Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 14:11 - Sinhala Revised Old Version

11 මනුෂ්‍යයෝ එහි වසන්නෝය; සිඳදැමීමේ ශාපයක්ද නොපැමිණ යෙරුසලම සුවසේ පවතින්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 සෙනඟ තවත් විනාශයකට භාජන නොවී සුරැකි ව එහි වාසය කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 සෙනඟ තවත් විනාශයකට භාජන නොවී සුරැකි ව එහි වාසය කරන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 14:11
21 හුවමාරු යොමු  

කිසි ශාපයක් තවත් නොවන්නේය. එහි දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනය වන්නේය. උන්වහන්සේගේ මෙහෙකරුවෝ උන්වහන්සේට මෙහෙකරන්නෝය;


මම ඔවුන්ගේ රටෙහි ඔවුන් පිහිටුවන්නෙමි, මා විසින් ඔවුන්ට දී තිබෙන රටෙන් ඔවුන් තවත් උදුරනු ලබන්නේ නැතැයි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය.


ඔව්හු සැබෑකමෙනුත් ධර්මිෂ්ඨකමෙනුත් මාගේ සෙනඟවන්නෝය, මමත් එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


නැවත මහල්ලෝද මහලු ස්ත්‍රීහුද එකිනෙකා වයස් වැඩිකම නිසා තමාගේ සැරයටිය අතේ තබාගන යෙරුසලමේ වීථිවල ඉඳගන ඉන්නවා ඇත.


නුඹ දුව ගොස් අර තරුණයාට කථාකර–යෙරුසලම තුළ මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද වැඩිකම නිසා පවුරු නැති ගම්වල මෙන් මිනිස්සු එහි වාසයකරන්නෝය.


නුමුත් යූදා සදාකාලේටත් යෙරුසලම පරම්පරාවෙන් පරම්පරාවටත් පවතිනවා ඇත.


මෙසේ ස්වාමීන්වහන්සේ වන මා මාගේ ශුද්ධ කන්ද වන සියොන්හි වසන නුඹලාගේ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය. එකල යෙරුසලම ශුද්ධව තිබෙන්නේය, විදේශියෝ එහි මැදින් තවත් නොයන්නෝය.


තවද මම සමාදාන ගිවිසුමක් ඔවුන් සමඟ කරන්නෙමි. එය ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක්වන්නේය. මම ඔවුන් පිහිටුවා, ඔවුන් වැඩිකොට, මාගේ ශුද්ධස්ථානය ඔවුන් අතරෙහි සදාකාලේටම පිහිටුවන්නෙමි.


මළකඳන් සහ අළු දමන මුළු මිටියාවතද, කිද්‍රොන් ඔය දක්වාද, නැගෙනහිරට තිබෙන අශ්ව දොරටුවේ කොන දක්වාද සියලු පිට්ටනි ස්වාමීන්වහන්සේට ශුද්ධවන්නේය; එය තවත් සදාකාලේටම උදුරනු නොලබන්නේය, හෙළාදමනු නොලබන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද මා විසින් සාදන අලුත් අහසත් අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹේ දේශයෙහි බලාත්කාරයද නුඹේ සීමා ඇතුළේ නාස්තිය හා විනාශයද ගැන තවත් අසන්ට නොලැබෙන්නේය; නුඹේ පවුරු ගැළවීමය කියාද නුඹේ දොරටු ප්‍රශංසාවය කියාද නුඹ කියන්නෙහිය.


ඒ දවසෙහි මේ ගීතිකාව යූදා දේශයෙහි ගීතිකාකරනු ලබන්නේය: අපට බලවත් නුවරක් ඇත; තාප්ප හා පවුරු පිණිස උන්වහන්සේ ගැළවීම නියමකරනසේක.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ගේ හඬට ඇහුම්කන්දී කානානිවරුන් ඔවුන්ට පාවාදුන්සේක; එවිට ඔව්හු ඔවුන් සහ ඔවුන්ගේ නුවරවල් සහමුලින්ම විනාශකළෝය. ඒ ස්ථානයට හොර්මා යන නම තබනලදී.


බලව, මාගේ උදහසින්ද මාගේ කෝපයෙන්ද තද අමනාපයෙන්ද මා විසින් ඔවුන් පන්නා දැමූ සියලු රටවලින් ඔවුන් රැස්කරගෙන, නැවත මේ ස්ථානයට පමුණුවා, සුවසේ වාසයකරන්ට සලස්වන්නෙමි.


එම්බා යූදා වංශය, එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා ජාතීන් අතරෙහි ශාපයක්ව සිටියාක්මෙන් නුඹලා ආශීර්වාදයක් වෙන හැටියට මම නුඹලා ගළවන්නෙමි. භය නොවෙන්න, නුඹලාගේ අත් බලවත් වේවා.


ඉශ්‍රායෙල් සුරක්ෂිතවද, යාකොබ්ගේ උල්පත හුදකලාවද, ධාන්‍ය හා මුද්‍රික රස ඇති දේශයක වාසය කරයි; එසේය, ආකාශයෙන් ඔහුට පිනි බින්දු වැටෙයි.


ඒ කාලයෙහි වටකර සිටින සියලුම ජනයන් දකුණෙන්ද වමෙන්ද දාලායන හැටියට යූදාහි ප්‍රධානීන් දර අතරෙහි තිබෙන ගිනි භාජනයක් මෙන්ද ගොයම් මිටියක් තුළ තිබෙන ගිනි පෙනෙල්ලක් මෙන්ද කරන්නෙමි. යෙරුසලමේ වැසියන්ද තමුන්ගේ ස්ථානය වන යෙරුසලමෙහි නැවත වාසයකරනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්