ඔහු වෙඬරු හා කිරිද පිළියෙළකළ වස්සාද ගෙනවුත් ඔවුන් ඉදිරියෙහි තබා ගස යට ඔවුන් ළඟ සිටියේය; ඔව්හුද කෑවෝය.
ද්විතීය නීතිය 32:14 - Sinhala Revised Old Version දීකිරිවලින් සහ බැටළු කිරිවලින්ද බැටළුපැටවුන්ගෙත් බාෂාන්හි බැටළුවන්ගෙත් එළුවන්ගෙත් තෙලින්ද තිරිඟු ඇටවල තරකමින්ද ඔහු පෝෂණය කළසේක; මුද්‍රික ඵලවල ලේ වන පානයද නුඹ බීවෙහිය. Sinhala New Revised Version දී කිරෙන් හා බැටළු කිරෙන්, බාෂාන්හි එළු බැටළු තෙලින්, හොඳ ම තිරිඟු පිටිවලින්, පැසුණු ඉස්තරම් මිදියුසින්, ඔවුන් පෝෂණය කළ සේක. Sinhala New Revised Version 2018 දී කිරෙන් හා බැටළු කිරෙන්, බාෂාන්හි එළු බැටළු තෙලින්, හොඳ ම තිරිඟු පිටිවලින්, පැසුණු ඉස්තරම් මිදියුසින්, ඔවුන් පෝෂණය කළ සේක. |
ඔහු වෙඬරු හා කිරිද පිළියෙළකළ වස්සාද ගෙනවුත් ඔවුන් ඉදිරියෙහි තබා ගස යට ඔවුන් ළඟ සිටියේය; ඔව්හුද කෑවෝය.
ඔහු තමාගේ කොටළු පැටවා මුද්‍රික වැලේද තමාගේ කොටළු වස්සා සාරවූ මුද්‍රික වැලේද බඳිමින් තමාගේ වස්ත්‍ර මුද්‍රිකපානයෙන්ද තමාගේ සළුව මුද්‍රික යුසයෙන්ද සේදුවේය.
මීපැණි, වෙඬරු, බැටළුවන්, එළ දීකිරි යන මේවා දාවිත්ටත් ඔහු සමඟ සිටි සෙනඟටත් ගෙනාවෝය. මක්නිසාද: සෙනඟ කාන්තාරයෙහි බඩගිනිව වෙහෙසව පිපාසාව සිටිත්යයි ඔව්හු කීවෝය.
ඔව්හු පවුරු ඇති නුවරවල්ද සාරවූ රටක්ද අල්ලාගන, සියලු ආකාර හොඳ දේවලින් පිරී තිබුණු ගෙවල්ද හෑරූ තටාකද මිදි වතුද ඔලීව වතුද ඵලදෙන බොහෝ ගස්ද හිමිකරගන, කා තෘප්තියට පැමිණ තරවී, ඔබගේ මහත් යහපත්කම කරණකොටගෙන සැපෙන් පසුවූවෝය.
එසේ වී නුමුත් ඔව්හු අකීකරුව ඔබට විරුද්ධව කැරළිගසා, ඔබගේ ව්‍යවස්ථාව තමුන් පිටිපස්සට දමා, ඔබ වෙතට ඔවුන් හරවාගන්ට ඔවුන්ට අවවාදකළ ඔබගේ ප්‍රොපේතවරුන් මරා, මහත් දේව අපහාසයන් කළෝය.
උන්වහන්සේ ඉතා හොඳ ගෝධුමයෙන් ඔවුන් පෝෂණය කරනසේක. පර්වතයෙන් ගත් මීපැණියෙන් මම නුඹ තෘප්තියට පමුණුවන්නෙමි.
තෙපි බලවතුන්ගේ මාංස කන්නහුය, පොළොවේ අධිපතීන්ගේද බැටළුවන්ගේද බැටළු පැටවුන්ගේද එළුවන්ගේද ගවයන්ගේද ලේ බොන්නහුය, උන් සියල්ලෝම බාෂාන්හි තර සත්තුය.
මනුෂ්‍ය ලනුවලින්ද ප්‍රේමයේ බැඳුම්වලින්ද ඔවුන් ඇදගතිමි; ඔවුන්ගේ කම්මුල් පිට තිබුණු වියගහ උස්සන්නන් මෙන් මම ඔවුන් උදෙසා සිට, ඔවුන් ඉදිරියෙහි කෑම තැබීමි.
සමාරියේ කඳුකරයෙහි සිටින බාෂාන්හි එළදෙන්නුනි, මේ වචනය අසන්න; නුඹලා දුප්පතුන්ට පීඩාකර දිළිඳුන්ට බලාත්කාරකරන්නහුය; අපට බොන්ට ගෙනෙන්නැයි නුඹලාගේ ස්වාමිවරුන්ට කියන්නහුය.
කර්මෙල් තුළ වනයෙහි වෙන්ව වසන්නාවූ ඔබගේ සෙනඟ වන ඔබගේ උරුමයවූ බැටළු රැළ ඔබගේ සැරයටියෙන් පාලනයකළ මැනව. බාෂාන්හිද ගිලියද්හිද පුරාණයේ දවස්වල මෙන් ඔව්හු පෝෂ්‍යවෙත්වා.
තෙල්වලින් උතුම්වූ කොටසද මුද්‍රික යුසයෙන් හා ධාන්‍ය වලින් උතුම්වූ කොටසද වන ඔවුන් ස්වාමීන්වහන්සේට දෙන්නාවූ දේවල ප්‍රථම ඒවා මම නුඹට දුනිමි.
සියලු දේ පුරාම තිබෙද්දී නුඹ ප්‍රීතියෙන්ද සිත් සන්තෝෂයෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවය නොකළ නිසා,
නුවරින් පිටත මිදිපැස පාගනලද්දේය, එවිට පර්ලොං එක්දහස් හසියයක් පමණ දුර අශ්වයන්ගේ කටකලියා දක්වා මිදිපැසෙන් ලේ පිටවුණේය.