Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 33:12 - Sinhala Revised Old Version

12 ඔහු බෙන්යමින් ගැන කියනුයේස්වාමීන්වහන්සේගේ ප්‍රේමවන්තයා උන්වහන්සේ වෙත සුරක්ෂිතව වසන්නේය; උන්වහන්සේ දවස මුළුල්ලේ ඔහු ආවරණ කරනසේක, ඔහු උන්වහන්සේගේ උරහිස් අතරේ වාසය කරන්නේයයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 බෙන්ජමින්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා සමිඳුන්ගේ පෙම්වත! එතුමන් කෙරෙහි ඔවුන් සුරැකි ව වසනු ඇත. දවස පුරා සමිඳාණන් ඔහුට රැකවරණය දෙනු ඇත. එතුමන්ගේ රැකවරණය තුළ ඔහු වසනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 බෙන්ජමින්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “එම්බා සමිඳුන්ගේ පෙම්වත! එතුමන් කෙරෙහි ඔවුන් සුරැකි ව වසනු ඇත. දවස පුරා සමිඳාණන් ඔහුට රැකවරණය දෙනු ඇත. එතුමන්ගේ රැකවරණය තුළ ඔහු වසනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 33:12
24 හුවමාරු යොමු  

ඔහු ආසාගේ පෙරමගට ගොස් කථාකොට: ආසා සහ සියලු යූදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන්දෙන්න, නුඹලා ස්වාමීන්වහන්සේ සමඟ සිටින තුරු උන්වහන්සේ නුඹලා සමඟ සිටිනසේක; නුඹලා උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත.


අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත.


උන්වහන්සේ ස්වකීය පියාපතින් නුඹ වසනසේක, නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂාවන්නෙහිය. උන්වහන්සේගේ සත්‍යවාදිකම පලිහක්ය, මහා පලිහක්ය.


මා විසින් අහස පිහිටුවීමටත්, පොළොවේ පදනම් තැබීමටත්: නුඹ මාගේ සෙනඟයයි සියොන්ට කීමටත්, මාගේ වචනය නුඹේ මුඛයෙහි තබා, මාගේ අතේ සෙවණෙහි නුඹ සැඟෙවුවෙමි.


මක්නිසාද මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්ට මම මේක ආවරණය කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා හැරියේය.


ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–සියොන් කන්‍යා දුව නුඹ සුළු කරනවාය, නුඹට සරදම්කරනවාය; යෙරුසලම් දුව නුඹට පස්සෙන් ඉස වනනවාය.


රෙහොබොවම් යෙරුසලමට පැමුණුණ විට, තමාට රාජ්‍යය නැවත ලබාගන්ට ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස ඔහු යූදා වංශයද බෙන්යමින් වංශයද වන තෝරාගත් යුද්ධකාරයන් එක්ලක්ෂ අසූදහසක් රැස්කෙළේය.


රෙහොබොවම් යෙරුසලමට පැමිණි විට, ඉශ්‍රායෙල් වංශයට විරුද්ධව යුද්ධකොට සාලමොන්ගේ පුත්‍රවූ රෙහොබොවම්ට රාජ්‍යය නැවත ගෙනදෙන පිණිස ඔහු මුළු යූදා වංශයද බෙන්යමින් ගෝත්‍රයද වූ තෝරාගත් යුද්ධකාරයන් එක්ලක්ෂ අසූ දහසක් රැස්කෙළේය.


එහෙත් නුඹලා යොර්දානෙන් එතරට ගොස් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට උරුම කරදෙන දේශයෙහි වසන කල්හිද, නුඹලා සුරක්ෂිතව වාසයකරන ලෙස වටකර සිටින නුඹලාගේ සියලු සතුරන්ගෙන් උන්වහන්සේ නුඹලාට විශ්‍රාමය දුන් කල්හිද,


මෙය සදාකල්ම මාගේ නිවාඩු ස්ථානයය. මෙහි වසන්නෙමි; මක්නිසාද ඊට ආශාවීමි.


බෙන්යමින් පුත්‍රයෝ යෙරුසලමේ විසූ යෙබූසිවරුන් පන්නානොදැමූහ. යෙබූසිවරු අද දවස දක්වා බෙන්යමින් පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.


ඒ මැණික් දෙක ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමේ ගල් පිණිස ඒඵොද් සැට්ටයේ උර පටි පිහිටුවන්න. මෙසේ ආරොන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිහිකරවීමක් පිණිස ඔවුන්ගේ නම් තමාගේ දෙඋර පිට දරන්නේය.


බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් කිස්ලොන්ගේ පුත්‍රවූ එලිදාද්ය.


උන්වහන්සේ නුඹේ පියවරුන්ට ප්‍රේමකළ බැවින් ඔවුන්ට පසුව ඔවුන්ගේ වංශය තෝරාගෙන, නුඹට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් නුඹ ඉදිරිපිටින් පන්නාදමා නුඹ ඇතුළට පමුණුවා,


රාජාලියා උගේ කැදැල්ල අවුස්සා, උගේ පැටවුන් පිට තටු ගසමින් උගේ පියාපත් විහිදුවා, උන් අරන් උගේ පියාපත් පිට උසුලන්නාක් මෙන්,


ස්වාමීන්වහන්ස, ඔහුගේ ශක්තියට ආශීර්වාද කොට, ඔහුගේ අත්වල වැඩය පිළිගත මැනව. ඔහුට විරුද්ධව නැගිටින්නන්ද ඔහුට වෛර වෙන්නන්ද තවත් නොනැගිටින ලෙස, ඔවුන්ගේ තුනටියට ගැසුව මැනවයි කීවේය.


ඔබගේ ප්‍රිය තැනැත්තන් මුදනු ලබන පිණිස ඔබගේ දකුණතින් ගළවා අපට උත්තරදුන මැනව.


මෙසේ සාමුවෙල් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයන් ළංකෙරෙවු විට බෙන්යමින් ගෝත්‍රය ගන්නාලද්දේය.


පසුව දාවිත් තමාගේ භාර්යාවවූ බැත්-ෂෙබා සනසා ඈ ළඟට පැමිණ ඈ සමඟ සයනයකෙළේය. ඈ පුත්‍රයෙකු බිහිකළාය, ඔහු සාලමොන් යන නාමය ඔහුට තැබුවේය. ස්වාමීන්වහන්සේ ඔහුට ප්‍රේමකළසේක;


උන්වහන්සේ අනාගතවක්තෘවූ නාතාන් අත කියා හැරියසේක, ස්වාමීන්වහන්සේ නිසා ඔහුට යෙදීදියා යන නම තබන ලද්දේය.


මාගේ ගෘහය අත්හැරියෙමි, මාගේ උරුමය පහකර දැමීමි; මාගේ ආත්මයේ ප්‍රේමවන්තිය ඇගේ සතුරන් අතට භාර දුනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්