Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 17:29 - Sinhala Revised Old Version

29 මීපැණි, වෙඬරු, බැටළුවන්, එළ දීකිරි යන මේවා දාවිත්ටත් ඔහු සමඟ සිටි සෙනඟටත් ගෙනාවෝය. මක්නිසාද: සෙනඟ කාන්තාරයෙහි බඩගිනිව වෙහෙසව පිපාසාව සිටිත්යයි ඔව්හු කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 මී පැණි, කේජු, බැටළුවන් සහ එළ දීකිරි යන මේවා දාවිත්ටත්, ඔහු සමඟ සිටි සෙනඟටත් ගෙනාවෝ ය. ඔවුන් එසේ කෙළේ, “සෙනඟ පාළුකරයේ බඩගිනි ව, වෙහෙස ව, පිපාසිත ව සිටිති”යි දැන සිටි බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 මී පැණි, කේජු, බැටළුවන් සහ එළ දීකිරි යන මේවා දාවිත්ටත්, ඔහු සමඟ සිටි සෙනඟටත් ගෙනාවෝ ය. ඔවුන් එසේ කෙළේ, “සෙනඟ පාළුකරයේ බඩගිනි ව, වෙහෙස ව, පිපාසිත ව සිටිති”යි දැන සිටි බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 17:29
15 හුවමාරු යොමු  

මේවා මොකටදැයි රජ ශීබාගෙන් ඇසුවේය. ශීබාද: කොටළුවන් රජ්ජුරුවන්ගේ පවුලට නැගීයන්ටත් රොටි හා ඉඳිඵල යෞවනයන්ට කන්ටත් මුද්‍රිකපානය කාන්තාරයේදී වෙහෙසෙන්නන්ට බොන්ටත්යයි කීවේය.


තේමා දේශයේ වැසියෝ පිපාසා ඇත්තාගේ පෙරමගට වතුර ගෙනාවෝය, පලායන අය වෙතට කෑම රැගෙන ආවෝය.


රජද තමා වෙත සිටි මුළු සෙනඟ සමඟ වෙහෙසව ඇවිත් එහි විඩා සන්සිඳුවාගත්තේය.


ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න.


හෙරොද්ගේ ගබඩාකාරවූ කුසාගේ භාර්යාවූ යොවන්නාද සූසානාද තමුන්ගේ වස්තුවෙන් උන්වහන්සේට උපස්ථාන කළවෙනත් බොහෝ ස්ත්‍රියෝද සිටියෝය.


බඩගිනි ඇත්තන්ට නුඹේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් නුඹ විසින් නුඹේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, නුඹේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද?


මක්නිසාද දෙවිවූ ස්වාමීන්වහන්සේ සූර්යයෙක්ය, පලිහක්ය. ස්වාමීන්වහන්සේ අනුග්‍රහයත් මහිමයත් දෙනසේක. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් කිසි යහපතක් නොවලක්වනසේක.


ඔහු වෙහෙසව අත්හෙළා සිටියදී මම ඔහුට විරුද්ධව පැමිණ ඔහු භයගන්වන්නෙමි. එවිට ඔහු සමඟ සිටින මුළු සෙනඟ පලායනවා ඇත; මම රජුට පමණක් පහරදී,


ඔවුන්ගේ සහස්‍රාධිපතියාට මේ කේජුගෙඩි දහයද ගෙනගොස්, නුඹේ සහෝදරයන්ගේ සැපසනීප කොහොමදැයි බලා, ඔවුන්ගේ තොරතුරු දැනගෙන එන්නැයි කීවේය.


දවස මුළුල්ලේ ගිජුලෙස ආශාවන්නෙක් ඇත; එහෙත් ධර්මිෂ්ඨයා නොවලක්වා දෙන්නේය.


සයින් පීඩිතව පිපාසිතව, ඔවුන්ගේ ආත්මය ඔවුන් තුළ ක්ලාන්තවිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්