ද්විතීය නීතිය 32:22 - Sinhala Revised Old Version මක්නිසාද මාගේ උදහසින් ගින්නක් ඇවිළී, ගැඹුරු පාතාලය දක්වාම දැවී යන්නේය, එයින් පොළොවද ඒකේ අස්වැන්නද විනාශ වන්නේය, කඳුවල අත්තිවාරම්ද දැවී යන්නේය. Sinhala New Revised Version මාගේ කෝපයෙන් ගින්නක් ඇවිළී, පාතාල ලෝකයේ ගැඹුර තෙක් ගොස් දැවී, මිහිතලය අස්වැන්න සමඟ ගිනිබත් වනු ඇත. කඳුවල පදනම් ද දැවෙනු ඇත. Sinhala New Revised Version 2018 මාගේ කෝපයෙන් ගින්නක් ඇවිළී, පාතාල ලෝකයේ ගැඹුර තෙක් ගොස් දැවී, මිහිතලය අස්වැන්න සමඟ ගිනිබත් වනු ඇත. කඳුවල පදනම් ද දැවෙනු ඇත. |
ඔබ කෝපවූ කල ඔවුන් ගිනි උදුනක්මෙන් කරනසේක. ස්වාමීන්වහන්සේ තමන් උදහසින් ඔවුන් නැතිකර දමනසේක, ගින්නද ඔවුන් දවා ලන්නේය.
එබැවින් ශාපයෙන් පොළොව නාස්තිවී, එහි වැසියෝ වරදකාරයෝව සිටිති. ඒ නිසා මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඉතුරුවෙන හැටියට පොළෝ වැසියෝ දවනු ලැබ සිටිති.
මක්නිසාද පුරාණයේ සිට තෝපෙත් ගින්න පිළියෙළකර තිබේ; එසේය, රජුට ඒක සූදානම්කොට ගැඹුරුකර පළල්කර තිබේ. ඒ ගොඩ වනාහි ගිනි සහ දර සෑයක්ය; ගෙන්දගම් ඔයක් වැනි ස්වාමීන්වහන්සේගේ හුස්මට එය ඇවිළීයයි.
මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹ නොදන්න දේශයකදී නුඹේ සතුරන්ට සේවයකරන්ට සලස්වන්නෙමි. මක්නිසාද මාගේ උදහසින් ගින්නක් ඇවිළ තිබේ, ඒක නුඹලා කෙරෙහි ඇවිළෙනවා ඇත.
මා විසින් නුඹට දුන් නුඹේ උරුමයෙන් නුඹ අහක්වන්නෙහිය; නුඹ නොදන්නා දේශයකදී නුඹේ සතුරන්ට සේවයකරන්ට නුඹට සලස්වන්නෙමි; මක්නිසාද නුඹලා මාගේ උදහසින් ගින්නක් දල්වා තිබේ, එය සදාකාලේටම ඇවිළී යනවා ඇත.
යූදාහි මනුෂ්‍යයෙනි, යෙරුසලමේ වැසියෙනි, නුඹලා ස්වාමීන්වහන්සේ උදෙසා චර්මඡේදිතවී, නුඹලාගේ සිත්වල චර්මාග්‍රය පහකරන්න. නැත්නම් නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගිනි මෙන් නික්ම කිසිවෙකුට නිවන්ට බැරිලෙස ඇවිළෙනවා ඇත.
ස්වාමීන්වහන්සේ අනුකම්පා නොකොට, යාකොබ්ගේ සියලු වාසස්ථාන නටබුන්කළසේක; උන්වහන්සේ තමන් කෝපයෙන් යූදා දුවගේ බලකොටු බිඳහෙළූසේක; ඒවා බිමටම ගෙනාසේක. උන්වහන්සේ රාජ්‍යයද එහි අධිපතීන්ද කෙලහූසේක.
උන්වහන්සේ බලවත් උදහසෙන් ඉශ්‍රායෙල්ගේ අඟ සහමුලින් සිඳ දැමූසේක; තමන්ගේ දකුණත සතුරා ඉදිරියෙන් පස්සට ඇදගත්සේක. වටකරින් නාස්තිකරන ඇවිළෙන ගින්නක් මෙන් උන්වහන්සේ යාකොබ් දැවූසේක.
උන්වහන්සේ සතුරෙකු මෙන් තමන් දුන්න තැත්කැවූසේක, එදිරිකාරයෙකු මෙන් සිය දකුණත ඔසවා, ඇසට ප්‍රියවූ සියල්ලන් නැසූසේක. සියොන් දුවගේ කූඩාරමෙහි ගින්නක් මෙන් තමන් කෝපය වැගිරෙවුසේක.
