ද්විතීය නීතිය 8:17 - Sinhala Revised Old Version මාගේ බල පුළුවන්කමෙනුත් මාගේ බාහු ශක්තියෙනුත් මේ වස්තුව ලද්දෙමියි නුඹේ සිතින් නොකියන හැටියටද බලාගන්න. Sinhala New Revised Version ‘මා මේ ධන සම්පත උපයාගත්තේ මගේ ම බල පුළුවන්කමින් සහ සවි ශක්තියෙන් ය’යි ඔබ නොකීමට වගබලාගන්න. Sinhala New Revised Version 2018 ‘මා මේ ධන සම්පත උපයාගත්තේ මගේ ම බල පුළුවන්කමින් සහ සවි ශක්තියෙන් ය’යි ඔබ නොකීමට වගබලාගන්න. |
මක්නිසාද ඔබ මොවුන්ට ප්‍රසන්න බැවින්, ඔබගේ දකුණතින්ද ඔබගේ බාහුවෙන්ද ඔබගේ මුහුණේ එළියෙන්ද ගැළවුණා මිස, මොවුන්ගේ කඩුවෙන් දේශය උරුමකර නොගත්තෝය, ස්වකීය බාහුවද මොවුන් නොගැළෙවුවේය.
නැවත, මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව දුටිමි.
මනුෂ්‍යයන්ගේ මළකඳන් කෙත් පිට කසළ මෙන්ද ගොයම් කපන්නාට පස්සෙන් ගොයම් මිටි මෙන්ද වැටෙනවා ඇත, කිසිවෙක් ඒ එකතු නොකරන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්න.
නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩිකරගෙන සිටින බැවින්, නුඹේ සම්පත්වලින් නුඹේ සිත උඩඟුවී තිබේ.
එබැවින්, රජ්ජුරුවෙනි, මාගේ දැනමුතුකමට ප්‍රසන්නවී, ධර්මිෂ්ඨකම්කිරීමෙන් ඔබගේ පාපද දිළිඳුන්ට කරුණාකිරීමෙන් ඔබගේ අපරාධද පහකළ මැනව; එසේ කිරීමෙන් සමහරවිට ඔබගේ සමාදානය පවතින්ට පුළුවනැයි කීවේය.
තවද රජ කථාකොට: මේ වනාහි රාජ ගෘහයක් කොටද මාගේ මහිමශ්‍රීයේ ගෞරවය උදෙසාද මාගේ බලපරාක්‍රමයෙන් මා විසින් ගොඩනැගූ මහත් බබිලෝනිය නොවේදැයි කීවේය.
නුමුත් එප්‍රායිම් කථාකොට: සැබවින් මම පොහොසත්වී සිටිමි, සම්පත් ලබාගන සිටිමි. මාගේ සියලු වැඩ අතරේ පාපයවූ අයුතුකමක් මට තිබෙන බව ඔවුන්ට සම්බ නොවන්නේයයි කීය.
එබැවින් ඔහු තමාගේ දැලට පූජා ඔප්පුකොට, තමාගේ අතංගුවට සුවඳ දුම් දමන්නේය; මක්නිසාද ඒවායින්ම ඔහුගේ කොටස තරවී, ඔහුගේ ආහාර පුෂ්ටිමත්ව තිබේ.
මක්නිසාද නුඹට වෙනස් වෙන්ට සලස්වන්නේ කවුද? නුඹට ලැබුණ දේ හැර නුඹට ඇත්තේ කිමෙක්ද? ඉඳින් එය ලැබුණානම් නොලැබුණාක්මෙන් පාරට්ටුකරගන්නේ මක්නිසාද?
මේ ජාතීහු මට වඩා වැඩිව සිටිති; ඔවුන් පන්නා දමන්ට මට පුළුවන් කෙසේදැයි නුඹට සිතෙන විට ඔවුන්ට භයනොවන්න.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙන් ඔවුන් පහකළ පසු: මේ දේශය හිමිකරගැනීමට ස්වාමීන්වහන්සේ මා ගෙනාවේ මාගේ ධර්මිෂ්ඨකම නිසායයි නුඹේ සිතින් නොකියන්න. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාය.
එවිට ස්වාමීන්වහන්සේ ගිඩියොන්ට කථාකොට: නුඹ සමඟ සිටින සෙනඟ වැඩිය, මා විසින් ඔවුන් අතට මිදියන්වරුන් පාවාදුන්නොත් ඉශ්‍රායෙල් මට විරුද්ධව අහංකාරවී–අපේ අත අප ගැළෙවුවේයයි කියනවා ඇත.
එකල දාවිත්: මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ අපට දුන් දේවල් ගැන එසේ නොකරන්න, උන්වහන්සේ අප ආරක්ෂාකර අපට විරුද්ධව ආවාවූ සමුදාව අප අතට පාවාදුන්සේක.