එබැවින් දෙවියන්වහන්සේ අහසේ පිනිද පොළොවේ සාරත්වයද බොහෝ ධාන්‍ය හා මිදියුසද නුඹට දෙන සේක්වා.
ද්විතීය නීතිය 33:28 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් සුරක්ෂිතවද, යාකොබ්ගේ උල්පත හුදකලාවද, ධාන්‍ය හා මුද්‍රික රස ඇති දේශයක වාසය කරයි; එසේය, ආකාශයෙන් ඔහුට පිනි බින්දු වැටෙයි. Sinhala New Revised Version ඉශ්රායෙල් ජනයා සුරැකි ව වසනු ඇත. ජාකොබ්ගේ පෙළපත ධාන්‍ය ද කෙත් හා මිදියුස ද ඇති සරුසාර රටක වසනු ඇත. අහස් තලය පිනි බිඳු වස්වනු ඇත. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් ජනයා සුරැකි ව වසනු ඇත. ජාකොබ්ගේ පෙළපත ධාන්‍ය ද කෙත් හා මිදියුස ද ඇති සරුසාර රටක වසනු ඇත. අහස් තලය පිනි බිඳු වස්වනු ඇත. |
එබැවින් දෙවියන්වහන්සේ අහසේ පිනිද පොළොවේ සාරත්වයද බොහෝ ධාන්‍ය හා මිදියුසද නුඹට දෙන සේක්වා.
ඊසාක් උත්තරදෙමින්: බලව, මම ඔහු නුඹේ ස්වාමියා කෙළෙමි, ඔහුගේ සියලු සහෝදරයන් මෙහෙකරුවන්කොට ඔහුට දුනිමි; ධාන්‍යයෙන් සහ මිදියුසින් ඔහු පෝෂණයකෙළෙමි. ඉතින් මාගේ පුත්‍රය, නුඹට කුමක් කෙරෙම්දැයි ඒසව්ට කීවේය.
එවිට ඔහුගේ පියවූ ඊසාක් උත්තරදෙමින්: බලව, නුඹේ වාසස්ථානය පොළොවේ සාරත්වයෙන්ද ඉහළින් පැමිණෙන අහස් පින්නෙන්ද යුක්ත වන්නේය;
ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ට කථාකොට–නුඹ වෙනුවට නුඹේ සිංහාසනය පිට මා විසින් තබන නුඹේ පුත්‍රයා මාගේ නාමයට ගෘහයක් ගොඩනගනවා ඇතැයි කී හැටියට මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට මම අදහස්කරමි.
ඉශ්‍රායෙල්ගේ උල්පතෙන්වූ තැනැත්තෙනි, දෙවියන්වහන්සේට, එසේය, ස්වාමීන්වහන්සේට සභාවලදී ප්‍රශංසාකරව්.
මක්නිසාද මටත් ඔබගේ සෙනඟටත් ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබෙන බව දැනගන්නේ කුමකින්ද? අප එනම් මාද ඔබගේ සෙනඟද භූමිය මතුපිට සිටින මුළු සෙනඟ කෙරෙන් වෙන්කරනුලබන ලෙස අප සමඟ ඔබගේ යාමෙන් නොවේදැයි උන්වහන්සේට කීසේක.
ඉශ්රායෙල් යන නාමය දරන්නාවූ, යූදා උල්පතෙන් නික්මුණාවූ, සැබෑකමෙන්වත් ධර්මිෂ්ඨකමෙන්වත් නොවන නුමුත් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ සඳහන්කරන්නාවූ තැනැත්තන් වන යාකොබ්ගේ වංශය, මේක අසන්න.
උන්වහන්සේගේ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, ඉශ්‍රායෙල්ද සුවසේ වසන්නේය. අපේ ධර්මිෂ්ඨකමවූ ස්වාමීන්වහන්සේය යන නාමය උන්වහන්සේට කියනු ලබන්නේය.
ඒ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, යෙරුසලමේ වැසියෝද සුවසේ වාසයකරන්නෝය. ඈට කියනු ලබන්නාවූ නාමය මේය: ස්වාමීන්වහන්සේ අපේ ධර්මිෂ්ඨකමය.
නුඹලා නැගිට, නොසැලකිලිව අප්‍රවේසම්ලෙස වාසයකරන්නාවූ, දොරවල්ද අගුල්ද නැතිව තනිව වාසය කරන්නාවූ ජාතියට විරුද්ධව යන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මම ඔවුන් සමඟ සමාදාන ගිවිසුමක් කරන්නෙමි; ඔවුන්ට සුවසේ කාන්තාරයෙහි වසන්ටත් කැලෑවල නිදාගන්ටත් පුළුවන්වන ලෙස මම චණ්ඩ මෘගයන් දේශයෙන් පහකරන්නෙමි.
මක්නිසාද සමාදාන බීජ තිබෙයි; මුද්‍රිකවැල එහි ඵලද භූමිය එහි අස්වැන්නද ආකාශය එහි පිනිද දෙනවා ඇත; මේ සෙනඟගෙන් ඉතිරි අයට මේ සියල්ල උරුමකරදෙන්නෙමි.
මක්නිසාද පර්වත මුදුනේ සිට ඔහු දකිමි, හෙල්වල සිට ඔහු බලමි. බලව, ඔව්හු හුදකලාව වසන සෙනඟකි, ඔව්හු ජාතීන් අතරේ තමුන්ම ගණන්කර නොගන්නෝය.
නුමුත් නුඹලා විසින් හිමිකරගැනීමට එතරව යන දේශය හෙල්වලින් හා මිටියාවත්වලින් යුක්තවූ, අහසෙන් වෑස්සෙන වතුර උරාගන්නාවූ දේශයක්ය;
එහෙත් නුඹලා යොර්දානෙන් එතරට ගොස් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට උරුම කරදෙන දේශයෙහි වසන කල්හිද, නුඹලා සුරක්ෂිතව වාසයකරන ලෙස වටකර සිටින නුඹලාගේ සියලු සතුරන්ගෙන් උන්වහන්සේ නුඹලාට විශ්‍රාමය දුන් කල්හිද,
මාගේ ශික්ෂාව වර්ෂාව මෙන් බසින්නේය, මාගේ කථාව පිනිමෙන්ද, ළා තණකොළ පිට වැසිපොද මෙන්ද, තණකොළ පිට වැස්ස මෙන්ද පහළ වන්නේය.
මහෝත්තමයාණන් ජාතීන්ට උරුමය බෙදාදුන් කල්හිද, මනුෂ්‍ය පුත්‍රයන් වෙන්කළ කල්හිද උන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගණන හැටියට ජනයන්ගේ සීමාවන් නියමකළසේක.
ඔහු බෙන්යමින් ගැන කියනුයේස්වාමීන්වහන්සේගේ ප්‍රේමවන්තයා උන්වහන්සේ වෙත සුරක්ෂිතව වසන්නේය; උන්වහන්සේ දවස මුළුල්ලේ ඔහු ආවරණ කරනසේක, ඔහු උන්වහන්සේගේ උරහිස් අතරේ වාසය කරන්නේයයි කීය.
බැටළුපැටවාණන්ගේ ජීවන-පොතෙහි ලියනලද්දවුන් මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුල්වූ බොරුවූ දයෙක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුළු නොවන්නේය.