ස්වාමීන්වහන්සේ තමන් කෝපය තීන්දුවට ඉෂ්ටකොට, තමන් බලවත් උදහස වැගිරෙවුසේක; සියොන්හි ගින්නක් ඇවුළූසේක, එයින් එහි අත්තිවාරම් දාගියේය.
නුමුත් ඈ කෝපය කරණකොටගෙන උදුරනු ලැබ, බිමට හෙළනු ලැබුවාය, ඇගේ ඵල නැගෙනහිර සුළඟට වියළී ගියේය. ඇගේ සවි ඇති දඬු කැඩී වියළී ගින්නෙන් දාලාගියේය.
එසේවූ බැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ දේශය කොල්ලයක් කොට උඳුරාගන්න පිණිස මුළු සිතේ සන්තෝෂයෙන්ද ආත්මයේ උඩඟුකමින්ද ඒක තමුන්ට උරුමයක් කොට නියමකරගත් ඉතුරු ජාතීන්ටත් මුළු ඒදොම්ටත් විරුද්ධව සැබෑවටම මාගේ ජ්වලිත ගින්නෙන් මම කථාකෙළෙමි.
මක්නිසාද මාගේ කෝපයෙන්ද මාගේ උදහස් ගින්නෙන්ද මෙසේ කියමි: සැබවින්ම ඒ කාලයේදී ඉශ්‍රායෙල් රටෙහි මහත් කම්පාවක් වන්නේය;
එසේ නුඹලාගේ ශක්තිය නිකරුණේ වියදම්වන්නේය. මක්නිසාද නුඹලාගේ දේශය එහි වර්ධනය නොදෙන්නීය, දේශයේ ගස්ද ඵල නොදෙන්නේය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මට මෙසේ පෙන්නූසේක: බලව, ගින්නෙන් ප්‍රතිඵලදීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ අඬගැසූසේක. ඊට මහත් ගැඹුර සහ භූමි කොටසක් දාගියේය.
උන්වහන්සේ යට කඳු දියවන්නේය, ගින්න ඉදිරියෙහි ඉටි මෙන්ද පල්ලමක වගුරුවන වතුර මෙන්ද මිටියාවත් පැළෙන්නේය.
ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී ඔවුන්ගේ රිදී නිසාවත් ඔවුන්ගේ රන් නිසාවත් ඔවුන්ට ගැළවෙන්ට නුපුළුවන; උන්වහන්සේගේ ජ්වලිත ගින්නට මුළු දේශය විනාශවන්නේය. මක්නිසාද උන්වහන්සේ දේශයේ වසන සියල්ලන් පිටට අන්තිමයක්, එනම් භයානක අන්තිමයක්, පමුණුවනසේක.
එබැවින් කොල්ල ගැනීමට මා නැගිටින දවස දක්වා මා ගැන බලාසිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මාගේ නියමය නම් ජාතීන් රැස්කොට, රාජ්‍යවල් එකතු කොට, මාගේ කෝපය වන මාගේ මුළු බලවත් උදහස ඔවුන් කෙරෙහි වැගිරවීමය; එසේය, මාගේ ජ්වලිත ගින්නෙන් මුළු පොළොව විනාශවන්නේය.
මෙසේ ඔව්හුද ඔවුන්ට අයිති සියල්ලෝද පණපිටින් පාතාලයට කිඳා ගියෝය. පොළොව ඔවුන් වසාගත්තාය, එසේ ඔව්හු සභාව අතරෙන් විනාශ වූවෝය.
තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පුකළ දෙසිය පනස්දෙනා දවාදැමීය.
ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශකරන්ට පුළුවන් තැනන්වහන්සේටම භයවෙන්න.
නුඹේ ඇස ඔබට බාධා කෙරේ නම් ඒක උගුළා අහක දමන්න. ඇස් දෙකක් ඇතුව නිරාගින්නට හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතුව ජීවනයට පැමිණීම නුඹට යහපත.
ස්වාමීන්වහන්සේ ඔහුට කමානොවනසේක, ස්වාමීන්වහන්සේගේ උදහස සහ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව ඇවිළෙන්නේය. මේ පොතෙහි ලියා තිබෙන මුළු ශාපයද ඔහු පිට පිහිටන්නේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ නාමය අහස යටින් මකාදමා,
නුඹලාට දුක්දෙන්නන්ට දුකද දුක්විඳින නුඹලාට අප සමඟ සහනයද දීම දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවූ කාරණයක්ය.