Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 8:17 - Sinhala New Revised Version 2018

17 ‘මා මේ ධන සම්පත උපයාගත්තේ මගේ ම බල පුළුවන්කමින් සහ සවි ශක්තියෙන් ය’යි ඔබ නොකීමට වගබලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ‘මා මේ ධන සම්පත උපයාගත්තේ මගේ ම බල පුළුවන්කමින් සහ සවි ශක්තියෙන් ය’යි ඔබ නොකීමට වගබලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 මාගේ බල පුළුවන්කමෙනුත් මාගේ බාහු ශක්තියෙනුත් මේ වස්තුව ලද්දෙමියි නුඹේ සිතින් නොකියන හැටියටද බලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 8:17
17 හුවමාරු යොමු  

“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් නෙරපා දැමූ පසු, ‘සමිඳාණන් වහන්සේ මේ රට මට අයිති කර දීමට මා ගෙනාවේ මාගේ දැහැමිකම නිසා ය’යි නොසිතන්න. එසේ නොව ඔබ ඉදිරියට යන විට උන් වහන්සේ ඔවුන් පන්නා දැමුවේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය.


ඔබට එතරම් ප්‍රමුඛත්වයක් දුන්නේ කවරෙක් ද? දෙවියන් වහන්සේ දුන් දේ හැර අන් කිසිවක් ඇද් ද? ඉතින්, එය දෙන ලද දෙයක් නම් ඔබ සතු දෙයක් සේ ම සලකා පාරට්ටු කරගන්නේ මන් ද?


එසේ වුව ද, “අපි ධනවත් ය; වස්තු සම්භාර රැස් කරගෙන සිටිමු; ‘වංචාවෙන් ඔව්හු පොහොසත් වූ හ’යි අපට චෝදනා කරන්නට කිසිවෙකුට බැරි ය”යි එප්‍රායිම් සෙනඟ කියති.


“ ‘මේ ජාතීහු අපට වඩා බහුල ය. අප ඔවුන් පන්නා දමන්නේ කෙසේ දැ’යි ඔබට සිතෙන විට


ඔව්හු දැල්වලට පූජා ද අතංගුවට සුවඳ දුම් ද ඔප්පු කරති. මන්ද, ඒවායින් ම සැප විහරණයෙන් කල් යවමින් පුෂ්ටිමත් ආහාර අනුභව කරන බැවිනි.


එවිට සමිඳාණන් වහන්සේ ගිඩියොන්ට කතා කොට, “මිදියන්වරුන් නුඹ අතට පාවා දීමට නුඹ සමඟ සිටින සෙනඟගේ ගණන වැඩි ය, මා එසේ කළොත්, ‘අපේ ශක්තියෙන් ම අපි ගැළවුණෙමු’යි ඉශ්රායෙල් සෙනඟ මට ගෞරවය නොදී අහංකාර වනු ඇත.


සමිඳාණෝ දිළිඳුකම ද පොහොසත්කම ද ඇති කරන සේක; පහත්කම ද උසස්කම ද ගෙන දෙන සේක.


ඔබේ සෙනඟ සතුරන් පරදා ජය කෙහෙලි නැංවූයේ, තමන්ගේ ම කඩු පහරින් හෝ බාහු බලයෙන් හෝ නොවේ; එසේ වූයේ, ඔබ ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔබේ ම සුරතිනි, බාහු බලයෙනි; ඔබ සහතික ලෙස ඔවුන් සමඟ වැඩ සිටි බැවිනි.


මිනිස් ලොවෙහි තව දෙයක් මම තේරුම්ගතිමි. ශීඝ්‍ර ධාවකයාට නිතර ම දිනුම නොලැබේ. යුද බිමෙහි විකුම් පාන අයට නිතර ම ජය නොලැබේ. ප්‍රඥාවන්තයාට නිතර ම තම ජීවිකාව කරගත නොහැකි ය. බුද්ධිමත් අය නිතර ම ධනවත් අය නොවෙති. දක්ෂ විචක්ෂණ අය නිතර ම ඉහළ තනතුරු නොලබති. ඔය කාටත් අවසානය එළඹිය හැකි ය.


එවිට දාවිත් මෙසේ කී ය: “මාගේ සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේ අපට දුන් දේවල් ගැන එසේ නොකරන්න. උන් වහන්සේ අප ආරක්ෂා කර, අපට විරුද්ධ ව පැමිණි හමුදාව අප අතට පාවා දුන් සේක.


මාගේ යසඉසුරු ගැන වත්, මා උපයා ගත් වස්තුව ගැන වත් අහංකාර නොවූයෙමි.


සොයාගන්නට කාලයක් සහ නැති වී යන්නට කාලයක් ඇත; තබාගන්නට කාලයක් සහ ඉවත දමන්නට කාලයක් ඇත;


මළසිරුරු පොහොර ගොඩවල් මෙන් ද ගොයම් කපන්නන් ඉතිරි කර ගිය ගොයම් මිටි මෙන් ද විසුරුවනු ලබන විට කිසිවෙකු ඒවා එකතු කරන්නේ නැත. සමිඳාණන් වහන්සේ මට ප්‍රකාශ කරන්නට කී දේ මේ ය.”


නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළෙඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩි කරගෙන සිටින බැවින්, නුඹේ සම්පත් නිසා නුඹේ සිත උඩඟු වී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්