Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 9:4 - Sinhala Revised Old Version

4 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙන් ඔවුන් පහකළ පසු: මේ දේශය හිමිකරගැනීමට ස්වාමීන්වහන්සේ මා ගෙනාවේ මාගේ ධර්මිෂ්ඨකම නිසායයි නුඹේ සිතින් නොකියන්න. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් නෙරපා දැමූ පසු, ‘සමිඳාණන් වහන්සේ මේ රට මට අයිති කර දීමට මා ගෙනාවේ මාගේ දැහැමිකම නිසා ය’යි නොසිතන්න. එසේ නොව ඔබ ඉදිරියට යන විට උන් වහන්සේ ඔවුන් පන්නා දැමුවේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් නෙරපා දැමූ පසු, ‘සමිඳාණන් වහන්සේ මේ රට මට අයිති කර දීමට මා ගෙනාවේ මාගේ දැහැමිකම නිසා ය’යි නොසිතන්න. එසේ නොව ඔබ ඉදිරියට යන විට උන් වහන්සේ ඔවුන් පන්නා දැමුවේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 9:4
20 හුවමාරු යොමු  

මාගේ බල පුළුවන්කමෙනුත් මාගේ බාහු ශක්තියෙනුත් මේ වස්තුව ලද්දෙමියි නුඹේ සිතින් නොකියන හැටියටද බලාගන්න.


උන්වහන්සේ අපේ ක්‍රියාවල ප්‍රකාරයට නොව තමන්වහන්සේගේම අභිප්‍රායේද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පූර්ව කාලවලට ප්‍රථමයෙන් අපට දෙනලද කරුණාවේද ප්‍රකාරයට අප ගළවා, ශුද්ධවූ කැඳවීමකින් කැඳවාගත්සේක.


ඔවුන්ගේ දේශය හිමිකරගැනීමට නුඹ ඇතුල්වෙන්නේ නුඹේ ධර්මිෂ්ඨකම නිසාවත් නුඹේ සිතේ අවංකකම නිසාවත් නොවේ. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාත් නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ස්වාමීන්වහන්සේ දිවුළ වචනය ඉෂ්ටකරන පිණිසත්ය.


මක්නිසාද නුඹට වෙනස් වෙන්ට සලස්වන්නේ කවුද? නුඹට ලැබුණ දේ හැර නුඹට ඇත්තේ කිමෙක්ද? ඉඳින් එය ලැබුණානම් නොලැබුණාක්මෙන් පාරට්ටුකරගන්නේ මක්නිසාද?


ඉඳින් අනුග්‍රහයෙන් නම් තවත් ක්‍රියාවලින් නොවේ. එසේ නොවේ නම් අනුග්‍රහය තවත් අනුග්‍රහය නොවේ. එසේවී නම් කිමෙක්ද?


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ විසින් එයාකාර නොකළ යුතුය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ද්වේෂකරන්නාවූ පිළිකුල්කරන්නාවූ සියලු දේවල් ඔව්හු තමුන්ගේ දෙවිවරුන් සඳහා කළෝය; ඔවුන්ගේ පුත්‍රයන්ද ඔවුන්ගේ දූවරුන්ද පවා ඔවුන්ගේ දෙවිවරුන්ට ගින්නේ දවා පූජාකරති.


සතරවෙනි පරම්පරාවේදී ඔව්හු නැවත මෙහි එන්නෝය; මක්නිසාද අමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ නැතැයි කීසේක.


මක්නිසාද මට විරුද්ධව කිසිවක් ඇති බව නොදනිමි; නුමුත් ඒ නිසාම නිදොස් නොවෙමි. මා විනිශ්චයකරන්නේ ස්වාමීන්වහන්සේය.


හොඳයි; අවිශ්වාසකම නිසා ඒවා කඩාදමනලද්දේය, නුඹද නුඹේ ඇදහිල්ලෙන් ස්ථිරව සිටින්නෙහිය. උඩඟු නොවී, භයවෙන්න.


මා මෙසේ ක්‍රියාකරන්නේ නුඹලා නිසා නොවන බව දැනගන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලාගේ මාර්ග නිසා ලජ්ජාවී කැලඹෙන්න.


එබැවින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඉශ්‍රායෙල් වංශයට කියන්න–එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා නිසා නොව නුඹලා පැමිණි තැන්වල ජාතීන් අතරෙහි නුඹලා විසින් කෙලෙසූ මාගේ ශුද්ධ නාමය උදෙසා ක්‍රියාකරමි.


නුඹලා විසූ මිසර දේශයේ ක්‍රියා ලෙස නොකරන්න. මා විසින් නුඹලා පමුණුවනු ලබන කානාන් දේශයේ ක්‍රියා ලෙස නොකරන්න. ඔවුන්ගේ පනත් ලෙස නොහැසිරෙන්න.


නුඹ කාන්තාරයේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස් කළ හැටි සිහිකරන්න, මතක නැති නොකරන්න. නුඹ මිසර දේශයෙන් පිටත්වුණ දා පටන් මේ ස්ථානයට පැමිණෙන තෙක් නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය.


මා නුඹලා දැනගත් දවස පටන් නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය.


මක්නිසාද මම නුඹේ කැරළිකාරකමද නුඹේ කුළලේ තදකමද දනිමි. නුඹලා සමඟ දැන් මා ජීවත්ව සිටියදීම නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය; මාගේ මරණයෙන් පසු කොපමණ වැඩියෙන් එසේ නොකරන්නහුද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්