නාවූ මනුෂ්‍යයෙකු මෙන් මා පුබුදුවා:


එවිට දානියෙල් වන මම ක්ලාන්තවී, දවස් ගණනක් ලෙඩින් උන්නෙමි; පසුව මම නැගිට රජුගේ මෙහෙවර කෙළෙමි. මම දර්ශනය ගැන විස්මපත්ව සිටියෙමි, නුමුත් කිසිවෙක් ඒක තේරුම් නොගත්තේය.


ඔහු මා සිටි තැනටම ආවේය; ඔහු ආවිට මම භයපත්වී මුහුණින් වැටුණෙමි. නුමුත් ඔහු: මනුෂ්‍ය පුත්‍රය, කල්පනා කරන්න; මක්නිසාද දර්ශනය අදාළවන්නේ අන්තිම කාලයටයයි මට කීවේය.


බරවූ නින්ද මනුෂ්‍යයන් පිට පැමිණෙන වේලාවට, රාත්‍රි දර්ශනවලින් හටගන්නා සිතිවිලි වලදී,


ඉර බස්නා කල බරවූ නින්දක් ආබ්‍රම් කෙරෙහි පැමුණුණේය; බලව, භයංකරකමක්ද මහත් අන්ධකාරයක්ද ඔහු කරා පහළවිය.


මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්: භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්