Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 18:8 - Sinhala Revised Old Version

8 ඔහු වෙඬරු හා කිරිද පිළියෙළකළ වස්සාද ගෙනවුත් ඔවුන් ඉදිරියෙහි තබා ගස යට ඔවුන් ළඟ සිටියේය; ඔව්හුද කෑවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 තවද, ආබ්‍රහම්, වෙඩරු හා කිරි ද, පිසින ලද වහු මස් ද ගෙන ආගන්තුකයන් ඉදිරියෙහි තැබී ය. ඔවුන් ඒවා වළඳන විට ඔහු ද ගස යට ඔවුන්ට සමීප ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 තවද, ආබ්‍රහම්, වෙඬරු හා කිරි ද, පිසින ලද වහු මස් ද ගෙන ආගන්තුකයන් ඉදිරියෙහි තැබී ය. ඔවුන් ඒවා වළඳන විට ඔහු ද ගස යට ඔවුන්ට සමීප ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 18:8
17 හුවමාරු යොමු  

නුමුත් ඔහු ඔවුන්ට බොහෝසේ පෙරැත්තකළ නිසා ඔව්හු ඔහු වෙතට හැරී ගොස් ඔහුගේ ගෙට ඇතුල්වූවෝය; එවිට ඔහු මුහුන් නුමුසු රොටි පුළුස්සා ඔවුන්ට කෑමක් පිළියෙළ කෙළේය, ඔව්හුද කෑවෝය.


මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.


මක්නිසාද, සහෝදරයෙනි, නුඹලා නිදහස්කමට කැඳවනු ලැබුවහුය; එහෙත් නුඹලාගේ නිදහස මාංසයට ප්‍රස්තාවක් පිණිස ව්‍යවහාර නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවයකරන්නෝ වෙන්න.


නුමුත් මුළු සෙනඟට නොව, දෙවියන්වහන්සේ විසින් කලින් තෝරාගන්නාලද සාක්ෂිකාරයන් වන, උන්වහන්සේ මළවුන්ගෙන් නැගුටුණු පසු උන්වහන්සේ සමඟ කෑවාවූ බීවාවූ අපටමය.


එබැවින් ඔව්හු උන්වහන්සේට එහි කෑමක් පිළියෙළ කළෝය. මාර්තා උපස්ථානකළාය; එහෙත් ලාසරුස් උන්වහන්සේ සමඟ කෑමට හිඳගත්තවුන්ගෙන් එක්කෙනෙක් වූයේය.


උන්වහන්සේ එය රැගෙන ඔවුන් ඉදිරියෙහි කෑසේක.


තවද උන්වහන්සේ ඔවුන් සමඟ කෑමට වාඩිවූ කල්හි, රොටි රැගෙන ආශීර්වාදකොට කඩා ඔවුන්ට දුන්සේක.


එසේ නොව: මට කෑම බීම පිළියෙළකොට, ඉඟටිය බැඳ, මා විසින් කනබොන තුරු මට උපස්ථානකරන්න, ඉන්පසු කන්න බොන්නැයි කියන්නේ නැද්ද?


ස්වාමියා එන කල දාසයන් අවදිව සිටිනවා ඔහු දුටුවොත්, ඔව්හු වාසනාවන්තයෝය. සැබවක් නුඹලාට කියමි–ඔහු තමාගේ ඉඟටිය බැඳගෙන, ඔවුන් කෑමට හිඳුවා, ඇවිත් ඔවුන්ට උපස්ථානකරන්නේය.


ඒ දවසේ පූජකයන්ටත් ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියමවූ කොටස් නුවරවල කෙත්වල හැටියට ගබඩා ගෙවල්වල රැස්කර තබන පිණිස ඒවා කෙරෙහි එසවීම් පූජාද ප්‍රථම ඵලද ඔතුද සම්බන්ධව මනුෂ්‍යයෝ පත්වුණෝය. මක්නිසාද සේවයකරමින් සිටි පූජකයන්ද ලෙවීවරුන්ද ගැන යූදාවරු සන්තෝෂවූවෝය.


මානෝවා ස්වාමීන්වහන්සේගේ දූතයාට කථාකොට: අප විසින් ඔබට එළුපැටවෙකු පිළියෙළකරන තුරු ඔබ ප්‍රමාදකරගන්ට අපට අවසර ලැබේවයි කීවේය.


ඔහු වතුර ඉල්විය, ඈ කිරි දුන්නාය; ඈ උත්කෘෂ්ට තැටියක ඔහු වෙත වෙඬරු ගෙනාවාය.


දීකිරිවලින් සහ බැටළු කිරිවලින්ද බැටළුපැටවුන්ගෙත් බාෂාන්හි බැටළුවන්ගෙත් එළුවන්ගෙත් තෙලින්ද තිරිඟු ඇටවල තරකමින්ද ඔහු පෝෂණය කළසේක; මුද්‍රික ඵලවල ලේ වන පානයද නුඹ බීවෙහිය.


ආබ්‍රහම් ගව රැළට දිවගොස් ළපටි හොඳ වස්සෙකු ගෙනවුත් මෙහෙකරුවාට දුන්නේය; ඔහු ඌ ඉක්මනින් පිළියෙළකෙළේය.


නුඹේ භාර්යාවවූ සාරා කොතැන්හිදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය.


ඔහු නපුර එපාකොට යහපත තෝරාගන්ට දැනගන්නා කල, දීකිරිත් මීපැණිත් කන්නේය.


මක්නිසාද දේශයෙහි ඉතුරු වෙන සියල්ලෝම දීකිරි සහ මීපැණිත් කන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්